Dead Earth (2020) Sinhala Subtitle

October 28, 2020 Admin
Subtitle by Rasika Samanjith

                       මීට දින දෙකකට පෙර, එනම් 2020 ඔක්තෝම්බර් 25 දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කල නවතම සිනමා පටයක් තමයි “PARADISE Z” චිත්‍රපටිය. මේක Dead Earth නමිනුත් හැඳින්වෙනවා. Action, Horror ගණයට තමයි අයිතිවෙන්නෙ. මේක දකුණු කොරියානු සිනමා පටයක්. ඉංග්‍රීසි බසින් තමයි තියෙන්නෙ. දකුණු කොරියාවෙ නම් මීට කලින් තිරගත වෙලා තියෙනවා. ධාවන කාලය විනාඩි 80 යි. රංගනයෙන් දායක වෙනවා Milena Gorum සහ Alice Tantayanon. IMDb 3.1/10 වගේ අඩු අගයක් තියෙන්නෙ. ඇත්තටම මේක සිනමාත්මක පැත්තෙන් බැලුවාම සාර්ථක නිර්මාණයක් කියන්න නම් බෑ. ඒත් මේ චිත්‍රපටියට සබ් කරන්න හිතුවේ කාලීනව යම් වැදගත් දෙයක් මතුකරලා පෙන්නන්න අවස්ථාවක් ලැබුනු නිසයි.

මේ වනවිට මුලු ලෝකය මෙන්ම ශ්‍රී ලංකාවද covid 19 නැත්නම් කොරෝනා තර්ජනයට මුහුන දීලා ඉන්නෙ. මේ චිත්‍රපටයේ කතාවත් ඒ හා සමානයි. මේක සොම්බි ෆිල්ම් එකක්. ඒ කියන්නෙ ඒක ආසාධිත වුනාම මිනිස්සු අමනුස්සයන් බවට පත්වෙලා මිනිස්සුන්වම කනවා. ආසාධිතයෙක් හපලා හරි සූරලා හරි නීරෝගි කෙනෙකුගෙ ශරීරයට වයිරසය ඇතුලු වුනොත් එයත් සොම්බියෙක් වෙනවා. කොරෝනා වගේ තමයි. ඉතින් මේ චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ ඒ වගේ සොම්බි උවදුර පැතිරුනු කාලයක්. හුදෙකලා වුනු තරුණ කාන්තාවන් දෙදෙනෙක් සොම්බින්ගෙන් බේරිලා ජීවත්වෙන්න, හරියටම කිව්වොත් පණපිටින් ඉන්න කරන බිහිසුණු සටන තමයි චිත්‍රපටය පුරාම ගලායන්නෙ. ඉතින් ඒක කොහොමද අපිට වැදගත් වෙන්නෙ? ලංකාවෙ සොම්බිලා නෑනෙ. වැදගත් වෙන්නෙ චිත්‍රපටයේ සෑම තැනකදිම ඉස්මතු කරලා පෙන්වන ඒ තරුණියන්ගේ අධිෂ්ඨානය නිසා. මොකක්ද ඒ. එයාලා අධිෂ්ඨාන කරගෙන ඉන්න දේ තමයි “අපි වයිරසය බෝ කරගන්නෑ. පුලුවන් හැමදේම කරලා අපි පණපිටින් ඉන්නවා” කියන එක. ඒ වෙනුවෙන් එයාලා සෑම ආරක්ෂිත උපක්‍රමයක්ම භාවිතා කරනවා. ඒ වගේම ඒවා සාමාන්‍ය දින චරියාවෙ කොටසක් හැටියට එකතු කරගන්නවා. රටේ තත්ත්වය හා තමන් සැඟවී සිටින ස්ථානය අවට පිලිබඳ නිරන්තර අවධානයෙන් සිටීම, සෝදිසි කිරීම්, තමන් සතු ආයුද පරීක්ෂා කිරීම් වගේ දේවල් වලට අමතරව එයාලා එලියට බහින්නෙත් ආයුධ සන්නද්ධවමයි. සොම්බි කාරයො හැපුවොත් බේරෙන්න අත්වල ලී පටිත් බැඳගෙන ඉන්නෙ ආවරණයක් හැටියට. ඉතින් අපිත් මේ කොරෝනා සමයේ ගෙදරින් එලියට බහින්න ඕනෙ ඒ වගේ. හිනා ගියා නේද? තුවක්කු, කඩු, ලී පටි වලින් කොරෝනා වයිරසයෙන් බේරෙන්න පුලුවන්ද? කොහෙත්ම බෑ. ඒත් ඒකටත් හරියන ආයුධ අපි ලඟ තියෙනවා. අංක එක තමයි මාස්ක් හෙවත් මුඛ ආවරණ. ඊළඟට අත් වැසුම්. තව විෂ බීජ නාශක දියර. ඒ වගේම නිරන්තර ආරක්ෂාවට සෞඛ්‍යය පුරුදු. මීටරේ පරතරය ගැන අවධානය, නිතරම අත් සේදීම, පොදු ස්ථාන වලදී අවම ස්පර්ශය. ඔය තියෙන්නෙ ඕන තරම්. ඉතින් ඒ දේවලුත් හිතේ තියාගෙන, ඒ තරුණියන් දෙදෙනා වගේ “කොරෝනා මම බෝ කරගන්නෙ නෑ, covid 19 වයිරසය මම අපේ ගෙදරට අරන් එන්නෙ නෑ” කියන අධිෂ්ඨානය හිතේ ධාරණය කරගෙන Paradise Z බලන්න කියා ආරාධනා කරමින් නවතින්නම්.     ජය වේවා.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි මේක 18+ ගණයට තමයි වැටෙන්නෙ.

WEBRip / 720p / 1080p

Available Torrents
720p web 738.28 MB
1080p web 1.48 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (2)
  • Rajitha Unregistered
    Android 9 Chrome 86

    Thanks……. Jayawewa….! 

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 86

      Thanx a lot.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search