Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Gadar: Ek Prem Katha (2001) Sinhala…

Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitle

October 17, 2023 Rasika Samanjith | Admin
IMDB RATING 7.3
GENRES
ActionDramaGenresHindi MoviesMoviesRomance
CAST

Sunny Deol,Ameesha Patel,Amrish Puri

දේශසීමාවට නැවැත්විය නොහැකිවූ ආදරය

සනී ඩියෝල් කියන්නෙ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක් වගේම අති සාර්ථක රංගන තරුවක් බවට
තවත් වරක් ඔප්පු කරමින් ‘ගඩාර් 2’ ඉන්දියාව දෙවනත් කරමින් තිරගත වෙන මේ වෙලාවේ මන් හිතුවා,
2001 වසරේ මේ වගේම පෙරලියක් කල ගඩාර් 1 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔයාලට අරන් එන්න.
2001 ජුනි 15 වන දින අශුතෝෂ් ගෝවාරිකර්ගේ නිර්මාණයක් වූ Lagaan සමඟින් ගෝලීය සිනමාවට
නිකුත් වූ Gadar: Ek Prem Katha අධ්‍යක්ෂණය කරන ලද්දේ Anil Sharma විසින්. 1947 දී ඉන්දියාව
බෙදීමේ කාල වකවානුව පසුබිම් වී අතර බූටා සිංගේ නම් සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය වී ඇත.
Shaktimaan Talwar විසින් මෙහෙ කතාව ලියා ඇති අතර Action, Thriller, Romance, Drama සහ
History යන කැටගරි වලට අයත් වෙනවා. දළ වශයෙන් ඉන්දියානු රුපියල් මිලියන 190 (ඇ.ඩො. මිලියන 4.03) වැය කර නිර්මාණය වූ Gadar: Ek Prem Katha චිත්‍රපටිය, විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුවද,
ඉන්දියාවේදී රුපියල් මිලියන 768.8 (ඇ.ඩො. මිලියන 16.29) සහ බෙදාහරින ආයතනයේ මුදලත්ද සමඟින්
ලොව පුරා රුපියල් මිලියන 546 (ඇ.ඩො. මිලියන 11.57) ක්ද වශයෙන් රුපියල් බිලියන 1.33
(ඇ.ඩො. මිලියන 28.19) ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර Hum Aapke Hain Koun [1994]
චිත්‍රපටයෙන් පසු වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට පත් විය. ඒ වගේම 1990 න් පසුව ඉන්දියාවේ
වැඩිපුරම නැරඹූ දෙවන හින්දි චිත්‍රපටය වන අතර, එම ප්‍රමාණය මිලියන 50කට අධිකය. Box Office India ට
අනුව, 2017 දී ප්‍රවේශපත්‍ර අලෙවියට අනුව එහි ඇස්තමේන්තු කළ දළ ආදායම රුපියල් බිලියන 4.86
(ඇ.ඩො.මිලියන 103) කි. එමෙන්ම 1990 ගණන් වලින් පසුව ඉහළම ආදායම් ලද චිත්‍රපට 3 අතරේ
Gadar : Ek Prem Katha ද ඇත.
ඩියෝල්ගේ සරල, ලැජ්ජාශීලි භූමිකාව ප්‍රශංසාවට ලක් වූ අතර, 47 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී
ඔහු හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශිත වූ අතර අමීශා පටේල්ද හොඳම නිළිය සඳහා නිර්දේශිත වූ අතර
ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානය ලබා ගත්තේය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Sunny Deol (තාරා සිං),
Ameesha Patel (සකීනා) සහ Utkarsh Sharma (චිරන්ජීත් සිං / ජීතේ) රංගනයෙන් දායක වෙන අතර
Amrish Puri (අෂ්රෆ් අලි), Lillete Dubey (ශබානා අලි / සකීනාගෙ මව) සහ Vivek Shauq (දර්මියන්)
සෙසු චරිත නිරූපණය කරයි. මෙහි පසුබිම් කථනයට හඬ ලබාදී ඇත්තේ හිටපු අති දක්ෂ රංගන ශීල්පියෙක් වූ
Om Puri විසිනි. මෙහි සකීනාගෙ චරිතයට කාජල්ව තෝරා ගත්තත්, මෙය ඇගේ වර්ගයේ චිත්‍රපටයක් ලෙස
නොහැඟෙන බව පවසමින් එය ප්‍රතික්ෂේප කර ඇත.
Gadar: Ek Prem Katha හි අනෙක් වැදගත්ම අංගය වන්නේ සංගීතයයි. Uttam Singh ගේ සංගීතයෙන්
හැඩවුනු සුපර් හිට් වූ, මියුරු ගීත ගොන්නක් ඇතුලත් වූ අතර සියලුම ගීතවල පද රචනය ආනන්ද් බක්ෂි ගෙනි.
උත්තම් සිං වරක් පවසා ඇත්තේ, මෙම චිත්‍රපටය 1947 දී පාදක කරගෙන 2001 දී තිරගත වන බැවින්,
1947 ට ගැලපෙන සහ 2000 යුගයේ ශ්‍රාවකයන්ට ගැලපෙන සංගීතයක් නිර්මාණය කිරීම ඔහුට
අභියෝගයක් වූ බවයි. “උඩ්ජා කාලේ කාවාන්..” ගීතය නිර්මාණය කිරීමට ඔහුට මාස එකහමාරකට
ආසන්න කාලයක් ගත වී ඇත. විය. ඉන්දියානු වෙළඳ වෙබ් අඩවියක් වන Box Office India ට අනුව,
එහි ගීත ඇල්බමය පිටපත් මිලියන 2.5ක් පමණ අලෙවි වී ඇත.

♥♥♥ එම ගීත මෙසේය. ♥♥

01. උඩ්ජා කාලේ කාවාන් (පිරිමි) – උදිත් නාරායන්
02. මුසාෆිර් ජානේ වාලේ – උදිත් නාරායන්, ප්‍රීති උත්තම්
03. මේන් නික්ලා ගඩි ලේකේ – උදිත් නාරායන්
04. උඩ්ජා කාලේ කාවාන් (වීවාහය) – උදිත් නාරායන්, අල්කා යාග්නික්
05. හම් ජුදා හෝ ගයේ – උදිත් නාරායන්, ප්‍රීති උත්තම්
06. උඩ්ජා කාලේ කාවාන් (සොයාගැනීම) – උදිත් නාරායන්, අල්කා යාග්නික්, එස්. න්හාර්
07. ආන් මිලෝ සජ්නා – පන්ඩිත් අජෝයි චක්‍රබාර්ති, පර්වීන් සුල්තානා

කතාව කෙටියෙන් කිව්වොත් තාරා සිං ලොරි රියදුරෙක්, ඉන්දියානුවෙක්. ඔහු හින්දු. සකීනා ධනවත්, බලවත් ව්‍යාපාරික සහ දේශපාලන, පාකිස්තාන පවුලක තරුණියක්. ඇය මුස්ලිම්. 1947 ඉන්දියාව බෙදීමේදී ඇතිවුනු කෝලහාල වලදී දෙන්නගෙම පවුල් වල අය ඝාතනය වෙනවා. තාරා පෙර සිටම සකීනාට ආදරය කලත්, ඇයගේ ඉහළ සමාජ තත්ත්වය නිසා නිහඬව ඉන්නවා. වාර්ගික කලබල වලදී ඉන්දියාවේදී ඇයව බේරාගන්න තාරා, ඇයව පාකිස්තානයට ඇරලන්න ඉදිරිපත් වුනත්, ඒ අතර කාලයේදී ඇය ඔහු හා ආදරෙන් බැඳෙනවා. දෙන්නා විවාහ වෙනවා. පුතෙකුත් හම්බෙනවා. වසර කීපයක් යනකොට ඇය දැනගන්නවා ඇගේ දෙමාපියන් පාකිස්ථානයේ ජීවතුන් අතර සිටින බව. ඇගේ පියා අෂ්රෆ් අලි එතකොට ලාහෝර් වල නගරාධිපති. සකීනා තම පවුල මුනගැහෙන්න පාකිස්ථානයට යනවා. නමුත් ඉන්දියාවට, ඉන්දීයානුවන්ට තද බල ලෙස වෛර කරන ඇගේ පියා අෂ්රෆ් අලිට තියෙන්නෙ වෙනමම න්‍යාය පත්‍රයක්. සකීනා ඉන්දියාවේදී විඳි දුෂ්කරතා ඉස්මතුකර, ඒ අනුකම්පාවෙන් දේශපාලන වාසි ගන්න සැලසුම් කරන ඔහු, තම දේශපාලන සගයෙකුගේ පුතෙකුට ඇයව බලෙන් විවාහ කරදෙන්න හදනවා. ඇයව නිවාස අඩස්සියේ තබනවා. තමාගෙ බලය පාවිච්චි කරලා තාරාට පාකිස්ථාන වීසා අවහිර කර ඔහු පාකිස්ථානයට ඇතුලුවීම වලක්වනවා. අසරණ වන තාරා මොනා කරයිද? පාකිස්ථානයට ඇතුලු වී තම බිරිඳ එක්කන් ඒම, තම පුතාගෙ මව එක්කන් ඒම, වලක්වන්න කඩදාසි කැබැල්ලකට හෝ දේශසීමාවකට පුලුවන් වෙයිද?

4K තාක්ෂණයෙන් සහ ඩොල්බි ඇට්මෝස් සවුන්ඩ්ස් සහිත uncut and extended remastered version
එකක් 2023 ජුනි 9 වන දින Zee Studios විසින් සීමිත යලි-තිරගත කිරීමක් කලා. අපි ඔයාලට ලබාදෙන්නේ
එම කොපියයි. විනාඩි 182 ක ධාවන කාලයකින් යුතු මේ රසාලිප්ත නිර්මාණය රස විඳින්න ආරාධනා කරමින්
නවතින්නම්.
” අවිහිංසාව උතුම්ම ධර්මයයි “

ජය වේවා.

QUALITY // 480p – 500 MB // 720p – 1.6 GB // 1080p – 4gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

# WEBRip
Rasika Samanjith
Rasika Samanjith Translator
178 Movies
0 TV Series
178 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2560 වාරයක්
Download Links
WEBRip 480P
400 MB DIR
WEBRip 720P
1600 MB DIR
WEBRip 1080P
4000 MB DIR
WEBRip
1600 MB DIR
Available Torrents
720p web 1.6 GB
GET
1080p web 3.27 GB
GET
Discussion (8)
  • kasun Unregistered
    Android 10 Chrome 78
    2023-10-17

    jackie chan ge films walata sub dennna

    Reply
  • kasun Unregistered
    Android 10 Chrome 78
    2023-10-17

    jackie chan ge films walata sub denna

    Reply
  • kasun Unregistered
    Android 10 Chrome 78
    2023-10-17

    jackie chan ge films walata sub denna

    Reply
    • Rasika Samanjith Admin
      Android 10 Chrome 115
      2023-10-18

      Ok, ok.

  • Sanjeewa Malith Unregistered
    Android 10 Chrome 118
    2023-10-22

    Thank u subtitles akata සුපිරි film akak ❤

    Reply
    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109
      2023-10-26

      Thanx, Malith.

  • Mahesh .b. User
    Windows 8.1 Opera 95
    2023-10-29

    thankz bro…balan hitapu sub ekak..thanks lot

    Reply
    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109
      2023-11-09

      ahannath sathutui. Thanx.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 426
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved