Trending

War of the Worlds (2005) Sinhala Subtitle

7 Views

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල තවත් උපසිරැසියක්. මම ඇත්තටම මේ චිත්‍රපටය බලල තිබුණෙ නෑ මීට කලින්, ඉතින් මේ වගේ අපූරු චිත්‍රපටයක් ගැන දැනුම්දුන්නටත්, එහි උපසිරැසිය කිරීම බාරදුන්නටත් කවීෂට බොහොම ස්තූතියි. චිත්‍රපටය තමයි බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G වෙල්ස් මහතා 1897 වර්ෂයේදී ප්‍රකාශයට පත්කල The War of The Worlds විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් නිර්මාණය කර 2005 වසරේදී තිරගත වූ War of the Worlds චිත්‍රපටය. ඔබ හැමෝම දන්නවා මෙය පිටසක්වල ජීවී ආක්‍රමණයක් ගැන ලියවුණ පොතක් .ඇත්තටම මෙය මින් පෙර ගුවන් විදුලියට සිනමාවට සහ රූපවාහිනී තිරයට නැගී තිබෙනවා. පිළිවෙලින් ගත්තොත් මෙහෙමයි.

The War of the Worlds ගුවන් විදුලි නාට්‍යය (1938)

The War of the Worlds හොලිවුඩ් චිත්‍රපටය (1953)

The War of the Worlds ගුවන් විදුලි නාට්‍යය ( 1968)

The War of the Worlds: Next Century පෝලන්ත චිත්‍රපටය (1981)

War of the Worlds රූපවාහිනී කතාමාලාව (1988-1990)

චිත්‍රපටය පැත්තට යන්න කලින් අපිට කතාව පටන්ගන්න වෙන්නෙ නවකතාව ලිව්ව H.G වෙල්ස් මහතාගෙන් සහ එය ලියැවුණ කාලසමයෙන් ඒ කියන්නෙ 1897 කාල සමයේ එනම් 19වන ශතවර්ෂයේ අගභාගයේ ( වික්ටෝරියානු සමය). මේ කාලයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොවම තමන්ගෙ ග්‍රහණයට අරගෙන තිබුණ කාලෙ. H.G වෙල්ස් මහත්මය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුණත් ඔහු මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය දැඩිව පිළිකුල් කල අයෙක්. පොත ලිවීමට වසර කීපයකට පෙර බ්‍රිතාන්‍යයන් විසින් කල ඕස්ට්‍රේලියාවෙ මුල් පදිංචිකරුවන් වූ ඇබොරිජීන්වරුන් සමූල ඝාතනයක් ඔහුව දැඩිව කම්පනයට පත් කරල තියනවා. මේ නිසා තමන්ගේ වාසභූමිය තමන්ට වඩා බලවත් දරුණු පිරිසකගේ ග්‍රහණයට පත්වී, තමන් ඔවුන් අතින් වඳවයාම මොන වගේද කියලත් , කොතරම් බලවතෙක් වුණත් ස්වභාව ධර්මය ඉදිරියේ දිනෙක පරාජය ලබන බවත්, තමන්ගේ නොවන බිමක කිසිදා මුල්බැසගත නොහැකි බවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ව්‍යංගයෙන් පෙන්වීම තමයිලු මේ විද්‍යා ප්‍රබන්ධය ලිවීමෙන් ඔහුගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ. හරි දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…

මේ 2005 වසරේ War of The Worlds චිත්‍රපටයේ විශේෂත්වය තමයි මෙහි අධ්‍යක්ෂවරයා මේ පිටසක්වල චිත්‍රපටවලට නම් දරපු ස්ටීවන් ස්පිල්බර්ග් මහතා වීම. ඒ වගේම මෙහි මුල් චිත්‍රපට වගේම මෙයත් නවකතාවේ සඳහන් කාල සමය වෙනස් කරමින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඔස්කා සම්මාන ත්‍රිත්වයකට නිර්දේශව වෙනත් සම්මාන 16කට හිමිකම් ලබා ගැනීමට සමත් වූ මෙය ලබා ඇති Imdb අගය 6.5ක්. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 75%ක අගයකුත් මෙට්‍රාක්‍රිටික් වෙතින් 73%ක අගයකුත් ලබාගන්නට සමත් වී තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ ක්‍රියාදාම නළු ටොම් කෲස් ( රේ ෆෙරියර්) , ඩැකෝටා ෆැනින් ( රේචල් ෆෙරියර්), මිරැන්ඩා ඔටෝ ( මේරි ඈන්), ජස්ටින් චැට්වින්( රොබී), ටිම් රොබින්ස් ( හාලන් ඔගිල්වි) වගේ පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

රේ ෆෙරියර්, වෘතියෙන් වරාය සේවකයෙක් වගේම කාර්මිකයෙක්. විවාහක දෙදරු පියෙක් වන ඔහු මේ වනවිට බිඳ වන මේරි ඈන්ගෙන් වෙන්වලයි ඉන්නෙ. ඇය වෙනත් විවාහයක් කරගෙන ඇති අතර සතියකට වරක් තමයි දරුවන්ව දකින්න ලැබෙන්නෙ රේට. රේගේ අමුතු ගති පැවතුම් නිසා දරුවන් වන රොබී සහ රේචල් රේට ඒ තරම් කැමති නෑ, නමුත් සතියකට වරක් පියා ලඟ නැවතීම හැරෙන්න ඔවුන්ට වෙන විකල්පයකුත් නෑ. මේ වගේ සති අන්තයක දරුවන් රේ ලඟට ඇරලවන මේරි ඈන් තම සැමියා සමග බොස්ටන්වල තම මහගෙදර යාමට පිටත්වෙනවා. රේ තම දරුවන් සමගින් කාලය ගත කරන අතරේ පෘතුවියට තර්ජණයක් එල්ල වෙනවා ඈත එපිට අභ්‍යවකාශයේ සිට. දරුවන් දෙදෙනාද සමග රේ මොනවා කරයිද?එය නරඹන ඔබට බාරයි, මම ගිහින් එන්නම් ලඟදීම හමුවෙමු තවත් උපසිරැසියකින්.

විශේෂ :-
* රේචල් නිදිකරවන්නට රේ ගයන Little Deuce Coupe ගීතය මේක ඇත්තටම ඉතාම අපූරු තැනක් චිත්‍රපටයේ ,මොකද මේ චිත්‍රපටයෙ විදියට රේ ඉතාම අසාර්ථක පියෙක්. දරුවන් දෙදෙනා සහ ඔහු අතර තියෙන්නෙ යම් දුරස් බවක්. එතනිනුත් ඔහුට වැඩියෙන්ම කිට්ටු දියණිය රේචල් විතරයි. ඇය මේ පිටසක්වල ආක්‍රමණයේ පීඩාවෙන් සහ තම ——- නොමැති ශෝකයෙන් ඉන්න අතරෙ ඇය රේට කියනවා නැළවිලි ගීයක් ගායනා කරන්න, නමුත් දැඩි රථවාහන ලෝලියෙක් සහ කාර්මිකයෙක් වෙච්ච ඔහු දන්නෙ නෑ එවන් ගීයක්. ඔහු එතනදි ගායනා කරන්නෙ මේ ලිට්ල් ඩෙයුස් කූප් ගීතය. එය එතනට නොගැලපෙන බව බැලූ බැල්මටම පෙණුනත් ඔහු තම දියණිය මේ ඩෙයුස් කූපයට සමාන කරන ආකාරය හරිම ලස්සණයි. දැන් අපි බලමු මොකද්ද මේ ඩෙයුස් කූප් කියන්නෙ කියල. ඩෙයුස් කූප් කියන්නෙ 1932 වසරේ ෆෝඩ් මෝටර් රථ සමාගමෙන් නිර්මාණය කල ෆෝඩ් කූප් ( දොර දෙක ස්පෝට්ස් මාදිලි) රථයට පටබැඳුණ නමක්. මෙය එකල ඉතාම මිලෙන් අඩු නමුත් බලසම්පන්න V-8 එන්ජිමකින් සමන්විත වූ ඒ නිසාම වීදි ධාවන තරඟවල ජනප්‍රිය වූවක්. මේ වාහනය ඇසුරින් සුප්‍රකට බීච් බෝයිස් සංගීත කණ්ඩායම ගීතයක් නිර්මාණය කරනවා “Little Deuce Coupe” නමින් , ඒක තමයි රේ අර ගායනා කරන්නෙ. ගීතය පිටිපස්සෙ විශේෂ කතාවකුත් තියනවා, නමුත් මම හිතන්නෙ ඒක මෙතනට එච්චර වැදගත් නෑ. කොහොමහරි මේ ගීතය තුල මේ වාහනයේ සියලුම විශේෂාංග ඇතුලත්. ගීතය ඕනෙ අයට මෙන්න ඒක 

* මෙහි කඩාවැටුණ ගුවන් යානය ලෙස භාවිතා කර තිබෙන්නෙ භාවිතයෙන් ඉවත් කල සැබෑම බෝයිං-747 යානයක්ලු.

* මෙහි මේරි ඈන් චරිතයට ආරාධනාව ලැබෙද්දී නිළි මිරැන්ඩා ඔටෝ සිට ඇත්තෙ ගර්භනීවයි. ඒ නිසා ඇය චරිතය ප්‍රතික්ෂේප කර තිබුණත් ස්ටීවන් ස්පිල්බර්ග් වහාම පිටපතේ තිබූ මේරි ඈන් චරිතය ගර්භනීව සිටින්නියක් ලෙස වෙනස් කර ඇයටම එම චරිතය ලබාදී තිබෙනවා.

* මෙහි තිර පිටපත ලියන ලෙස මුලින්ම බාරදෙන්නට අදහස් කර තිබෙන්නේ ජේ. ජේ ඒබ්‍රම්ස්ට වුනත් ඔහු ඒ වනවිට LOST කතාමාලාව සමග කාර්යබහුලව සිටි බැවින් පසුව පිටත ලිවීම බාරවෙනවා ඩේවිඩ් කෝප් හට.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 800.19 MB x264
▲4 · ▼2
Magnet GET
1080p bluray 1.84 GB x264
▲0 · ▼2
Magnet GET
2160p bluray 5.69 GB x265
Discussion (13)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 55

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • silent$ Unregistered
    Windows 10 Chrome 70

    Thnxxxxxxxxx

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    අම්මො ඔක නම් පස්වතාවක් විතර බැලෙන්න ඇති.මොකද කිව්වොත් ටිවි එකෙත් සෑහෙන වතාවක් ඔක ගිහිම් තියෙනවා .Tom Cruiseගෙ පට්ට මුවි එකක්.තාමත් කොච්චර හරි බලන්න පුලුවන් එලියන් සින් එකක් හින්ද

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    කාලයක් ගිහිම් හරි ආපහු බලතහැකිනෙ.. Subz.lk එකෙනුත් සිංහල රිලිස්වෙලා තියෙනවා නෙ😍

  • Madusha Unregistered
    Windows 10 Opera 55

    බොහොම ස්තූතියි සහෝ

  • vihanga Unregistered
    Windows 7 Chrome 70

    thankss machan sub ekata

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    1987: When the Day Comes (2017) 720p BRRip 1.1GBඔය කොරියන් මුවි එකටත් සබ්ටයි දෙන්න පුලුවන් නම් සහෝ… සුපිරි එකක්. Imdb 7.8

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 56

      මම සබ් දෙන්නම්, මිතුන් 🙂 බොහොම ස්තූතිති දැනුවත් කළාට.

    • Mithun Unregistered
      Android 8 Chrome 69

      Smallfoot (2018) 720p BRRip 900M ඔන්න තවත් ලස්සන Animation movie එකක් ආවා

  • S.H. Tharaka prabhath Unregistered
    Windows 10 Opera 58

    Thanks for the Sinhala sub …. good movie

  • gishan Unregistered
    Windows 10 Chrome 80

    thank you very much bro….

  • Dill Unregistered
    Windows 10 Chrome 114

    I am grateful for your support.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search