Trending

Half a Loaf of Kung Fu (1978) Sinhala Subtitle

                  සබ්ස්.එල්කේ සමග එකතුවෙලා ඉන්න ජැකී චෑන් රසිකයින් වෙනුවෙන්, ඔන්න අද ජැකීගෙ තවත් පරණ
චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. ජැකීගෙ වික්‍රමාන්විත හැකියාවන්ගෙන් සහ ඔහුගේ සලකුණ වන කොමඩි වලින් පිරුණු චිත්‍රපටයක්. ඒ තමයි Action, Adventure, Martial Arts, Comedy වර්ගයේ චිත්‍රපටයක් වන Half a Loaf of Kung Fu. මුලින්ම තිරගත වුනේ 1978 ජුලි 01 දින හොංකොං වලදි.  සටන් අධ්‍යක්ෂනයත් ජැකීමයි. මෙහි කතාවටත් සම දායකත්වය දෙන්නෙත් ජැකීමයි. නැගෙනහිර ආසියාවෙන් පමණක් ඇ.ඩො.මිලියන 8.3 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන ඇති මෙහි ධාවන කාලය විනාඩි 98 ක්. Jackie Chan (ජියැන්ග්) සමඟ රංගනයෙන් දායක වෙන්නෙ Dean Shek (හිඟන්නා), James Tien (මියාඕ), Lee Man-tai
(මාස්ටර් බෙගර්) සහ Doris Lung (ෆැන්ග්ගෙ දුව).
                        ජියැන්ග් කියන්නෙ සටන් කලා පිළිබඳ දැනුමක් නැති, ඒත් ඉගෙනගන්න ආස තරුණයෙක්. හැබැයි
දන්නව වගේ පෙන්නගෙන ඉන්නෙ. ඒ නිසා වලි වලට පැටලිලා අම්බානක ගුටිත් කනවා. මේ අතරෙ තමයි ඔහුට මාස්ටර් බෙගර් මුන ගැහෙන්නෙ. ජියැන්ග් ඔහුගෙන් ඉල්ලනවා තමාව ඔහුගෙ ශිෂ්‍යයෙක් කරගන්න කියලා. නමුත් ඊට කලින් ඔහු ජියැන්ග්ට වැඩක් බාරදෙනවා. ඒ අනුව ජියැන්ග් මිස්ට ෆැන්ග්ව මුනගැහෙනවා. ඉතා වටිනා වස්තුවක් ආරක්ෂිතව රැගෙන යාම ෆැන්ග්ට බාරවෙලා තියෙන්නෙ. මේ කණ්ඩායමට ජියැන්ගුත් එකතුවෙනවා. හොර හතුරන්, දරුණු මංකොල්ලකරුවන් අතරින් යන මේ ගමනේදී ජියැන්ගෙ දායකත්වය කෙසේ වේවිද?
මෙහි කිසිම අසභ්‍ය වචනයක් හෝ දර්ශනයක් නොමැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 480p – 450mb // 720p – 900mb // 1080p – 1.8gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
Discussion (3)
  • kasun Unregistered
    Android 10 Chrome 78

    thank you very much

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      Thanx for the comment.

  • kasun Unregistered
    Android 10 Chrome 78

    puluwannam mewata sub denna.

    The Killer Meteors (1976)
    Snake Fist Fighter (1973)
    Snake & Crane Arts of Shaolin (1978)
    To Kill with Intrigue (1977)
    Dragon Fist (1979)
    MacGyver (1985-1992) Tv series

    Thank you.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search