Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle Action Normal (2026) Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E20] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E19] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E18] Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle Action Normal (2026) Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E20] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E19] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E18] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Black Widow (2021) Sinhala Subtitle

Black Widow (2021) Sinhala Subtitle

July 13, 2021 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7
GENRES
ActionAdventureEnglish MoviesGenresMoviesSci-Fi
CAST

Scarlett Johansson,Florence Pugh,David Harbour

කළු වැන්දඹුව

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ඉතා දිගු මාවල් සිනමා නියඟයකින් පසු මාවල් සිනමා විශ්වයේ හතරවන අදියරේ මුල්ම චිත්‍රපටය ලෙස අප හමුවට එන Black Widow (2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මෙසේ ඔබ වෙත ගෙන එන්නේ. එසේම මෙය මාවල් සිනමා විශ්වයේ විසි හතරවන චිත්‍රපටයද වනවා. මුලින්ම අපේ දමිත් සහෝදරයා හට ස්තූතිය පල කල යුතුයි චිත්‍රපටය උපසිරැසිකරණය සඳහා මා වෙත බාරකලාට.

මේ වනවිට IMDb වෙතින් 7ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 81%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 68%ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටය තිරයට රචනා වෙන්නේ නෙඩ් බෙන්සන්ගේ සහ ජැක් ෂැෆර්ගේ කතාවක් ඇසුරින්, එරික් පියර්සන් අතින්. අධ්‍යක්ෂණ කාර්යය කේට් ෂෝට්ලන්ඩ් විසින්.රංගනයෙන් දායක වන්නේ ස්කාලට් යොහැන්සන්( නතාෂා / බ්ලැක් විඩෝ), ෆ්ලෝරන්ස් පියු (යෙලේනා බෙලෝවා),ඩේවිඩ් හාබර් (ඇලෙක්සි), රේ වින්ස්ටන් ( ඩ්‍රෙයිකොව්), රේචල් වෙයිස් ( මෙලීනා), එවර් ඇන්ඩර්සන් (ලාබාල නතාෂා), වයලට් මැක්ග්‍රෝ(ලාබාල යෙලේනා), විලියම් හර්ට් ( ලේකම් රොස්), ඔල්ගා කුරිලෙන්කෝ ( ඇන්තෝනියා) ඇතුළු පිරිසක්. මෙතනින් ඔබට එවර් ඇන්ඩර්සන්ගේ පෙනුමේ යම් දැක හුරු බවක් දැනෙයිනම් ඊට ලොකු හේතුවක් තිබෙනවා, මොකද ඇය තමයි මිලා යොවොවිච් රංගන ශිල්පිනියගෙ දියණිය. දැන් අපි යමු චිත්‍රපටය නැරඹීමට පෙර මතක් කරගත යුතු දෑ සහ කතාවට යම් ප්‍රවේශයක් ලබාගැනීමට, මොකද මේ බ්ලැක් විඩෝ නොහොත් නතාෂා රොමනොෆ් චරිතය යම් ආකාරයක අද්භූත අඳුරු අතීතයක් ඇති චරිතයක් ලෙසයි සැලකෙන්නේ, එසේම මාවල් සිනමා විශ්වය තුලද ඇයටම වෙන්වූ චිත්‍රපටයකින් ඇයව අපි දකින්නේ පලමු වතාවටයි මේ. චිත්‍රපටයේ එන සිදුවීම් Captain America :Civil War සහ Avengers :Infinity War යන චිත්‍රපටවල අතරමැදි කාලයේ සිදූවූවක්.

කවුද මේ බ්ලැක් විඩෝ?

සම්පූර්ණ නම : නතාලියා ඇලියනොව්නා රොමනොෆ් නොහොත් නතාෂා රොමනොෆ්.

නතාෂා යනු විශේෂ සුපිරි බල ඇති තැනැත්තියක් නොවූවත්, ඇය ඉතාම දක්ෂ ඔත්තුකාරියක් හා රුසියානු KGB රහස් ඔත්තු සේවය වෙතින් පුහුණුව ලැබූ ඝාතකයෙක් . පසුව ක්ලින්ට් බාටන් (හෝක්-අයි) විසින් ෂීල්ඩ් සංවිධානය වෙත බඳවා ගන්නා ඇය ඇවෙන්ජර්ස් කණ්ඩායමේ මුල් සාමාජිකයන්ගෙන් අයෙක්ද වනවා.ආත්මාරක්ෂක සටන් කලාවන් හා විඩෝස් බයිට් විද්‍යුත් කම්පන ආයුධයෙන් සන්නද්ධයි ඇය.

විඩෝ’ස් බයිට්

ෂීල්ඩ් වෙත එක්වීමෙන් පසු ඇය එහි වැදගත්ම නියෝජිතවරියක් වන ඇයව ඔවුන් විසින් වරක් ටෝනි ස්ටාක් (අයන් මෑන්)ගේ ස්ටාක් ඉන්ඩ්‍රස්ට්‍රීස් වෙත ඇයව යවනවා නතාලි රෂ්මන් යන ආරූඪ නමින්. ඒ ටෝනි ස්ටාක්ගේ සෞඛ්‍ය තත්වය අතිශය අයහපත් බවට ඔවුන් සැක කරන නිසා. මෙකී මෙහෙයුම අතරතුර නතාෂා ස්ටාක්ට සහය වනවා ඉවන් වැන්කෝගේ ත්‍රස්ත කුමන්ත්‍රණයට එරෙහිව.

ලෝකි පෘතුවියට එරෙහිව යුධ ප්‍රකාශකලවිට, ඇයව ඇවෙන්ජර් කණ්ඩායම වෙතට එක්කරගන්නා අතර ඇය ටෝනි ස්ටාක්ව හා බෲස් බැනර් (හල්ක්)වද කණ්ඩායමට එක්කරගැනීමට සහය වෙන අතරම ඒ වනවිට ලෝකිගේ ග්‍රහණයේ සිටි බාටන්ව ( හෝක්-අයි) නිදහස් කරගන්නට සමත් වෙනවා. ලෝකිගේ සමස්ත සැලැස්ම එලිදරව්වූ පසු, රොමනොෆ් නිව්යෝක් සටනට එකතුවෙනවා ඇවෙන්ජර් කණ්ඩායම සමග.

එහිදී ටෙසරැක්ටය විසින් නිව්යෝක්වලට ඉහලින් සාදා තිබූ දොරටුව විනාශ කිරීමේ ලොකු කාර්යභාරයක් ඇය කරනවා, අවසානයේ ලෝකි අත්අඩංගුවට පත්වන අතර ඔහුගේ මුළු ආක්‍රමණයම ව්‍යර්ථ වනවා.

ඇවෙන්ජර්ස් කණ්ඩායම සාර්ථකව ලෝකිව පැරදවීමෙන් පසු, නතාෂා දිගටම ෂීල්ඩ් සංවිධානය හා වැඩ කරනවා, මෙවර කැප්ටන් ඇමරිකා සමග. එකට වැඩ කරමින් සිටියදී, නතාෂා සහ කැප්ටන් ඇමරිකා නික් ෆියුරි ඝාතන කුමන්ත්‍රණයක් එලිදරව් කරගන්නවා, එහිදී ඔවුන්ට දැනගන්නවා හයිඩ්‍රා සංවිධානය කෙසේ හෝ තම සංවිධානය තුලට රිංගා ඇති බව. ඔවුන්ව නවතන්නට වින්ටර් සෝල්ජර් උත්සාහ දැරුවත්, රොමනොෆ් විසින් ඇලෙක්සැන්ඩර් පියර්ස්ගේ කූට සැලසුම් ලොවට හෙලිදරව් කරනවා. ඒත් සමගින් ඇයගේ අතීතයේ යම් කොටසක් එලිදරව්වීම නිසා ඇයට සිදුවනවා මද කලක් ඇවෙන්ජර්ස් කණ්ඩායමෙන් ඉවත්වන්නට.

පසුව නැවත ඇවෙන්ජර්ස් වෙත එක්වන ඇය ලොව පුරා තිබෙන හයිඩ්‍රා සෙල්ස් විනාශ කර වුල්ෆ්ගැන්ග් වොන් ස්ට්‍රකර්ව අල්ලාගන්නට උදව් වෙනවා. මෙහිදී ඇය හා බෲස් බැනර් අතර ප්‍රේමයක් හටගන්න ගියත්, එයට බාධා වෙනවා ටෝනි ස්ටාක් හා බැනර් විසින් නිර්මාණය කල අල්ට්‍රෝන් නම් කෘතිම බුද්ධියක් නිසා. නතාෂාටත් ඉතිරි පිරිසටත් සිදුවනවා ඔහුව පරාජය කරන්නට.

අල්ට්‍රෝන්

නතාෂා අල්ට්‍රෝන්ගේ ග්‍රහණයට හසුවුවත් ඇය සමත්වෙනවා අල්ට්‍රෝන් සොකෝවියාවේ සිටින ස්ථානය ඇවෙන්ජර්ස් කණ්ඩායමට දන්වන්නට. ඔවුන් පැමිණ අල්ට්‍රෝන්ව සදහටම පරදවනවා.

සුපිරි වීර ක්‍රියාකාරකම් පාලනය සඳහා ලෝක රජයන් බොහොමයක ඉල්ලීම පරිදි ගෙන එන සොකෝවියා ගිවිසුමේ කොන්දේසි හා වගන්තිවලට නතාෂා එකඟ වනවා.පසුව ඇය අයන් මෑන් හා එක්වෙනවා ගිවිසුමට විරුද්ධ කැප්ටන් ඇමරිකාත් ඔහුගේ සගයා වින්ටර් සෝල්ජර්ගේ අපරාධමය ක්‍රියාකාරකම්වලටත් එරෙහිව. මෙසේ දෙකඩ වන ඇවෙන්ජර්ස් කණ්ඩායම් දෙක එකිනෙකා හා සටන් වදිද්දී, නතාෂා අයන් මෑන්ගේ කණ්ඩායමට පිටුපා කැප්ටන් ඇමරිකා හා එක්වෙනවා මෙම ගැටුම ඇවිලවූ හෙල්මුත් සිමෝ සොයායන්නට. මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්ලැක් විඩෝට රජයේ උදහසෙන් පැනයන්නට සිදුවෙනවා රොජර්ස්ට උදව්වූ නිසා.

මෙයින් පසු නතාෂා රොමනොෆ් නොහොත් බ්ලැක් විඩෝගේ ජීවිතයේ සිදුවීම් තමයි මෙවර Black Widow (2021) චිත්‍රපටයෙන් අපට දැකගන්නට ලැබෙන්නේ… ඒ සියල්ල ලිපියේ ලියා ඔබේ රසවින්දනයට බාධා කරන්නට අකමැති නිසා මෙතනින් එහා සිදුවීම් සියල්ල නරඹන ඔබට බාරයි.. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්…

විශේෂ :

රෙඩ් රූම් නොහොත් රතු කාමරය

Age of Ultron චිත්‍රපටයේදී අපිට මේ ස්ථානය සුළු වශයෙන්
ෆ්ලෑෂ්බැක් විදියට දකින්නට ලැබෙනවා. වීඩියෝ.

එහිදී අපිට දැනගන්නට ලැබෙනවා නතාෂා කුඩාකල සිටම ඔත්තුකාරියක් හා ඝාතකයෙක් වන්නට අවශ්‍ය කුසලතා ඉගෙනගන්නේ මෙම ස්ථානයේදී බව. එසේම තවත් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්නට වනවා මේ රතු කාමරයට යන්නට සිදුවන තරුණියන්ට. එය ඔබට මෙවර චිත්‍රපටය තුලින් දකින්නට හැකි නිසා මම එය සඳහන් කරන්නේ නෑ ලිපිය තුල.

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray පිටපත් සහ WEB පිටපත් සඳහා ගැලපේ.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3554 වාරයක්
Download Links
DIR
TOR
TOR
Available Torrents
3D bluray 2.55 GB
GET
720p bluray 1.2 GB
GET
1080p bluray 2.47 GB
GET
720p web 1.2 GB
GET
1080p web 2.47 GB
GET
2160p web 5.97 GB
GET
Discussion (11)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 91
    2021-07-13

    black widow ගේ විශේෂ ගුණාංගයක් තමයි ..එයා අනිත් කෙනෙක් ගෙන් තොරතුරු ගන්න විදිය ..ලොකි ගේ සැලැස්ම පාවා ..එයා හින් සීරුවෙන් ලබා ගන්නවා .. එතැනදී තමයි මුලින්ම රෙඩ් රූම් එක ගැන කතා වෙන්නේ ..තව ලොකි ගෙන් දෙයක් දැනගන්නවා කියන්නේ අමාරු වැඩක් ..………..හසිතගේ සබ් එකත් එක්ක කට්ටිය හොදින් රස විදිවි ………….

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 89
      2021-07-13

      ඔව්, ඇයි හල්ක්ව කතාකරල ෂේප් කරගන්න විදිය එහෙම. ඒ ටෙක්නික් ඔක්කොම එන්නෙ KGB ට්‍රේනිං එකෙන්. බ්ලැක් විඩෝගෙ කතාව දැක්කම මට මතක්වෙන්නෙම Red Sparrow ෆිල්ම් එක.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 91
    2021-07-13

    සබ් එක එනකං, ෆිල්ම් එක නොබල හිටියෙ.
    බොහොම ස්තූතියි.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 89
      2021-07-13

      :slight_smile:

  • Tharidu Sagara Unregistered
    Windows 10 Chrome 91
    2021-07-13

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81
    2021-07-14

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ

    Reply
  • kavinda gamage Unregistered
    Windows 7 Chrome 91
    2021-07-14

    Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 91
    2021-07-15

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 78
    2021-09-06

    තෑන්ක්ස් අයියේ බ්ලූරේ අප්ඩේට් එකට.
    බ්ලූරේ පිටපතෙයි වෙබ් පිටපතෙයි වෙනස මොකක්ද?
    බැලූ බැල්මට දෙකම එක වගේනේ. කිසි වෙනසක් පේන්නේ නෑ.
    අනික සබ් එකෙත් පොඩි වෙනසක් තමා වෙන්නේ.
    බ්ලූරේ කොපි හොඳයි කියලා කියනවා. මෙතෙක් කල් ඩවුන්ලෝඩ් කරගත්තට මොකෝ වෙනස දන්නේ නෑනේ. ඒකයි අහන්න හිතුණේ.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-09-06

      කමෙන්ට් එක දිග වැඩියිලු, මල්ලි. මම මැසේජ් එකක් දාන්නං, බලන්න.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-09-06

      දමිත් මැසේජ් බොක්ස් එක හදනවලු. මම ඊ -මේල් එකක් දැම්මා බලන්න හම්බවුණාද කියල.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 393
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved