Yudhra (2024) Sinhala Subtitle November 04, 2024 Admin ඉතින් තවත් අලුත්ම හින්දි ක්‍රියාදාම සලරුවකට සබ් එකක් අරන් තමයි ආවෙ. 2024 සැප්තැම්බර් 20 දින සිනමාශාලා වලට මුදාහැරි අතර ඉන්දියාව තුල ආරම්භක දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 4.52 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත්වුනා. ඒ තමයි Yudhra. විනාඩි 142 ක ධාවන කාලයකින් යුතු යුද්‍රා, Action, Thriller, Drama යන කැටගරි වලට අයත් වෙනවා. හොඳ කතාවකුත් තියෙනවා. ලස්සන සිංදු තුනකුත් තියෙනවා. ඒ ඔක්කොටම වඩා සුපිරි ඇක්ෂන් ටිකක් නම් ෆිල්ම් එක පුරාම බලාගන්න පුලුවන්. මේකෙ දෙබස් සහ නිෂ්පාදනය ප්‍රවීන නලු ෆර්හාන් අක්තාර්ගෙන්. ඒ වගේම Dil Chahta Hai නිෂ්පාදක Ritesh Sidhwani සම නිෂ්පාදනයෙන් එකතු එනවා. War, Pathaan, Tiger 3 යන ෆිල්ම් වල තිර රචක Shridhar Raghavan ගේ තිර පිටපතක්. ඒ පැත්තෙන් ප්‍රවීනයෝ ටිකක් එකතු වුනාට රඟපෑමෙන් එකතු වෙන්නෙ නැගී එන පරපුරේ මුහුණු ටිකක්. ප්‍රධාන චරිතය වන රුද්‍රාගෙ චරිතයට පෙනී ඉන්නෙ Siddhant Chaturvedi. ඔහු සමග Malavika Mohanan (නිඛාත්), Raghav Juyal (ෂෆීක්), Gajraj Rao (කාර්තික්ර් රාතෝර්), Ram Kapoor (රෙහ්මාන්) සහ Raj Arjun (ෆිරෝස්) රඟපෑමෙන් එකතු වෙනවා. රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් සම්බන්ධ කරනවා. නමුත් හරියන්නෙ නැති තැන රෙහ්මාන් ඔහුට මෙහෙම කියනවා. “ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ. ගිරිශ් ඔයා වගේමයි. ඔහු ඕනෑම දෙයක් කතා කරන්න කලින් තරහ ගන්නවා. ඔහු අවදානම් ගන්න, සටන් තෝරාගන්න ප්‍රිය කලා. හරියටම ඔයා වගේ. ඒත් ඔයාලා දෙන්න එක විදියකින් වෙනස්. ගිරිෂ් තමන්ගෙ තරහ අපතේ හැරියෙ නෑ. ඔහු ඒක නිවැරදි ආකාරයෙන් භාවිතා කලා. කුඩු මුදලාලිලාට විරුද්ධව සටන් කළා. සමහර විට ඔහු මිය ගියෙත් ඒ නිසා. අපිට ඔප්පු කරන්න බැරි උනා, ඒත්…ඔවුන්ගේ අනතුර අහම්බයක් නෙමේ. ඒක කොන්ත්‍රාත් එකක්. මට ඕනෙ මගේ මිනිහෙක් උන්ගෙ ජාලයට දාන්න. පොලීසිය වෙනුවෙන් රහසිගත ඒජන්ට් කෙනෙක් විදිහට සේවය කරන්න කැමතිද? මේ මෙහෙයුම පටන් ගත්තෙ ඔයාගෙ පියා. ඔයාට පුලුවන් ඒක ඉවර කරන්න’. ඉතින් රුද්‍රාගෙ ජීවිතයට මොන මොන විනාශ එයිද? ඔහුගේ දෙමාපියන්ගේ මිනීමරුවා කවුද? අවසානයේ ඔහු කේන්තිය පාලනය අරන්න ඉගෙන ගනීවිද? චිත්‍රපටය බලමු. ජය වේවා. QUALITY // 480p – 400mb / 720p – 700mb, 1.4gb / 1080p -2.7gb ♣♣ HQ HDRip / WEBRip / 480p / 720p / 1080p ♣♣ # HDRip # WEBRip
thanks bro.. ❤️🤩
Thanx, Brother.
Thanks ✌
ස්තුතියි සහෝදරයා.
Thnx for sub
Thanks, Bro.
බොහොම ස්තූතියි සහෝදරයා ආපු ගමන්ම දුන්නට ❤️
කමෙන්ට් කලාට ස්තූතියි, මල්ලි.
Supiri