Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Sisu: Road to Revenge (2025) Sinhala Subtitle Action Bad Boys for Life (2020) Sinhala Subtitle Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Action Sisu: Road to Revenge (2025) Sinhala Subtitle Action Bad Boys for Life (2020) Sinhala Subtitle Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle
  1. Movies
  2. Biography
  3. The Irishman (2019) Sinhala Subtitle

The Irishman (2019) Sinhala Subtitle

December 16, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.7
GENRES
BiographyCrimeDramaEnglish MoviesGenresMovies
CAST

Robert De Niro, Al Pacino, Anna Paquin, Jesse Plemons

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් සියලු දෙනාට. අද මේ එන්නෙ මේ වසරේ Netflix වෙතින් නිකුත්වූ එසේම සීමිත සිනමාශාලා ප්‍රමාණයක තිරගතවූ තවත් ඉහලම ඝනයේ සිනමා නිර්මාණයකට උපසිරැසි අරගෙනයි.God Father සිනමාපට ත්‍රිත්වය, 1990 වසරේ තිරගතවූ Goodfellas චිත්‍රපටය, 1983දී තිරගතවූ Scarface චිත්‍රපටය වැනි හොලිවුඩ් සිනමාවේදි සුවිශේෂී ස්ථානයක් උසුලන චිත්‍රපට බොහොමයකදීම කතාකෙරුණු දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක කිහිපයේ ඇමරිකාව තුල බිහිවන ඉතාලි-ඇමරිකා මාෆියාවේ තවත් එක් සත්‍යයැයි පැවසෙන මෙන්ද අදටද අභිරහසක්ව ඇති අතීත කතාවක් රැගත් මේ චිත්‍රපටය තමයි The Irishman (2019). මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ මාටින් ස්කෝසස්ගෙන්, මේ නම කිව්ව ගමන් ඔබ දන්නවා චිත්‍රපටයේ තරම, ඊට හේතුව Taxi Driver (1976), Raging Bull (1986), GoodFellas (1990), The Departed (2006), Casino (1995), Gangs of New York (2002), Shutter Island (2010), The Silence (2016) වැනි සැබෑ දැවැන්ත හොලිවුඩ් නිර්මාණ පිටුපස ඔහුගේ නාමය තිබීම. මෙවරත් එහි කිසිම වෙනසක් නෑ ධාවන කාලය පැය තුනකුත් මිනිත්තු 30කට ආසන්නවුවත් ඔබව කිසිදු සැකයකින් තොරව අසුනේ රඳවා තබාගන්නට මෙම Irishman (2019) චිත්‍රපටය සමත්. අනිත් කාරණය ඔහුගේ බොහෝ චිත්‍රපටවල- විශේෂයෙන් මෙවන් Gangster/ Mafia චිත්‍රපට- චරිතවලට නිරායාසෙන්ම තෝරාගැනෙනා රොබට් ඩි නීරෝ, ඇල් පැචීනෝ ඇතුළු අති දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙයට දායක වීම. ඒ පිරිස නම් වශයෙන් නම් කලොත් ජෝ පෙසී (රසල් බෆලීනෝ), හාවි කීතල් ( ඇන්ජෙලෝ බෲනෝ), බොබී කැනවල් ( ස්කිනී රේසර්), රේ රොමානෝ (බිල් බෆලීනෝ), ස්ටීෆන් ග්‍රැහැම් ( ටෝනි ප්‍රෝ) වැනි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. චිත්‍රපටයට ලැබී ඇති අගයන් ගැනත් වචනයක් සඳහන් කරනවනම්, IMDB වෙතින් 8.2ක අගයක්, එසේම එහි හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 160 වන ස්ථානය, Rotten Tomatoes වෙතින් 96%ක්, ගූගල් පරිශීලකයන් අතුරින් 89%කගේ ප්‍රසාදය, ඊට අමතරව ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 5කට නිර්දේශවීම ඇතුළුව තවත් නිර්දේශයන් 124කුත් සම්මාන 26කුත් මෙය මේ වනවිට ලබාගෙන තිබෙනවා. මම හිතන්නෙ චිත්‍රපටයෙ තරම තේරුම්ගන්න ඊට වඩා වර්ණනා අවශ්‍ය නෑ. මම ඉහලින් සඳහන් කලා වගේ ඇමරිකානු ඉතිහාසයේ යම් අය සත්‍යයැයි කියන තවත් අය අසත්‍යයැයි කියන සිදුවීම් පෙළක් මෙම චිත්‍රපටයට අන්තර්ගතයි. මාෆියා/ ගැන්ග්ස්ටර් චිත්‍රපට හුරු අයට මෙහි එන කතාවේ යම් විශේෂ තැන් හුරු ඇතත්, එසේ නැති අයට චිත්‍රපටය උපරිමව වටහාගැනීමට උදව්වෙන කරුණු විශාල ප්‍රමාණයක් මම මෙම ලිපියට අන්තර්ගත කරනවා, ඒ ටික කියවලම චිත්‍රපටය නරඹන්න යන්න පුළුවන්නම් එය ඔබට කතාව වටහාගැනීමට පහසුවක් වෙනු ඇති බව මම හිතනවා. චිත්‍රපටයෙ වර්ණනා හා කතාව ගැන වචන බර ගණනක රචනාවක් ලියනවට වඩා එය ප්‍රයෝජනයි කියන එකයි මගෙ අදහස.

මුලින්ම කියන්න ඕනෙ මෙම චිත්‍රපටය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම අභිරහස ලෙස සැලකෙන සිදුවීමක් එයට සෘජුවම සම්බන්ධ එවක මාෆියා සාමාජිකයෙකුව සිටි ෆ්‍රෑන්ක් ෂීරන් නැමැත්තාගේ ඇසින් ඉදිරිපත් කිරීමක් තමයි ඔබට දකින්නට ලැබෙන්නේ. මේ අභිරහස තමයි අන්තර්ජාතික ටීම්ස්ටර් වෘතීය සහෝදරත්ව සමිතිය (International Brotherhood of Teamsters) එනම් ට්‍රක් රථ රියදුරු වෘතීය සමිතියේ සභාපතිව සිටි ජේම්ස් “ජිමී” රිඩල් හොෆා (1913- 1975) ගේ අතුරුදන්වීම.

ටීම්ස්ටර් වෘතීය සමිති ලාංජනය

( මෙය ට්‍රක් රථ රියදුරු සංගමය ලෙස හැඳින්වුවද ඊට අමතරව, පුද්ගලික රියදුරන් සහ ගබඩා සේවකයන්ගේ වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින සංගමයකි)

ඔවුන්ගේ සාමාජිකත්වය හඟවන කබා පළඳනාව

සැබෑ ජේම්ස් “ජිමී” රිඩල් හොෆා

1957 වසරේ සිට 1971 වසර දක්වා ට්‍රක්රථ රියදුරු වෘතීය සමිතියේ සභාපතිව සිටි මේ ජෙම්ස් රිඩල් හොෆා නොහොත් ජිමී හොෆා සංවිධානාත්මක අපරාධවලට සෘජුවම සම්බන්ධකමක් තිබූ අයෙක් ලෙස කියවෙනවා. චිත්‍රපටය තුල අපට ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන්නේ ඔහුගේ කතාව වන අතර චිත්‍රපටය සඳහා අනුසාරයට ගැනෙන්නේ හිටපු මනුෂ්‍ය ඝාතන නීතීඥ, විමර්ශක චාල්ස් බ්‍රැන්ඩ්ට් විසින් I Heard You Paint Houses: Frank “The Irishman” Sheeran and Closing the Case on Jimmy Hoffa නමින් 2004 වසරේදී පළකල මාෆියා කල්ලි සාමාජික ෆ්‍රෑන්ක් ෂීරන්ගේ ජීවිත කතාව සහ ඉතාලි ජාතික බෆලීනෝ අපරාධ පවුල වෙනුවෙන් ඔහු කල අපරාධ පාපොච්චාරණය ඇතුලත් පොත.

සැබෑ ෆ්‍රෑන්ක් ෂීරන්

මෙය තුල එවක ඇමරිකානු දේශපාලනයේ අඳුරු – ප්‍රසිද්ධ- රහස් බොහොමයක් ඇතුලත්වන අතර විශේෂයෙන්ම එක්සත් ජනපද හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩි හා කෙනඩි පවුල වටා ඇති ප්‍රසිද්ධ නමුත් ඔප්පුනොවූ කරුණුද ඇතුලත්. ඉතින් ඒ සියල්ලම වගේ චිත්‍රපටයටත් ඇතුලත් කරන්නත් නිර්මාණකරුවන් වගබලාගෙන තිබෙනවා. මුලින් චිත්‍රපටය නම් කරන්න තීරණය කර තිබෙන්නෙත් I Heard You Paint Houses නමින්. ඔබට මේ නම ගැන යම් ගැටළුවක් ඇතිවෙන්නට පුළුවන්. එහි දල පරිවර්තනය “ඔබ නිවාස පින්තාරු කරන බව මට ආරංචියි” යන්න නිසා. හැබැයි එහි සැබෑ තේරුම සහමුලින්ම වෙනස් එකක්, කෙටියෙන් කිව්වොත් නිවසක් තුල වෙඩි තැබීමක් වැනි ආකාරයකින් ඝාතනයක් කලහොත් එම ඝාතනයට ලක්වූ තැනැත්තාගේ ලේ බිත්තිවල විසිරීයාමයි මෙහිදී පින්තාරු කිරීම ලෙස හැඳින්වෙන්නේ. චිත්‍රපටය තුලත් කීපවතාවක්ම මේ වාක්‍යය භාවිතා වෙනවා.

චාල්ස් බ්‍රැන්ඩ්ට් විසින් රචිත එම පොතේ පිටකවරය

• කෙනඩි පවුල
ඊලඟට අපිට වැදගත් වෙන කාරණය තමයි ලෝකයේ අවාසනාවන්තම දේශපාලන පවුල ලෙස සැලකෙන කෙනඩි පවුලේ පසුබිම. අපි හැමෝම දන්නවා මේ පවුලෙ ජනප්‍රියම සාමාජිකයා ඇමරිකා එක්සත් ජනපදයේ 35වන ජනපති ජෝන් එෆ් කෙනඩි. ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයාගෙන් පසු ඇමරිකාවෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨතම ජනපතිවරයා ලෙස සැලකෙන ඔහු 1963 වසරේදී සාහසික වෙඩිපහරකින් මියයනවා. කෙසේ වෙතත් ඔහුත් කියන තරම් සුදු චරිතයක් නොවෙන බවටත් කතා තිබෙනවා අද වනවිට. ඊට අමතරව ඔහුගේ සොහොයුරු රොබට් “බොබී” කෙනඩිත් චිත්‍රපටයේ එක් වැදගත් චරිතයක්. කොහොමහරි මේ කතාව පටන්ගන්න වෙන්නෙ ඔහුගේ පියා ජෝෂප් පැට්‍රික් කෙනඩි.ජ්‍යේෂ්ඨ ගෙන්.

• මත්පැන් තහනම් සමය සහ ජෝන් එෆ් කෙනඩි ජනපති

ඔබ අහල තියනවද ඇමරිකාවේ මත්පැන් තහනම් යුගයක් තිබුණ බව? 19 වන ශතවර්ශයේ මුලභාගයේ ආගමික පුනරුදවාදීන් අමද්‍යපවාදී කණ්ඩායම් මත්පැන් තහනම් කිරීමට දැඩි ව්‍යාපාරයක් ගෙනගොස් තිබෙනවා ඇමරිකාවේ ශාපය එය බව පවසමින්.1851 වසරේදී ඔවුන් විශාල ජයක් ලබන්නේ මයින් ප්‍රාන්තය ඇල්කොහොල් නිෂ්පාදන විකිණීම තහනම් කිරිමත් සමගයි. පසුව එය ප්‍රාන්ත බොහෝ ගණනක ක්‍රියාත්මක කරන අතර, එයට විරුද්ධව මත්ලෝලී වැසියන් කැරලි ගසන්නට පටන්ගන්නවා. කෙසේවෙතත් මත්පැනින් තොර ඇමරිකාවක් වෙනුවෙන් කෙරෙන සටන 1910 වසර දක්වා කෙරෙනවා. පලමු ලෝක යුද්ධයෙන් පසුව එනම් 1920 වසර වනවිට එම තහනම ස්ථිර වෙනවා. කෙසේ නමුත් මෙම කාලය තුල තහනම්ව තිබෙන්නේ ඇමරිකාව තුල මත් පැන් නිෂ්පාදනය, විකිණීම හා බෙදාහැරීම පමණක් වන අතර තම පාවිච්චි සඳහා තබාගැනීමට නීතියෙන් තහනමක් තිබී නෑ. මෙම තහනම් යුගය හැඳින්වෙන්නේ “ප්‍රොබේෂන් ” ලෙසයි. කෙසේ හෝ නීතිය සම්මත වනවිට වයින්, බියර් හෝ ස්ප්‍රීතු ගබඩාකරගෙන සිටි අයට ඒවා තබාගැනීමේ නිදහස නීතියෙන් හිමිවෙනවා. මුදල් හදල් තිබූ පොහොසතුන් නීතිය සම්මතවීමට පෙර මත්පැන් වෙළඳසල් පිටින් මිලට ගත් බවත් කියවෙනවා. තහනමක් තුලින් නිරායාසයෙන්ම ජාවාරම්කරුවන් නිර්මාණයවීම මෙහිදීත් සිදුවන අතර සමහර ඖෂධසල් තුල බෙහෙත් ලෙස ඇසුරුම් කල මත්පැන් විකිණීම කෙරෙනවා. වෛද්‍යවරුන්ද ඊට නොමද සහයක් දක්වා තිබෙනවා රෝගීන්ට මත්පැන් නිර්දේශකිරීම තුලින්. ඒ එක්කම මාෆියා කල්ලිවල සහය සහිතව ව්‍යාජ මත්පැන් නිෂ්පාදකයන්ද මේ අතරින් මතුවීමට පටන්ගෙන තිබෙනවා.කෙසේ හෝ මේ තහනම 1933 වසරේදී අවසන් වෙනවා. මෙන්න මේ දශකයකට මදක් වැඩි කාලය තුල ව්‍යාපාරිකයෙකුව සිටි ජෝෂප් පැට්‍රික් කෙනඩිද තම ධනස්කන්ධය උපයාගත්තේ මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් යැයි පැවසෙනවා. යම් මූලාශ්‍ර දක්වන්නේ එය සත්‍යයක් නොවන බවත්, ඔහු පොහොසතෙකු බවට පත්වන්නේ අයථා කොටස් වෙළදපොල ගණුදෙනුවලට සම්බන්ධවීමෙන් බවත්. මෙතනිනුයි ජෝන් එෆ් කෙනඩි ජනපතිවරයා ජනපති පුටුව දක්වා එමේ කතාව ඇරඹෙන්නේ. වැරැද්ද නිවැරැද්ද කෙසේ වුවත් එම කතාව චිත්‍රපටය තුල දක්වා තිබෙන නිසා මම එය මෙතන සඳහන් නොකර ඉන්නම්. හැබැයි තම පියාගේ පාතාල සම්බන්ධකම් ඔහුගේ ජනපතිවරණ සටනේදී උදව්වූ බවනම් අන්තර්ජාලයේ ඇති බොහෝ මූලාශ්‍රවල දැක්වෙනවා. තම පියාගේ මාෆියා හිතවතුන්ට “කලගුණ” දැක්වීමට ජෝන් එෆ් කෙනඩි ජනපතිවරයා පසුබටවීම දුරදිග ගොස් පෙරකී මාෆියා කල්ලිවල වුවමනාව මත ඔහුව ඝාතනය කෙරුණු බවටද මතයක් තිබෙනවා.

• ෆෙරී
චිත්‍රපටය තුල එක් තැනක ෆෙරී නැමැත්තෙක් ගැන සඳහන්වෙනවා, එහි සැබෑ චරිතය ඩේවිඩ් ෆෙරී නම් ඇමරිකානු ගුවන් නියමුවෙක්. ඩේවිඩ් ෆෙරී ජනපති කෙනඩි ඝාතනයට සම්බන්ධයැයි චෝදනා ලැබූ අතර ඔහුව ඝාතනය කල ලී හාවි ඔස්වල්ඩ්ව දැන සිටි අයෙකු බවත් කියවෙනවා. මෙයත් නීතියෙන් ඔප්පු නොවී කාරණයක්. ඔහු සම්බන්ධ බවට සැකකෙරෙන වෙනත් සිදුවීමක් චිත්‍රපටය තුල ඇතුලත්.

• රිචඩ් නික්සන් සහ වෝටර්ගේට්

රිචඩ් නික්සන්

ඇමරිකා එක්සත් ජනපදයේ 37වන ජනපතිවරයාවූ රිචඩ් නික්සන් ඉතාම සූක්ෂම සටකපට දේශපාලකයෙකු ලෙසයි සැලකෙන්නේ. ඔහු දේශපාලන අල්ලස් ගත්තෙකු ලෙසද ප්‍රසිද්ධයි. එසේම 1961 වසරේ ඇමරිකානු ජනපතිවරණයට ජෝන් එෆ් කෙනඩි සමගින් තරඟවදින්නේත් ඔහුයි. නමුත් එහිදී පරාජයට පත්වන ඔහු ජනපති පදවියට පත්වීමට වරම් ලබන්නේ 1969 වසරේදී.ඔහුගේ පාලන කාලයේ එනම් 1972 වසරේ සිදුවූ සුප්‍රකට වෝටර්ගේට් අපවාදාත්මක සිදුවීම ඔබ දන්නවා ඇති.මම එය කෙටියෙන් සඳහන් කරන්නම් එයත් චිත්‍රපටය තුල යම් ආකාරයකින් කතාබහට ලක්වන නිසාත්, නොදන්නා අයෙකුට වැදගත් විය හැකි නිසාත්. වොෂින්ටන් DCහි වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටා තිබූ ඩිමොක්‍රටික පක්ෂ කාර්ය මණ්ඩල කාර්යාලයට 1972 වසරේ ජූනි 17 වන දින අනවසරයෙන් ඇතුළුවූ පිරිසක් හසුවීමත් සමගයි වෝටර්ගේට් සිදුවීම ඇරඹෙන්නේ.

වෝටර්ගේට් සංකීර්ණය

මේ කාලය රිපබ්ලිකන් පක්ෂ දේශපාලකයෙකු වූ රිචඩ් නික්සන් ජනපතිවරයාගේ ජනප්‍රියත්වය වියට්නාම යුද්ධය වැනි කාරණා නිසා සීඝ්‍රයෙන් පහල බැස තිබෙන කාලයක්.කෙසේහෝ සියල්ල එලිවන්නේ පෙරකී පිරිස තම විරුද්ධ පක්ෂ කාර්යාලයට යවා තිබෙන්නේ මීලඟ ජනපතිවරණයෙන් ජයගැනීමේ තන්හාවෙන් පිරී සිටි රිචඩ් නික්සන් බව පරීක්ෂණවලදී හෙලිවීමත් සමගයි. ජනපති නික්සන් මේ අපරාධය වසන් කිරීමට හැකි උපරිම උත්සාහ දැරූවද ‘ණයට- කහින’ නමට මාධ්‍යවේදීන් නොවූ බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටීන් නම් වොෂින්ටන් පෝස්ට්හි මාධ්‍යවේදීන් දෙදෙනාගේ උත්සාහය නිසා එය වැළකීයනවා. නික්සන්ගේ අරමුණ වී ඇත්තේ එම පිරිස ලවා ඩිමොක්‍රටික පක්ෂ රහස්‍ය ලියකියවිලි ආදිය සොරකම් කොට, එහි දුරකථනවලට රහසින් සවන්දිය හැකි උපකරණ සවිකොට එම ලබාගන්නා තොරතුරු එලඹෙන ජනපතිවරණයේදී තමන්ගේ වාසියට යොදවා ගැනීමයි. අවසානයේ මේ හේතුව නිසාම ජනපති නික්සන් 1974 අගෝස්තු 9 වන දින ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.

එය පුවත්පතක පලවූ ආකාරය

මෙය ඇමරිකානු දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්වෙනවා, මෙම සිදුවීමෙන් පසුව තම නායකයන් පිලිබඳ විවේචනාත්මක ඇසකින් බැලීමට ඇමරිකානු ජනතාව හුරුවූයේයැයි කියන නිසා.

• බොචී ක්ලබ්
බොචී (bocce) නොහොත් බොචී බෝල් ලෙස හැඳින්වෙන මෙය ක්‍රීඩාකරනු ඔබට දකින්න පුළුවන් චිත්‍රපටය අවසානයට ආසන්නයේදී. මේ වීඩියෝවෙන් එය ක්‍රීඩාකරන ආකාරය බලාගන්න පුළුවන්.

• Dunes Club (ඩූන්ස් සමාජ ශාලාව)
1983 වසරේදී ගනු ලැබූ එහි ඡායාරූපයක්

 

මෙය ඇමරිකාවේ පාපී නගරය ලෙස හැඳින්වෙන නෙවාඩා ප්‍රාන්තයේ ලාස්වේගාස් නගරයේ උඩුකය නිරුවත් නර්තණ ශිල්පිනියන් සහිතව රැඟුම් ඉදිරිපත්කල පළමු සමාජශාලාව ලෙස සැලකෙනවා. එම රැඟුම් ශිල්පිනියන් මින්ස්කීස් ෆොලීස් ලෙස හඳුන්වා තිබෙනවා. 1993 වර්ෂයේදී මෙම සමාජ ශාලාව වසා දැමෙන අතර පසුව එම ගොඩනැගිල්ල කඩා දමනු ලබනවා.

• ජනපති කෙනඩිගේ පෙම්වතිව සිටියේයැයි කියන ජූඩි එක්ස්නර්

ජනපති ජෝන් එෆ් කෙනඩි සහ මාෆියා නායකයන් අතර තිබුණේයැයි කියන සම්බන්ධයට තවත් සාක්ෂියක් ලෙස සැලකෙනවා මෙය. ජූඩිත් එක්ස්නර් නම් මේ තැනැත්තිය එක්වර ජනපති ජෝන් එෆ් කෙනඩිගේත් ඉතාලි- ඇමරිකානු මාෆියා නායකයෙකු වූ සෑම් ජින්කානාගේත් පෙම්වතියව සිටි කියවෙනවා. ඇය තමන් ජනපති කෙනඩි හා මාෆියා කල්ලි අතර සම්බන්ධීකාරකවරියකවූ බවත්, ඔවුන් අතර හමු සූදානම් කල බවත්, ඒවා එවක කියුබානු ජනපතිවූ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ උත්සාහයකට අදාල බවත්. කෙසේ වෙතත් මෙයත් නීතිමය වශයෙන් ඔප්පු නොවූ කාරණයක්.

• බේ ඔෆ් පිග්ස් ආක්‍රමණය

මේ කියුබානු විප්ලවය මගින් එවක කියුබා පාලකයන් පලවා හැර එහි පාලකයා බවට පත් ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහ කිරීමට ඇමරිකාව ගත් අසාර්ථක තැතක්. කියුබාවෙන් පිටුවහල් කර පිරිසකට ආධාර ලබාදෙමින් නිසි සැලසුමකින් තොරව 1961 අප්‍රේල් 17 සිදුකරන මෙම ආක්‍රමණයට ආයුෂ තිබෙන්නේ දිනතුනක් පමණයි. අප්‍රේල් මස 20 වන දින වනවිට මේ ආක්‍රමණය සහමුලින් අතුගාදමන්නට ෆිදෙල් කැස්ත්‍රෝ සමත්වෙනවා. මේ සිදුවීම චිත්‍රපටයට අදාල වෙන ආකාරය ඔබට චිත්‍රපටය තුලින්ම බලාගන්නට ඉඩදෙන්නම් මම රස වින්දනයට බාධා නොකර.

• ජෝෂප් බොනෑනෝ නොහොත් ” ජෝ බනානා”

ඉතාලියේ උපන් ඇමරිකානු මාෆියා කල්ලි නායකයකු වූ ඔහු තමන්ට එරෙහිව තිබූ නඩුවකට පෙනී සිටීමට හෝරා කිහිපයකට පෙර පැහැරගැනෙනවා. එහෙත් එය ඔහු විසින්ම සැලසුම් කල එකක් බවට කියවෙනවා.

ඒ තමයි මේ චිත්‍රපටය නැරඹීමේදී ඔබට අවශ්‍ය විය හැකි විශේෂ කරුණු. මම හිතන්නෙ ඉතිරිය නරඹන ඔබටම බාරදුන්නොත් වඩා හොඳයි මම කතාව කියනවට වඩා. ධාවන කාලය ගැන හිතලා චිත්‍රපටය මගහැරගන්නට එපා ඔබ මේ මාෆියා චිත්‍රපටවලට රුචි කෙනෙක්නම්. මොකද මේ චිත්‍රපටවලටම උපන් රංගන ශිල්පීන් දායක වෙන මේ ආකාරයේ චිත්‍රපටයක් ආයිත් කවදා හොලිවුඩ්වලින් දකින්නට ලැබෙයිදැයි විශ්වාසයක් නැති නිසා. මොකද මේ චිත්‍රපටයට කිසිදු හොලුවුඩ් ස්ටුඩියෝවක් කැමති වෙලා නෑ මාටින් ස්කෝසස් මහතා කියන විදියට. පසුව Netflix හි නිෂ්පාදනයක් ලෙස මෙය එලිදකින්නේ ඒ නිසයි. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් චිත්‍රපටයකින්..

ඉහත සියලුම තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.

සියලුම WEB-DL හා WEBrip පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
8293 වාරයක්
Download Links
720P
DIR
1080P
DIR
1080P
TOR
Available Torrents
720p bluray 1.88 GB
GET
1080p bluray 3.86 GB
GET
720p web 1.79 GB
GET
1080p web 3.25 GB
GET
2160p web 9.3 GB
GET
Discussion (27)
← Older
  • චාමික Unregistered
    Android 9 Chrome 74
    2019-12-18

    ගොඩක්ම ස්තූතියි බන් සබ් එකට ❤ ( හොරාගෙන් අහපුවම හොරකං කරා කියල කියන්නෑ ඒව උගෙ කියල කියන්නෙ 😂 හැමඑකම දාපු ගමං උස්සල තමන්ගෙ වගේ දාන පයිරේට් කියන හොරාගෙන් සබ් ගන්න අයට කීවෙ😉 )

    Reply
  • Lakeesha Unregistered
    Android 8.1 Chrome 66
    2019-12-19

    Sub එක නං පට්ට බ්‍රෝ ලිපියත් සුපිරියක් thanx…

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 65
    2019-12-20

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Nimantha Unregistered
    iOS 11.4 UC Browser 11.3
    2019-12-20

    සබ් එකට වගේම වටිනා කියන ලිපියටත් බොහොම ස්තුතියි..ඔබට ජය..

    Reply
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79
    2019-12-20

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    Reply
  • දමිත් Unregistered
    Windows 8.1 Chrome 79
    2019-12-20

    අම්මට සිරි. පට්ටම වටිනම විස්තරයක්.
    ගොඩක් තොරතුරු දැනගත්තා චිත්‍රපටය බලන්න කලින්ම.
    මේ වගේ තොරතුරු දේශපාලනමය වශයෙන් සවිත්තරාත්මකව ලිපිය මගින් හෙලි කරලා තියෙනවා.
    බොහොම ස්තුතියි හසිත සහෝ.
    ජයෙන් ජයම වේවා!
    මේ වෙනුවෙන්ම වුන මහන්සිය ගොඩක්ම ගොඩක් අගය කරනවා.

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 78
    2019-12-26

    මුවී එක බැලුවට පස්සෙත් ඉබේම මේ දෙ කියන්න හිතුන.. පැය 3කටත් වැඩි කාලක් ෆිල්ම් එක දුවනව..
    එවගේ දිග ලයින් ප්‍රමානයකට සබ් එක දාල තියෙන විදිට නම් විශිෂ්ඨයි.. වචන . මෙවගෙ දිග මුවි සමහර සයිට් වල උපසිරසකරුවන් දෙදෙනෙකු එකතුවෙලා කරන්නෙ. එවගේම මුවී එක පට්ටම කතාව.. ❤❤

    Reply
  • Nishakya Unregistered
    Android 10 Chrome 129
    2024-10-11

    Supiri clear description ekk

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 412
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved