හොල්මන් පන්නන්න අපිට බැරිද?
පසුගියදා නිකුත් වුනු Horror, Comedy වර්ගයේ දකුණු කොරියානු පට්ට කොමඩියක් තමයි මෙවර අරගෙන ආවෙ. නම Show Me the Ghost. මුල් වරට ප්‍රදර්ශනයක් කලේ කොරියාවේ පැවැත්වෙන අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 25th Bucheon International Fantastic Film Festival දී 2021 ජුලි 10 වෙනිදා. ඉන්පසු 2021 සැප්තැම්බර් 09 දින කොරියාවේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය ඇරැඹුනා. ඉහත සම්මාන උළෙලේදී හූදෝගෙ චරිතය රඟපෑ Kim Hyun-mok හට Korean Fantastic: Fantastic Actor සම්මානය හිමිවූ අතර යේජිගෙ චරිතය රඟපෑ Han Seung-yeon හට Fantastic Actor සඳහා වූ ජූරියේ විශේෂ සම්මානය හිමිවුනා. විනාඩි 83 ක ධාවන කාලයකින් යුතු අතර රංගනයෙන් දායක වෙන්නේ Kim Hyun-mok (හූදෝ), Han Seung-yeon (යේජි) සහ Hong Seung-bum (කීදෝ).
යේජි රැකියාවක් සොයමින් සිටින තරුණියක්. හූදෝ වෙළෙඳසැලක වැඩ කරන තරුණයෙක්. දෙන්නා පොඩි කාලයේ ඉඳන්ම අඹ යාලුවෝ. අවුරුදු 20 ක මිත්‍රත්වයක්. දෙන්නමටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. පදිංචිය පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා. මේ අතර හූදෝ නිවසක් කුලියට ගන්නවා. ඉන්න තැනක් නැති නිසා යේජිත් එහෙට යනවා. අංග සම්පූර්ණ නිවසක්. අවශ්‍ය බඩු මුට්ටු හැම දෙයක්ම තියෙනවා. මාසික රෙන්ට් එකත් අඩුයි. මූලික තැන්පතු මුදලත් අඩුයි. යේජිට නම් මේ ගැන අමුත්තක් දැනෙනවා. වැඩි දවසක් යන්න කලින් මෙයාල දැනගන්නවා ඒ ගෙදර හොල්මනක් ඉන්න බව. අවුරුදු තුනකට ගිවිසුමත් අත්සන් කරල තියෙන්නෙ. තිබුන සල්ලි ඔක්කොම ඒකට යට කරලා, දැන් මෙයාලට සල්ලිත් නෑ. යන්න තැනකුත් නෑ. ගොඩ එන්න තියෙන්නෙ මේ ගෙදරින්මයි. මෙයාලා මොනවා කරයිද? හොල්මනගේ කතාව මොකක්ද? මුල ඉඳන් අග වෙනකල්ම සිනහවෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. හොරර් වුනාට ළමයින්ට උනත් බලන්න පුලුවන්. කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. කිසිම ආදර කතාවක් නෑ. සුපිරි කොමඩියක්. ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගන්න ආරාධනා කරමින් නවතින්නම්.
ජය වේවා.
QUALITY
720p // 762 MB
1080p // 1.4 GB
SUB FORMAT // SRT & IDX TV
♣♣ WEBRip / 720p / 1080p ♣♣
ගොඩක් ස්තුතියි බ්‍රදර් සබි එකට.:rose: ඔයා කලින් දුන්න Movie එකත් Lamb බැලුවා හරි ලස්සන කතාවක්. මේ වගේ වෙනස් කතා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි. තව Japanese Movies / Thai Movies එහෙමත් දෙන්න. බුදු සරණයි දෙවි පිහිටයි:pray::pray::pray:
Thanx, Nirmal, Aniwaren.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Snakehead (2021)
Warning (2021)
De Oost (2020)
Thanx, Saho.
බොහෝමත්ම ස්තුතියි උපසිරසියට
බොහොම ස්තුතියි නියම වැඩක්.
Thanx, kavinda, comment kalaata.
තෑන්ක්ස් සබ් එකට සහෝ