තවත් එක් සුරංගනා කතාවක් නොවේ.
සිනමා රසිකයින් වන ඔයාලා නොදැන ඉන්න බැහැනෙ ෂර්ලොක් හෝම්ස්ගෙ නංගි, ඉනෝලා හෝම්ස්. 2020 සහ 2022 ආපු ඒ චිත්‍රපට දෙක නිෂ්පාදනය කරමින් ඉනෝලා හෝම්ස්ට රඟපෑ හැඩකාර තරුණියත් මතක ඇතිනෙ. ඒ තමයි තවමත් විසි හැවිරිදි වියේ පසුවෙන, බ්‍රිතාන්‍ය නිලි Millie Bobby Brown. ඇය අහිංසක ඉනෝලා චරිතයෙන් මිදිලා, රම්බෝ කෙනෙක් වෙලා පසුගිය 2024 මාර්තු 08 දින රිදී තිරයට පැමිණියා. ඒ තමා ඇගේ නවතම චිත්‍රපටය, Damsel තුලින්. ඉතින් ඔන්න ඒකෙ සබ් එක අපි උණු උණුවෙන්ම අරගෙන ආවා. ඇමරිකන් Dark Fantasy, Action, Adventure සලරුවක් වන “ඩම්සෙල්” පැයයි විනාඩි 50 ක ධාවන කාලයකින් යුක්තයි. Millie Bobby Brown (එලෝඩි) සමග රංගනයෙන් එකතු වෙන්නේ Ray Winstone ( එලෝඩිගෙ පියා), Angela Bassett (එලෝඩිගෙ සුළු මව), Brooke Carter (ෆ්ලෝරියා),Nick Robinson (හෙන්රි) සහ Robin Wright (ඕරියා රැජින).
සීතලෙන් සහ ආහාර හිඟයෙන් බැටකන ඈත උතුරේ ඇති කුඩා රාජ්‍යයක්. මේ රාජ්‍යයේ සුරූපී එලෝඩි කුමරියට එනවා හිතාගන්නවත් බැරි විවාහ යෝජනාවක්. ඒ සශ්‍රීක මෙන්ම ධනවත්, බලවත් ඕරියා රාජධානියෙන්. වත් පොහොසත්කම් වලට නොනැමෙන කෙනෙක් වන එලෝඩි කුමරිය, අමාරුකම් වලින් බැටකන තම ජනතාව ගැන සිතා මේකට කැමති වෙනවා. ඕරියා රාජධානිය මෙයාලව හොඳින් පිලිගන්නවා. හරිම සුහදශීලී පවුලක්. හෙන්රි කුමරුත් බොහෝම හොඳ කෙනෙක්. එලෝඩිත් හෙන්රි කුමරුට ගොඩක් කැමති වෙනවා. විවාහයත් හරි ඉහලින් සිද්ධ වෙනවා. ඒත් මේ ඔක්කොම මවාපෑමක් බවත්, තමා ඉන්නේ මාරක අනතුරක බවත් ඇය දැනගන්නකොට ගොඩක් ප්‍රමාද වෙලා. ඇගේ ඉරණම කෙසේ වේවිද? මොකක්ද මේ ඕරියා රාජධානියේ අභිරහස?
මුල ඉඳන් අග දක්වාම එක හුස්මට බලන්න පුලුවන් ලස්සන නිර්මාණයක්. කිසිම අවුල් දෙයක් නෑ. පවුලේ සැමට එකට ඉඳන් රස විඳින්න පුලුවන් චිත්‍රපටයක්. ලින්ක් වල ප්‍රශ්නයක් ආවොත් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
QUALITY // 480p – 500mb // 720p – 1gb // 1080p – 2gb
SUB FORMAT // SRT
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
ayye subtitle draft widhihta upload wenawa ne giyata passe 404 error kiyala enawaa