Trending

Susheela Sujeet (2025) Sinhala Subtitle

15 Views
කාමරයක සිරවුනු ආගන්තුක යුවල
        සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ කරනවා ලෝකයේ විවිධ රටවල, විවිධ භාෂාවන් වල සිනමාපට වල සිංහල උපසිරැසි ඔබට ගෙනත් දීලා ඔබේ සිනමා නිම් වලලු පුළුල් කරන්න. ඒ අනුව මෙවර අරගෙන ආවා ලස්සන ඉන්දීය / මරාති නිර්මාණයක්. ඒ තමයි SuSHEELA.-.SuJEET. මුලින්ම තිරගත වුනේ 2025 අප්‍රියෙල් 18 දින ඉන්දියාවේදි. පැය 1 විනාඩි 35 ක කාලයක් පුරා ගලාගෙන යන Comedy / Drama එකක්. මෙහි ප්‍රධාන නිලි චරිතයට දායක වෙන්නේ Mission Kashmir (2000), Pyaar Tune Kya Kiya (2001), Dil Chahta Hai (2001), Taxi Number 9211 (2006) සහ Singham (2011) යන හින්දි චිත්‍රපට තුලින් ඔබ හමුවට ආ Sonali Kulkarni. දැනට මරාති සිනමාවේ සිටින ඉහළ ප්‍රවීණතාවක් සහිත සහ ඉහලම ගෙවීමක් ලබන නිලියන් අතරේ ඉදිරි පෙලේම සිටින සොනාලි (සුශීලා) සමග රංගනයෙන් එකතුවෙනවා Swapnil Joshi (සුජීත්), Sunil Tawde (රමාකාන්ත්) සහ Renuka Daftardar (සුජීත්ගේ මව).
          පවුලේ කතාවක් රැගත්, මුල සිට අග දක්වාම කිසිම බෝරිං එකක් නැතුව බලන්න පුලුවන් නියම කොමඩියක්. ඒ අතරේ පවුල් වල තියෙන ප්‍රශ්න, අරගල ගැනත් බොහෝම සංවේදීව කතා කරල තියෙනවා, නරඹන්නන්ගෙ රස වින්දනයට බාධා නොවෙන විදිහට. මහල් නිවාසයක 36 වන තට්ටුවේ නිවසක තමයි සුශීලා සහ රමාකාන්ත් යුවල ජීවත් වෙන්නෙ. එහි නිදන කාමරයට යාබද බාත්රූම් එකේ ෂවර් එක හදන්න තමයි සුජීත් ඒ නිවසට එන්නෙ. රමාකාන්ත් ඔෆිස් ගිහින්. සුශීලා සහ සුජීත් ඒ නිදන කාමරේ හිරකාරයො වෙනවා. මොකද එහි දොරේ තියෙන අවුලක් නිසා. දොර වැහුනම එලියෙන් තල්ලු නොකර අරින්න බෑ. එයාලගෙ පෝනුත් සාලෙ. කාගෙන්වත් උදව්වක් ගන්නත් බෑ. දොර ඇරගන්න මේ දෙන්නා නා නා දේවල් කරනවා. ඒ අතරේ මේ ආගන්තුකයින් දෙදෙනා අතර යම් සමීපතාවක් ඇති වෙනවා. ඉදිරිය කොහොම වෙයිද? මේ අහඹු හමුවීම ඔවුන්ගේ ජීවිත කොහොම වෙනස් කරයිද? මොනා වුනත් මේක සිනා සාගරයක් කියල නම් නොකියම බෑ. අසභ්‍ය දර්ශන මොකුත් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. ගිහින් එන්නම්.
ජය වේවා.
Quality // 720p – 850mb // 1080p – 1.7gb
♣♣ WEBRip / 720p / 1080p ♣♣
Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
WEBRip 720P
Direct download
850 MB Direct
WEBRip 1080P
Direct download
1.7 GB Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 850.81 MB x264
▲0 · ▼2
Magnet GET
1080p web 1.7 GB x264
▲1 · ▼0
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search