Johnny English Strikes Again (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍රපටයක්. ඒ තමයි මිස්ට.බීන් ලෙස අපි හැමදෙනෙක්ම හොඳින් අඳුනන බ්‍රිතාන්‍ය නළු රෝවන් ඇට්කින්සන් රඟන Johnny English Strikes Again ( 2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මතක් කරන්න ඕනෙ වෙනද වගේම මේකත් අපේ කවිෂ සහෝදරයගෙම ඉල්ලීමක්, ඉතින් ඒ නිසාත් ඉක්මනට අවශ්‍යයි කියල ඉල්ලීමක් කල නිසාත්, මම උපසිරැසි ගේන්න හිතා හිටිය Roma (2018) චිත්‍රපටය ටිකක් පස්සට දාල මේ චිත්‍රපටයට උපසිරැසි ගෙනාවා. ඇත්තටම මේ උපසිරැසිය දවස් දෙකක් වගේ ඇතුලත දෙන්න හිතාහිටියත් පරිගණකයට මව්පුවරුව ආශ්‍රිත රෝගයක් වැළඳීම නිසා ඒකට ටිකක් මහන්සි වෙන්න වුණා ( තාමත් සැරින් සැරේ වද දෙනවා ). ( Roma චිත්‍රපටයෙ උපසිරැසි ඉල්ලපු Kantha සහෝදරයට කියන්න ඕනෙ අනිවාර්යයෙන්ම තව දවසක් ඇතුලත ඔබේ ඉල්ලීමත් ඉටු කරනව කියල) හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට..
ඔබ දන්නවා මෙවර Johnny english චිත්‍රපටය චිත්‍රපට ත්‍රිත්වයක තුන්වැන්න බව. මෙහි මින් පෙර නිකුත්වූ චිත්‍රපටය ද්විත්වය පිළිවෙලින්..
Johnny English (2003)
Johnny English Reborn (2011)
මේ චිත්‍රපට අතර සෘජු සම්බන්ධයක් නැති නිසා මම හිතන්නෙ සාංරාංශ ඉදිරිපත් කිරීම අනවශ්‍යයි. ජොනී ඉංග්ලිෂ් ( රෝවන් ඇට්කින්සන්) කියන්නෙ MI7 බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් කියන එකත් ඔහුගේ සහායකයා බෆ් බවත් මතක තියාගත්තම ඇති මම හිතන්නෙ.
Johnny English Strikes Back (2018)
මෙවර MI-7 බුද්ධි අංශයට මුහුණ දෙන්න වෙන්නෙ ඩිජිටල් හතුරෙකුට, එහෙමත් නැත්නම් අති දක්ෂ හැඛර් කෙනෙකුට. මේ පුද්ගලයා බුද්ධි අංශ රහස් ඔත්තු නිලධාරීන් සියලු දෙනාගේ නම්ගම් ප්‍රසිද්ධ කරනවා, ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය පුරා විවිධ ගැටලු ඇති කරනවා හැක් කිරීම හරහා. MI-7 එක අසරණ වෙන්නෙ මේ වෙලාවෙයි, මොකද දැන් රහස් ඔත්තු නිලධාරීන්ගේ නම් ගම් මුහුණුවර ආදී සියල්ල එළිවෙලා නිසා ඒ එක් අයෙක්වත් යොදා ගන්න බෑ මේ ඩිජිටල් හතුරව සෙවීමේ වැඩේට. ඒ නිසාම බ්‍රිතාන්‍ය අගමැතිනිය ( තෙරේසා මේ?) MI-7 එකට කියනව විශ්‍රාම ගිය රහස් නියෝජිතයෙක්ට කාර්යය බාරදෙන ලෙස, කොහොමහරි පෙර චිත්‍රපටවලදීත් අපි දැක තියන විදියටම මෙවරත් අවසානයේ වැඩේ භාරවෙන්නෙ ජොනී ඉංග්ලිෂ්ටයි. අපූරු උපකරණ පෙළක් එක්ක තමන්ගෙ පැරණි සගයා වන බෆ්වත් හවුල් කරගෙන ඔහු පටන්ගන්නවා මේ ඩිජිටල් හතුරා පස්සෙ යන්න.. ඩිජිටල් සතුරෙක් පරද්දන්න අවශ්‍යම දේ මොකද්ද? ඒක දැනගන්න පුළුවන් චිත්‍රපටය නැරඹුවොත් ( චිත්‍රපටය තුල අරගෙන තියන සාර්ථක ආරම්භය අවසානය තෙක් පවත්වාගෙන ගොස් නෑ කියලයි මට හිතෙන්නෙ) . එහෙනම් Imdb වෙතින් 6.4ක අගයක්ද, Rotten tomatoes වෙතින් 34%ක අගයක්ද ලබා ඇති රෝවන් ඇට්කින්සන් ( ජොනී ඉංග්ලිෂ්), බෙන් මිලර් ( බෆ්), ඇඩම් ජේම්ස් ( පෙගසස්), එමා තොම්ප්සන් ( අගමැතිනිය), ඔල්ගා කුරියෙන්කෝ ( ඔෆීලියා) වගේ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්, හමුවෙමු Roma (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්.
Ela Bro.digatama ohoma demu
ela niyamai
එලහ්……..👍
එලහ්……..
ftt thanks….