ආදරයට හරස් වූ සොෆ්ට්වෙයා සිහිනය
kanya Kumari කියන්නෙ 2025 අගෝස්තු 27 නිකුත්වුනු Romance / Comedy ගණයට වැටෙන තෙලුඟු චිත්‍රපටයක්. පැය 2 විනාඩි 13 ක් පුරා කිසිම බෝරිං එකක් නැතුව රස විඳින්න පුලුවන් රසාලිප්ත නිර්මාණයක්. ඉතා ඉහළ මට්ටමේ රස වින්දනයක් සහිත Ravi Nidamarthyගේ සංගීතය, චිත්‍රපටයේ ගුණාත්මකබාවය තවත් ඔසවලා තියෙනවා. සිත මෝහනය කරන ලස්සන තනු නිර්මාණ ටිකක් ඔයාලට රස විඳින්න පුලුවන්. කතාව සහ අධ්‍යක්ෂනය Srujan Attada ගෙන්. නිෂ්පාදනය Srujan Attada සහ Damodara. මෙහි කන්‍යා කුමාරිගෙ චරිතයට පණ පොවන Geeth Saini ගේ රංගනය ඉමහත් ප්‍රශංසාවට ලක්වුනා. ඊට අමතරව Sreecharan Rachakonda (තිරුපති) සහ Sai Krishna Yashodha (සීනු) රඟපෑමෙන් එක්වුනා. සමස්තයක් ලෙස චිත්‍රපටයේ සියලුම නලු නිලියන් තම කොටස ඉතා ඉහළ තත්ත්වයෙන් ඉටුකර ඇති බවත් ඔයාලට පෙනේවි.
කන්‍යාකුමාරි සහ තිරුපති එකම පාසලේ ඉගෙනගන්නෙ. හතේ පංතියෙදි කන්‍යාකුමාරිට ආදරය කරන තිරුපති ඇය පස්සෙන් යනවා. නමුත් ගොවිතැනට මහත්සේ ආසාකරන තිරුපති හතේ පංතියෙදිම ඉස්කෝලෙන් අයින්වෙලා ගොවිතැනට බහිනවා. ඒ විදිහට ඔවුන් වෙන්වෙනවා. නමුත් ඉගෙනීමට ආස සහ දක්ෂ කන්‍යාකුමාරිගෙ එකම හීනය සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් වෙන එක. ඒක ඇය කීයටවත් බැහැර කරන්නෑ. අවුරුදු ගානකට පසු ඉරණම ඔවුන්ව නැවත මුණගස්සනවා. තිරුපති ගොවිතැන ආගම කරගත් ගොවියෙක්. කන්‍යාකුමාරි උපාධියක් ලබාගෙනත් ටවුමෙ රෙදි කඩේක සාරි විකුණනවා. පරණ ආදරය ඉස්මතුවෙන තිරුපති ආයෙත් කන්‍යාකුමාරිගේ පස්සෙන් වැටෙනවා. නමුත් ඔහුගේ බලාපොරොත්තුවට දරුණු
බාධකයක් තියෙනවා. ඒ තමයි විවාහ වෙලා හෝ නගරයට ගිහින් සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් වෙනවා කියන කන්‍යාකුමාරිගේ අධිෂ්ඨානය. තිරුපතිගේ කුලුඳුල් ආදරයට කුමක් වෙයිද? ඔහුට කන්‍යාකුමාරි අතාරින්න වෙයිද? ගොවිතැන අතාරින්න වෙයිද? ඉතින් පවුලේ සැමට එකට සිට රස විඳිය හැකි මේ ලස්සන නිර්මාණය නරඹන්න ගතකරන හෝරා දෙක අපතේ නොයන බව නම් කැට තියල කියනවා.
ජයවේවා.
Quality // 480p – 400mb // 720p – 850mb / 1.2gb // 1080p – 2.4gb
♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
thanks
Thanks, Bro.