Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Action
  • Harriet (2019) Sinhala Subtitle

Harriet (2019) Sinhala Subtitle

January 27, 2020 Junior Admin

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පසුගිය වසරේ අගභාගයේ නිකුත්වූ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි Harriet (2019). කාසි ලෙමන්ස්ගේ හා ග්‍රෙගරි ඇලන් හොවාඩ්ගේ රචනයෙන් කාසි ලෙමන්ස්ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය මේ වනවිට IMDB වෙතින් 6.2ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 73%ක අගයක්ද, මෙටා ක්‍රිටික් වෙතින් 66%ක අගයක්ද ලබාතිබෙනවා. ඊට අමතරව එලඹෙන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන දෙකකට ඇතුළුව සම්මාන 50කට නිර්දේශව එයින් 16ක් දිනාගන්නට සමත්ව තිබෙනවා මේ චිත්‍රපටය. කෙසේ වෙතත් සිනමා නිර්මාණයක් වශයෙන් හොඳ නමුත් ඔස්කා සම්මානයකට නිර්දේශවීමට තරම් තත්වයක තිබෙනවද කියන ප්‍රශ්ණයක් පෞද්ගලිකව මටනම් තිබෙනවා. නරඹන ඔබටත් එසේ දැනෙන්නට ඉඩ තිබෙනවා බොහෝවිට. කොහොම නමුත් සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවක් නිසා මෙන්ම මෙහි එන ප්‍රධාන චරිතය සම්බන්ධව නිර්මාණය වන පළමු වෘතාන්ත චිත්‍රපටය මෙය වන නිසා නැරඹුවාටනම් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ. මේ නිර්මාණයට රංගනයෙන් දායක වන්නේ සින්තියා එරීවෝ ( හැරියට්/ මින්ටි), ලෙස්ලි ඔඩොම් කණිෂ්ඨ.( විලියම් ස්ටිල්), ජෝ ඇල්වින් (ගිඩියන් බ්‍රෝඩස්), ක්ලාක් පීටර්ස් ( බෙන් රොස්), වැනේසා බෙල් කැලොවේ( රිට් රොස්), ඔමාර් ජේ ඩොර්සි (බිගර් ලෝන්ග්), හෙන්රි හන්ටර් හෝල් (වෝල්ටර්) වැනි පිරිසක්. මෙය ඇමරිකානු වහල් සේවය පැවති කාලය අලලා සැකසුන එකක් නිසා අපි ඒ සම්බන්ධ පසුබිම ටිකක් බලමු.

මේ ලෝකය තුල ඇති එකම සම්පත් බෙදාහදාගනිමින් ජීවත්වන එක් ජීවියෙක් තම සමේ වර්ණය, කුලය, ජීවිකාව අනෙකාට වඩා උසස්යැයි සිතමින් තවත් ජීවියෙක්ගේ කැමැත්තෙන් තොරව ඒ ජීවියාගේ ජීවිතයට අයිතිවාසිකම් කියයිනම්, පහත්කොට සලකයිනම්, එම ජීවයට මිලක් නියම කරයිනම්… ඊට වඩා අවාසනාවන්ත තත්වයක් තවත් නෑ. සියලු සත්වයන්ට වඩා උසස් බුද්ධියක් ඇතැයි කියන මිනිසාද ඒ තත්වයට පත්වීම ඊටත් වඩා අවාසනාවක්. ලෝකය පුරා එහෙම තත්වයන් ඈත අතීතයේ සිටම පැවතී තිබෙන අතර අදටද අඩු වැඩි වශයෙන්- අතීතයට වඩා වෙනස් ක්‍රමවලින්- දක්නට ලැබෙනවා. සම කළු මිනිසා සම සුදු තමන්ට වඩා අතිශය තත්වයෙන් පහත්යැයි විශ්වාස කල අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යයන්ගේ පිහිටෙන්, ඔවුන්ගෙන්ම සැදුම්ලත් ඇමරිකාවටද එය උරුම වෙනවා. සමේ වර්ණය නිසාම පවුල් පිටින් සුදුජාතිකයන්ගේ වහලුන් බවට පත්වන නීග්‍රෝ ජාතිකයන් ඒ ඉරණමෙන් මුදාගැනීමට තම දායකත්වය දුන් දිරිය කාන්තාවක් වූ හැරියට් ටබ්මන් වෙනුවෙනුයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. නමුත් වහල් සේවය වරදක් සේ දකින්නට තරම් ධෛර්යමත් වූ, නීග්‍රෝ ජනතාව වෙනුවෙන් පෙනීසිටි, සුදු ජාතිකයන්ද සිටි බව අමතක නොකරන්නට නිර්මාණකරුවන් වගබලාගෙන තිබෙනවා, ඇයට ගෞරව දක්වන අතරෙම. හැරියට් ටබ්මන් එකල හඳුන්වා ඇත්තේ මෝසස් එනම්, ඊජිප්තු වහලුන්ව පොරොන්දු දේශය වෙත ගෙන ගිය තැනැත්තා නමින්.

සැබෑ හැරියට් ටබ්මන්

ඇයගේ කතාව චිත්‍රපටය තුල තිබෙන නිසා මේ සූදානම ඇමරිකානු වහල් සේවා යුගයේ විස්තරය කෙටියෙන් දැනගන්නයි.

ඇමරිකානු වහල්සේවය ඇරඹෙන්නේ 1619 වසරේදී, ඒ ‘ ද වයිට් ලයන්’ නම් යුධ නැව එවක බ්‍රිතාන්‍ය කොලනියක් (නව ලොව) වූ ජේම්ස්ටවුන්, වර්ජිනියා වෙත අප්‍රිකානු වහලුන් 20 දෙනෙක් රැගෙන පැමිණීමත් සමගයි.එහි කාර්ය මණ්ඩලය එම වහලුන් අත්කරගෙන තිබුණේ පෘතුගීසි වහල්වෙළඳ නෞකාවක් වූ සන් හුවාන් බැටිස්ටා නැවෙන්. 17වන ශතවර්ශය පුරාවට උතුරු ඇමරිකාවේ විසූ යුරෝපීය පදිංචිකරුවන් තම දිලිඳු යුරෝපීය සේවකයන්ට වඩා මෙම නීග්‍රෝ වහලුන් ලාභදායී බව වටහාගෙන ඔවුන් සේවයට යොදාගැනීමට හුරුවෙනවා. නිවැරදි ප්‍රමාණාත්මක දත්ත නොමැති නමුත් ඉතිහාසඥයන්ගේ මතය 18වන ශතවර්ශයේදී පමණක් කළුජාතික වහලුන් මිලියන 6 සිට 7 දක්වා නව ලෝකය (අද ඇමරිකාව)ට ගෙනවිත් ඇති බවයි.

17 වන 18වන ශතවර්ශය වනවිට කළු ජාතික වහලුන් ප්‍රධාන වශයෙන්ම සේවය කලේ දකුණු වෙරළේ මේරිලන්ඩ්හි චෙසපිකි බේ කොලනිවල සිට ජෝර්ජියා ප්‍රාන්තයට දකුණේ ඇති වර්ජිනියාව දක්වා තිබූ දුම්කොල, සහල් සහ ඉන්ඩිගෝ මල් ( ඩයි සඳහා භාවිතා කල) වගාබිම් වලයි.

දුම්කොළ, ඉන්ඩිගෝ සහ කපු

ඇමරිකානු විප්ලවයෙන් පසුව බොහෝ යටත්විජිත පදිංචිකරුවන් – විශේෂයෙන්ම වහල්සේවය කෘෂිකාර්මික ආර්ථිකයට නොවැදගත්වූ උතුරු දෙස පදිංචිකරුවන්- බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් තමන් මත පටවා තිබූ කෲර පාලනය හා වහලුන්ට පනවා තිබූ පීඩනය එක්කර, වහල්සේවය අවසන් කරන ලෙස හඬ නගනවා. නමුත් ඇමරිකානු විප්ලවයෙන් පසු නව එක්සත් ජනපද ව්‍යවස්ථාව උපායශීලී ලෙස වහල්සේවය නීත්‍යානුකූල ලෙස පිලිගන්නවා ” සේවා හෝ කම්කරු සේවා සඳහා රඳවාගත්” යන වචනය භාවිතා කරමින්.

මෙහි රෝස පැහැයෙන් දැක්වෙන්නේ නිදහස් උතුරුදිග ප්‍රාන්තවන අතර කොල පැහැයෙන් ඇත්තේ වහල්සේවය නීත්‍යානුකූල වූ දකුණු දිග ප්‍රාන්තයි

18 වන ශතවර්ෂය අගභාගයේදී, පෙර දුම්කොල වැවීමට භාවිත කල බිම් මුඩු බිම්බවට පත්වද්දී, දකුණු දෙස ආර්ථික අර්බුදයකට පත්වෙන අතර ඇමරිකාව තුල දිගින් දිගටම ඉහල ගිය වහල්සේවය අවශ්‍යද යන තැනට පත්වෙනවා. ඒ කාල සීමාවේදීම, එංගලන්තයේ රෙදිපිළි කර්මාන්තය යාන්ත්‍රිකකරණය වීම මගින් ඇමරිකානු කපු සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවෙන අතර දකුණු දිග කපු නිෂ්පාදනයට ඒ ඉල්ලුම සැපයීමට හැකිවන්නේ නෑ කපු කෙඳිවලින් ඇට වෙන්කිරීම සිදුකෙරෙන්නේ මිනිස් ශ්‍රමයෙන් බැවින්. නමුත් 1793 වසරේදී එලී විට්නි නම් පාසල් ගුරුවරයෙක් කපු ඇට වෙන්කරන කොට්න් ජින් නම් සරල යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් එතෙක් දුම්කොලවලින් යැපුණු දකුණු දෙස දැවැන්ත කපු නිෂ්පාදන කලාපයක් බවට පත්වෙනවා වහල් සේවයේ අවශ්‍යතාව නැවතත් දැඩිකරමින්. කෙසේ වුවත් උතුරු දෙස මේ වහල් සේවයට දායක වූයේ යැයි කියන්නට නොහැක්කේ ඔහු සිටි සුදු ජාතික ධනවතුන් දකුණු දෙස කපු වගාවන්ට මුදල් යොදවමින් හා වහල් වෙළඳාම කරමින් ධනවතුන් වීම නිසා. වර්ෂ 1774 සහ 1804 අතර කාලය තුල උතුරු දෙස සියලු ප්‍රාන්ත වහල් සේවය අහෝසි කර දමන නමුත් එය දකුණු දෙස ප්‍රාන්තවලට අදාල වන්නේ නෑ.

එක්සත් ජනපද කොංග්‍රසය 1808 වසරේදී අප්‍රිකානු වහල් වෙළඳාම නීතියෙන් තහනම් කරන නමුත්, රට තුල වෙළඳාම සාර්ථකව කෙරෙන්නේ, ඉන්පසු එන වසර 50 තුල වහල් ජනගහණය තුන්ගුණයද ඉක්මවා යනවා 1860 දශකය වනවිට.කෙසේ වෙතත් මේ වනවිට සාපේක්ෂව නිදහස් ජීවිතයක් වහලුන්ට උරුමව තිබුණද කියවීමේ සහ ලිවීමේ තහනමක් පනවා තිබී තිබෙනවා. නීත්‍යානුකූල භාවයක් නොතිබුනද ඔවුන්ට විවාහවීමට හිමිකම තිබී ඇති අතර එම විවාහවලින් උපදින දරුවන්ගේද හිමිකාරීත්වය ලැබී ඇත්තේ ඔවුන්ගේ සුදුජාතික වහල්හිමි වැවිලිකරුවන්ටයි. මේ සියලු පීඩන ඉවසිය නොහැකිවූ යම් කළු ජාතිකයන් මේ ක්‍රමයට විරුද්ධව කැරලි ගසන්නට පටන්ගන්නවා. එයින් දැවැන්තම එකක් ලෙස සැලකෙන්නේ 1831 වසරේදී වර්ජිනියාහි සවුත්හැම්ප්ටන් කවුන්ටිවල නැට් ටර්නර් විසින් කල කැරැල්ලයි, අවසානයේ කළුජාතිකයන් 75 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ ඔහුගේ පිරිවර දින දෙකක් තුල සුදු ජාතිකයන් 60 දෙනෙක් පමණ මරා දමනවා, කෙසේ වෙතත් මෙය අවසන් වන්නේ ඔවුන්ට පරාජය අත්කරදෙමින්. මෙය නිදහසට කාරණයක් කරගනිමින් මේ භයානක කළු ජාතිකයන්ව හික්මවා තබාගැනීමට වහල්සේවය අත්‍යාවශ්‍ය බවට පෙන්වමින් දකුණු දෙස සුදු ජාතිකයන් තව තවත් සීමා බන්ධන පනවනවා වහලුන්ට.

ඉන්පසුව ඇරඹෙනවා වහල්සේවා අහෝසිකිරීමේ ව්‍යාපාරය. 1830 වසරේ සිට 1860 දක්වා කාලය තුල, ඇමරිකාව තුල වහල්සේවය අහෝසිකරදැමීම උදෙසා වූ මේ ව්‍යාපරය ශක්තිමත්වන අතර, එයට නායකත්වය දෙන්නේ නිදහස් කළු ජාතිකයන් වූ ෆෙඩ්රික් ඩග්ලස් ( චිත්‍රපටය තුල ඔහුගේ නම එක් තැනක සඳහන් වෙනවා), රැඩිකල් පුවත්පතක්වූ The Liberator හි නිර්මාතෘද වූ සුදුජාතික විලියම් ලොයිඩ් ගැරිසන් සහ වහල්සේවා විරෝධී නවකාවක් වූ Uncle Tom’s Cabin පළකල හැරියට් බීචර් ස්ටෝව්.

මේ සටන දෙයාකාරයක්, එක් ආකාරයක් ආගමික මුහුණුවරක් සහිතයි, ඒ වහල් සේවය පාපයක් බව පදනම් කරගෙන තර්ක කිරීම. දෙක: වහල් සේවය පසුගාමී , අකාර්යක්ෂම හා ඉතාම සුළු ආර්ථකමය වාසියක් ඇති දෙයක් බව පෙන්වීම මගින් සටන ජයගැනීමට උත්සාහ දැරීම. මේ වනවිටත් නිදහස් කළු ජාතිකයන් සහ වහල්සේවා විරෝධී උතුරු දෙස සුදු ජාතිකයන් දකුණු දෙස සිට පැන එන වහලුන්ට උතුරු දෙසට ඒමට උදව් කරමින් තිබී තිබෙනවා ආරක්ෂිත නිවස්න ජාලයක් හරහා. මෙය The Underground Railroad නොහොත් ‘භූගත රේල්ලුව’ ලෙස ජනප්‍රිය වෙනවා 1830 වසර වනවිට (කෙසේ හෝ මෙය රහසිගත ආකාරයේ නමක් පමණක් බවත් කිසිදු දුම්රියක සම්බන්ධයක් මෙයට නැති බවත් මතක තබාගන්න). ඒ හා සම්බන්ධ කතාව චිත්‍රපටය තුල තිබෙන නිසා මම මෙතනින් නවත්වන්නම් ඒ ගැන කීම. ඇමරිකානු වහල්සේවයට එවක ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන් මහතාගේ දායකත්වයෙන් තිත තැබෙන්නේ 1862 වසරේදී බව ඔබ අපි හැමෝම දන්නවනෙ. 1840 පමණ සිට එම කාලය දක්වා සිදුවීම් පෙලක් තමයි චිත්‍රපටය තුලින් ඔබට දකින්නට ලැබෙන්නේ.

මේ සිතියමේ රතු පැහැයෙන් තිබෙන්නේ ඔවුන්ගේ ” භූගත රේල්ලු” ජාලය

History.Com අඩවියේ ලිපියක දල පරිවර්තනයකි

මේ ලිපිය ලිව්වෙ චිත්‍රපටය නරඹන අයට පහසුවක් වීමටයි. මෙහි ඇති යම් කරුණු චිත්‍රපටය නැරඹීමේදී ඔබට වැදගත්වනු ඇතැයි සිතමි. තවත් කීමට කරුණු ඇතත් එය චිත්‍රපටය රසවිඳීමට බාධාවක් වෙනු ඇති නිසා ලිපිය මෙතනින් නවත්වන්නම්. හමුවෙමු තවත් උපසිරැසියක් සමගින් ලඟදීම…


උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත් සඳහා සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3265 වාරයක්
Download Links
DIR
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 1.1 GB
GET
1080p bluray 2.18 GB
GET
2160p bluray 5.66 GB
GET
720p web 1.09 GB
GET
1080p web 2.18 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (15)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-28

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. කතා දෙකක් නෑ වෙනද වගේම සුපිරිම ලිපියක් ලියල තියනව 👊👊..
    ජය වේවා.!

    Reply
  • Nimantha Unregistered
    iOS 11.4 UC Browser 11.3
    2020-01-28

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2020-01-28

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 66
    2020-01-28

    ස්තූතියි සබ් එකට සහෝ

    Reply
  • punsara Unregistered
    Windows 10 Chrome 79
    2020-01-29

    tnx sahoo sub ekta

    Reply
  • Arawinda Sunmal Unregistered
    Windows 7 Chrome 79
    2020-01-30

    thanks sub ekata (hasitha Prasad) jayawewa………….

    Reply
  • mithun Unregistered
    Android 8 Chrome 79
    2020-01-31

    අද තමා බලන්න යන්නෙ.. film එක බාල තියෙන්නේ සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…!!!!!!

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-02-02

    පට්ට ස්ටොරි එක.මෙවගෙ ඇත්ත කතා නම් සුපිරියී.
    මගේ හොදම මුවී ලිස්ට් එකට මෙකත් එකතුකලා..
    සබ් එකට හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි සහෝ!!!
    සුපිරි
    🌟🌟🌟🌟🌟🌟
    ❤❤❤❤❤❤

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-02-12

    The Skin I Live In (2011) film එකට සබ් දෙන්න පුළුවන්ද Hasitha 😊😊

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-02-17

    හසිත සහෝ Ip Man movie සෙට් එක බ්ලුරේ වලට සබ් දෙන්න පුළුවන් ද . . අලුත් එකකුත් කොපි ඇවිත් තියෙන්නේ . පරන එවල හොද කොපි වල සබ් නැ.
    ඔයා බලලා තියේද එ මුවි සෙට් එක

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-17

      කිව්වට විශ්වාස කරයිද දන්නෑ, මම Ipman එකක්වත් බලල නෑ. බලමු, වැඩත් එක්කනෙ…ට්‍රයි එකක් දෙන්නම්.

    • Mithun Unregistered
      Android 8 Chrome 79
      2020-02-18

      මේ පාර ඔස්කාර් සම්මානෙ කොරියාවට නේ ගියේ.. පිස්සුනෙ… මන් බැලුව tv program එක.. Parasite මුවී එකට තමා හම්බුනෙ.. ෆිල්ම් එකත් පට්ට නෙ.. දැම් මේ 1917 එක හොද කොපියක් එනකල් ඉන්නෙ..😍😍

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-18

      1917 බලනවනං WEB/BLURAY එනකං ඉන්නම දෙයක් නෑ, මිතුන් . දැන් ඇවිත් තියෙන එක HDScreener එකක්. 1080P එක හොඳටම හොඳයි, මම බැලුවා ඒක. නිකමට ටොරන්ට් එක WEBTORRENT එකට දාල බලන්න, කොලටි එක ගැන අයිඩියා එකක් ගත්තහැකි එතකොට. මම ලින්ක් අප්ඩේට් කරල ඇත්තෙ.

      Parasiteනං මම ආව දවස්වලම බැලුවා, ඒකට ඔස්කා යයි කියලනං කීයටවත් හිතුවෙ නෑ හැබැයි. අනික ෆොරීන් එකකට. කොහොමහරි ෆිල්ම් එක හොඳයි, ඇතුලෙන් යන කතාව වටිනවා, යම් යම් තැන් අතාත්වික වීම ඇරුණම. කොහොමත් කොරියන් ෆිල්ම් එහෙමනෙ ඉතිං. ඒක වෙනම කලාවක්. කොහොමහරි ඔස්කා ටිකක් අවුල් මේ පාර. හොඳම නිලියට හැරියට් එකේ සින්තියා එරීවෝ එහෙම මොනවට නොමිනේට් වුණාද මන්දා.

    • Mithun Unregistered
      Android 8 Chrome 79
      2020-02-19

      ඔයා කියපු නිසාම ඉයෙ රෑ 1917 එක ඩව්න්ලොර්ඩ් කරගත්ත.. අම්මො එක WEB එකක් තරම් quality නෙ… thanks saho.. අද හවස බලනව..😍

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 10.2
    2020-02-28

    ලොකු විස්තරයකුත් එක්ක දුන්නු උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.. විස්තරය කියවද්දි හිතුනා මේ පිලුම බලන්නම ඕන කියලා.
    ජයවේවා…!

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved