22 Bullets (2010) Sinhala Subtitle
ප්‍රසිද්ධ පාතාල නායකයකු වන චාලී මතෙයි (jean reno) තමන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් අතහැර නිදහසේ ජීවත් වීමට තීරණය කර තමන්ගේ ව්‍යාපාර කුඩාකල සිටම තමන් සමඟ සිටි හොඳම මිතුරන් දෙදෙනාට විකුණා දමා තමන්ගේ අඹු දරුවන් සමඟ කාලය ගත කරයි.
එහෙත් වැඩිකල් නොගොස්ම අතීතය තමන්ට එසේ නිදහසේ ජීවත් වීමට නොදෙන බව ඔහුට වටහා දෙමින් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඔහුට වෙඩි වර්ෂාවක් එල්ල කර ඔහුව මරා දැමීමට උත්සාහ කරයි. එහෙත්, වෙඩි උණ්ඩ 22ක් තමන්ගේ සිරුර සිදුරු කලද ඔහු මිය යන්නේ නැත. තමන්ගේ අඹුදරුවන්වද ආරක්ෂා කරගනිමින් ඔහු තමන්ව ඝාතනය කිරීමට පැමිණියවුන් සොයායන ත්‍රාසජනක මෙහෙයුම මෙම සිනමාපටය පුරාවට දිවයයි. පුරා පැය 1යි විනාඩි 57ක් පුරා ඔබේ දෑස් තිරය මත රඳවාගන්නට සමත් මෙම ප්‍රංශ සිනමාපටය IMDB අගය 6.7ක් ලබා ගැනීමට සමත් වී ඇත.
” සතුරාට වඩා මිතුරා භයානක විය හැකිය”
මෙහිද නිරුවත් දර්ශන ඇතුලත් නැත…
Spoiler Warning : A retired mobster goes on a revenge spree after his childhood friend shoots him many times…
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
Thank You Bro!.subzlk eken gaththa 1 weni sub eka. jaya wewa!
බොහොම ස්තුතියි මේ සිංහල උපසිරැසි වලට. මේ චිත්‍රපටිය මට ලැබිල ගොඩක් කල් වෙනවා. මේකේ කතාව හිතට අල්ලපු නිසා ඉඩයක් ලැබුන වෙලාවක මේකට සිංහල උපසිරැසි හදන්නයි හිතාගෙන හිටියේ. කොහොමහරි දැන් ‘හසිත ප්‍රසාද්’ සහෝදරයා සිංහල උපසිරැසි ලබා දීල තියනවා මේ චිත්‍රපටියට. හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න කියල. ඒ වගේම තමයි subzlk වෙබ් අඩවියට ආපු පලවෙනි දවස මේ. වාණිජ අරමුණු වලින් එහාට ගිහින් ලාංකීය සිංහල ජනතාවගේ උසස් රසවින්දනය වෙනුවෙන් subzlk අඩවිය කටයුතු කරාවි කියල බලාපොරොත්තු වෙනවා. subzlk වෙබ් අඩවියට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා!
ස්තුතියි සහෝ.. ඇනිමේෂන් ෆිල්ම් ටිකක් කරනවද.. ලොකු පොඩි හැමෝම ඇනිමේෂන් බලන්න ආස නිසා
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය !