The Quick and the Dead (1995) Sinhala Subtitle

September 20, 2021 Admin
Subtitle by Rasika Samanjith
වේගවත්ම වෙඩික්කාරයා කවුද?

                        ඉතින් හැමෝටම ආඅයුබෝවන්. අද ආවෙ ඔයාලට පොඩි වෙනසක් අරන්. බොක්ස් ඔෆීස් වාර්තා අතරට යාමට සමත්වූ, 90 දශකයේ ඉතාම ජනප්‍රිය වූ ඇමරිකන් වෙස්ටර්න් කව්බෝයි ෆිල්ම් එකක්. ඒ කියන්නෙ බටහිර ගොපලු චිත්‍රපටයක්. ඒ තමයි 1995 පෙබරවාරි 10 දින ඇමෙරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල Quick and the Death චිත්‍රපටය. මේක Action, Romance, Crime, Thriller, Drama සහ Western යන වර්ග වලට දාන්න පුලුවන්. ඔයාල දන්නවනෙ කව්බෝයි ෆිල්ම් කිව්වාම තුවක්කු, පිස්තෝලනෙ මතක් වෙන්නෙ. මේකත් ඒ වගේ තමයි. ඊට අමතරව හොඳ කතාවක්, හොඳ ඉදිරිපත් කිරීමක්. විනාඩි 107 ක ධාවන කාලය ගතවෙනවා වත් තේරෙන එකක් නෑ. මුල ඉඳන් අග දක්වාම එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක්. මේ නමින්ම චිත්‍රපටයක් 1987 දී නිකුත් වී ඇති අතර මෙය ඒකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ. කතාව සහ තිර පිටපත Simon Moore ගෙන්. 1993 මැයි වලදී ඔහුගෙන් පිටපත මිලදී ගන්නා Sony Pictures Entertainment, එහි අධ්‍යයක්ෂනය Sam Raimi ට පවරනවා. මෙහි රඟපෑම්, අධ්‍යයක්ෂනය, සංගීතය සහ සිනමාරූපී භාවය යන අංශ වලට ඉහළම විචාරක ප්‍රතිචාර ලැබිල තියෙනවා. ඒ කරුණු වලට නම් පුද්ගලිකව මාත් එකඟයි. සංගීතය නම් පට්ට. අපි හොඳින්ම දන්න හඳුනන මූණු කීපයක් තමයි මෙහි රංගන ශීල්පීන් අතර දැකගන්න ලැබෙන්නෙ. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව, ප්‍රධාන නිලිය, සුරූපී Sharon Stone, Russell Crowe, Gene Hackman, Lance Henriksen සහ ටයිටැනික් කොලුවා, Leonardo DiCaprio. ෆිල්ම් එකේ එක තැනක හැක්මන්, ස්ටෝන්ගෙ කම්මුලට ගහන සීන් එකක් තියෙනවා. ඒක පිටපතේ තිබුනෙ නෑලු. ඉතින් ඒකට ඇය ප්‍රතිචාර දක්වල තියෙන්නෙ හැබෑවටමයි. ඇමරිකාවේ සහ කැනඩාවේදී, ආරම්භක සති අන්තයේදීම, ඇ.ඩො. 6,515,861 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගනිමින් පටන් ගත් අතර එය අවසන් කලේ ඇ.ඩො. මිලියන 18.6 කින්. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇ.ඩො.මිලියන 28 ක බො.ඔ. ආදායමක් උපයාගෙන සමස්ථ බො.ඔ.ආදායම ලෙස ඇ.ඩො.මි. 46.6 ක් තම නමට ලියාගන්නට සමත්වුනා.

චිත්‍රපටයෙ කතාව ගැන කියනව නම්, මේක ගෙතිල තියෙන්නෙ ගන්ෆයිටර් වරියක්, එහෙම නැත්නම් වෙඩික්කාරියක් ගැන. ඇගේ නම එලන්. හැබැයි ඒක සඳහන් වෙන්නෙ චිත්‍රපටයේ අන්තිම ජවනිකාවෙදි. ඇයව හදුන්වන්නෙ, කාන්තාව යන තේරුම ඇතුව “ලේඩි” කියල. මමත් සබ් එකේ ඒකම තමයි පාවිච්චි කලේ. මෙයා දවසක් එනවා රෙඩෙම්ප්ෂන් කියල පැරණි වෙස්ටර්න් නගරයකට. මෙහේ රජයන්නෙ අවනීතිය. මේ නගරය පාලනය කරන්නෙ ජෝන් හෙරොඩ් කියලා මැර පුද්ගලයෙක්. අති දක්ෂම වෙඩික්කාරයෙක්. කවදාවත් පරාදවෙලා නෑ. නගරයේ වැසියන් ඔහුගේ තාඩන පීඩන යටතේ හරිම දුෂ්කර ජීවිතයක් ගෙවන්නෙ. මේ අතර ඔහු පවත්තනවා “ක්වික් ඩ්‍රෝ” තරගාවලියක්. ඒ කියන්නෙ ගන් ෆයිට් එකක්. ක්වික් ෆයරින් කියලත් කියනවා. දෙන්නෙක් අතර සිදුවෙන වෙඩි තබා ගැනීමක්. මේකෙදි වෙඩි තියනවා කියන එකට ව්‍යවහාරයේ පාවිච්චි කරන්නෙ “අදිනවා” කියන වචනෙ. “ක්වික් ඩ්‍රෝ” කියන්නෙ “වේගවත්ම ඇදිල්ල” කියන තේරුමනෙ. වේගයෙන්ම ඇදගත්තු කෙනා ගොඩ. මන් මේක විස්තර කලේ සබ් එකේදි මමත් ගොඩක් තැන්වල “ඇදිල්ල” කියන වචනෙ පාවිච්චි කල නිසා. හරි, ඉතින්… ජයග්‍රාහකයට තෑග්ග ලෙස අති විශාල මුදලක් ලැබෙනවා. මේ තරගාවලියට සහභාගි වෙන්න ඉහළම තලයේ අති දක්ෂ වෙඩික්කාරයන් හැම පළාතකින්ම නගරයට පැමිණෙනවා. මේ සමහරු එන්නේ සල්ලි බලාගෙන. සමහරු විනෝදෙට. සමහරු තම දක්ෂකම් පෙන්නන්න. සමහරු තමන් තමයි හොඳම කෙනා කියල ඔප්පු කරන්න. සමහරු වේගවත්ම කෙනා හැටියට ගෞරවය ලබාගන්න. ඒ අතරෙ මේක බිස්නස් එකක් කරගත්තු කෙනෙකුත් ඉන්නවා. තව විලංගු දාලා බලෙන් මේ තරගයට සහභාගි කරවන ධර්ම  දේශකයෙකුත් (රසල් ක්‍රෝ) ඉන්නවා. ඔහු නම් කියන්නෙ තමන් අදින්නෙ නෑ කියලා. මේක බොහොම සෙල්ලක්කාර විදිහට ගන්න කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි කිඩ් (ඩිකැප්‍රියෝ). ඒත් අපේ කතා නායිකාව “ලේඩි” නම් මේ සාපලත් නගරයට එන්නෙ ඒ කිසිම දේකට නෙමේ. එහෙනම් වැඩි විස්තර “ක්වික් ඩ්‍රෝ” තරගාවලිය නරඹලාම බලාගමු.

විශේෂ
  මේකෙ ඩිකැප්‍රියෝට කියන්නෙ “ළමයා” කියලා. ඒ කියන්නෙ “කිඩ්” කියල. මමත් පාවිච්චි කලේ “කිඩ්” කියන වචනයමයි. මොකද තරග සටහනේ ඔහුගෙ නම තියෙන්නෙත් කිඩ් කියල. ‘ලේඩි’ ගෙත් එහෙමයි. රසල් ක්‍රෝගෙ නම කෝර්ට්. ඔහු ආගම ප්‍රචාරය කරමින් ඉන්න කෙනෙක් නිසා ඔහුව අමතන්නෙ “දේශකයා” කියල. ගොඩක් තැන්වලදි ඒ නම නොගැලපෙන වගේ නිසා මම “ෆාදර්” කියන වචනෙ යොදල තියෙනවා.

  ස්ටෝන් සහ ක්‍රෝගේ පොඩි සෙක්ස් දර්ශනයක් තියෙනවා. ඒක ෂූට් කලත්, පසුව අධ්‍යක්ෂක රයිමි සහ ස්ටෝන් තීරණය කරනවා, ඒ දර්ශනය චිත්‍රපටයේ කතාවට කිසිම සම්බන්ධයක් නැති නිසා ඉවත් කරන්න. ඒ අනුව ඇමරිකා ප්‍රදර්ශනයේදී එය ඉවත් කල අතර අන්තර්ජාතික පිටපතේ එය ඇතුලත් වුනා. මමත් හිතන්නෙ ඒක නොතිබුනා නම් හොඳයි කියල. එහෙම වුනා නම් කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. නමුත් මේ සමග ඔබට ලැබෙන්නේ අන්තර්ජාතික පිටපතයි.

ජය වේවා.

QUALITY
480P // 400 MB
720P // 605 MB // 900 MB
1080P // 2.8 GB

SUB FORMAT // SRT & IDX

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Rip Type: BRRip
Available Torrents
720p bluray 600.31 MB
1080p bluray 1.99 GB
2160p bluray 4.69 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (6)
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 93

    උපසිරැසියට ස්තූතියි අයියෙ.
    මං මේ ෆිල්ම්එකේ නමවත් අහල තිබුනෙ නෑ. ලිපියෙ හැටියට නං සුපිරිම එකක් වගේ. අනිවාරෙන් බලනවා.

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 93

      ඇත්තටම ෆිලුම නියමයි, ඉනුක. සැඟවුණු මැණික් වගේ ලස්සන පරණ ෆිල්ම් කොච්චර තියෙනවද? අපි ඒවා මතුකරල subz.lk පාඨකයන්ට දෙමු. ෆිල්ම් එක බලල කියන්නකො කොහොමද කියල.

    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 93

      චිත්‍රපටිය බැලුවා. මම කව්බෝයි ටයිප් චිත්‍රපටි වැඩිය බලලා නැති නිසා මේකේ ලොකුවට හොඳක් නරකක් කියන්න තේරෙන්නෙනං නෑ. චිත්‍රපටියනං නියමයි. උපසිරැසියත් වෙනද වගේම සුපිරියටම කරල තියෙනවා.
      :thumbsup:

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 93

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Madusha Unregistered
    Windows 10 Edge 93

    බොහොම ස්තූතියි සහෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 93

    Thank you very much. ⁇
    To you and you and your family
    May the Triple Gem be blessed ..!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search