Prisoner of War (2025) Sinhala Subtitle

September 22, 2025 Admin
Subtitle by Rasika Samanjith
පෙරදිග කලාවන් දත් බටහිර යුධ සිරකරුවා
           Prisoner of War කියන්නෙ 2025 සැප්තැම්බර් 19 දින VOD හරහා ලෝක සිනමා රසිකයන්ට විවෘත වුනු, ජනප්‍රිය සටන් නලු Scott Adkins ගේ නවතම පෙරලිකාර චිත්‍රපටයයි. ඉංග්‍රීසි සහ පිලිපීන යන භාෂා දෙකම අඩංගුවන ඇමරිකන් ෆිලුමක්. බොයිකා සිහි ගන්වන සුපිරි සටන් වැලකින් සමන්විත මෙය Action / Thriller / War යන වර්ග වලට අයත් වෙනවා. විනාඩි 112 ක ධාවන කාලයකින් සමන්විත මෙහි Scott Adkins (ජේම්ස් රයිට්) සමග Peter Shinkoda (කමාන්ඩර් ඉටෝ) සහ පිලිපීන රංගන ශිල්පිනියක් වන Gabbi Garcia (තෙරේසා) රංගනයෙන් එකතු වෙනවා.
      දෙවන ලෝක යුධ සමය පසුබිම් කරගෙන තමයි කතාව ගලාගෙන යන්නෙ. බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ වින් කමාන්ඩර් කෙනෙක් වන ජේම්ස් රයිට්ගේ යානය ප්‍රහාරයකට ලක්වෙලා පිලිපීනයේ බටාන් අර්ධද්වීපයට කඩාගෙන වැටෙන අතර ඔහු එහි ජපන් හමුදා කඳවුරක අත් අඩංගුවට පත්වෙනවා. එහි කමාන්ඩර් වන ඉටෝ සටන් කලා ගුරුවරයෙක්. සටන් වලට ඇති උනන්දුව නිසාදෝ ඔහු කඳවුරේද සටන් වලල්ලක් පවත්වාගෙන යනවා. දක්ෂ සටන් ශීල්පියෙක් වන ජේම්ස්ගේ කුසලතාවයන් කෙරෙහි ඉටෝගේ අවධානය යොමුවීම නිසා, ජේම්ස්ට නිරන්තරයෙන් සටන් වලල්ලට පිවිසෙන්න සිද්ධවෙනවා.
      මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ඒ වගේම ස්කොට් ඇඩ්කින්ස්ගෙ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් කියලත් මතක් කරනවා.
ජය වේවා.
Quality // 480p – 400mb // 720p – 1gb // 1080ප් – 1.8gb
♣♣ WEBRip / BRRip / 480p / 720p / 1080p ♣♣
Available Torrents
720p bluray 1.01 GB
1080p bluray 2.08 GB
720p web 1.01 GB
1080p web 2.08 GB
1080p web 1.88 GB
2160p web 5.04 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search