Lu Over the Wall (2017) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරැසි අරන් , චිත්‍රපටය ජපන් නිර්මාණයක්, නම තමයි Yoake tsugeru Rû no uta. ඉංග්‍රීසියෙන්නම් Lu Over The Wall (2017).මේ චිත්‍රපටයෙ බ්ලූරේ පිටපත් නිකුත්වෙලා දැන් ටික කාලයක් වගේම මමත් මේක බැලුවා ඒ දවස්වලම වගේ, කොහොමවුණත් ඒ වෙනකොට මේකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නැති නිසා අසාලිවීමක් විදියට හෙමින් හෙමින් උපසිරැසිය කරල ඉවරකරගත්තෙ අදයි ඔන්න සති තුනකට විතර පස්සෙ. මේ ලිපිය ලියන අදටත් ( 2018/09/15) මේ චිත්‍රපටයට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් නෑ. ඒ වගේම කියන්න ඕනෙ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නෙ. හරි දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..
මසාකි යුආසාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මෙහි ජපන් පිටපත් රචනය රීකෝ යොෂීඩාගෙන් සහ අධ්‍යක්ෂ මසාකි යුආසාගෙන්. ඉංග්‍රීසි පිටපතස්ටෙෆනි ෂේ සහ ඇමැන්ඩා සෙලීන් මිලර්ගෙන්. එ වගේම ලබා ඇති Imdb අගය ගැන කිව්වොත් 6.9ක් විදියට තමයි මේ වෙනකොට සටහන් වෙන්නෙ.ඊට අමතරව Rotten Tomatosවෙතින් 76%ක අගයකුත් ගූගල් පරිශීලකයන් 93%ක ප්‍රසාදයත් ලබාගෙන තියනවා. ඒ වගේම සම්මාන දෙකකට නිර්දේශව එයින් එකක් දිනාගන්නත් මෙය සමත්කම් දක්වා තිබෙනවා. හරි දැන් අපි යමු කතාව පැත්තට…
මෙහි කතාව දිවෙන්නේ හිනාෂි නම් හුදෙකලා ජපන් ධීවර නගරයක් වටා. මේ නගරය වටා තිබෙන කලපුව කාලයක් දියකිඳුරන්ගේ වාසභවනක්ව තිබුණ බවටත් පුරාවෘත්ත රැසක් තියනවා, ඒ නිසාම කාලයක් සංචාරක ආකර්ශණයක්ව තිබුණු නගරය දැන් තියෙන්නෙ බොහොම හුදෙකලාව.මේ දිය කිඳුරන් මිනිසුන්ව ආහාරයට ගෙන ජීවත්වෙන බවට නගරයේ ජනතාව විශ්වාස කිරීම නිසා ඔවුන් දියකිඳුරන්ට නගරයට පැමිණය නොහැකි ලෙස විශාල පවුරක්ද ඉදිකරතිබෙනවා.
කායි කියන්නෙ තෝකියෝ නුවර පදිංචිව සිටි පාසල් දරුවෙක්, කොහොමහරි ඔවුන්ගේ පවුලේ යම් ගැටළුවක් නිසා ඔහු සහ පියා මේ හිනාෂි නගරයේ පදිංචියට එනවා, මොකද කායිගෙ සීය ඉන්නෙ මේ හිනාෂි නගරයේ. කායි කියන්නෙ සංගීතයට බොහොම ලැදි දක්ෂ සංගීතකරුවෙක් වගේම පාඩුවේ ඉන්න කැමති ලැජ්ජකාරයෙක්. කොහොමවුණත් මේ පදිංචිය වෙනසත් එක්ක කායි ඉන්නෙ බොහොම කලකිරීමකින්, අනිත් කාරණය පාසල වෙනස්වීම. පාසලේදී කායිට හමුවෙනවා මිතුරෙක් සහ මිතුරියක්,ඔවුන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා,කායිත් සංගීතයට දක්ෂයෙක් බව දන්න මේ අය කායිට ආරාධනා කරනවා තම සංගීත කණ්ඩායමට එකතු වෙන ලෙස. මුලින්ම කායි ඒකට කැමැත්තක්
නොදැක්කුවත් පස්සෙ අකමැත්තෙන් වුණත් එකතුවෙනවා, ඔන්න එතෙන්දි තමයි මේ අයට හමුවෙන්නෙ අපූරු මිතුරියක්…එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ නරඹන ඔබට බාරයි.මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
sub ekata thanks saho
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
ජයශ්‍රී….
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
thanks bro