Magadheera (2009) Sinhala Subtitle
Ram Charan, Kajal Aggarwal, Dev Gill
Magadheera (2009) කියන්නේ ඉන්දියානු සිනමාවේ ලොකු පෙරළියක් කරපු, එස්. එස්. රාජමෞලි අධ්‍යක්ෂණය කරපු සුපිරි චිත්‍රපටියක්.විශේෂ කරුණක් වෙන්නේ එස්. එස්. රාජමෞලි කියන්නේ විශේෂයෙන් ප්‍රසිද්ද වෙන්නේ …පරන අතීත කතා නැවත නිර්මාණය කිරීම …ඒ කියන්නේ විශේෂ යමක් සෑදීමයි …විශේෂය්නේ මෙයත් ….
……………………………………………………………………………………………………………………………………..
කාලභෛරව කියන්නේ හින්දු දේව විශ්වාසයන්ට අනුව ශිව දෙවියන්ගේ ඉතාමත් බලවත් වගේම රෞද්‍ර ස්වරූපයක්. මේක අර මගධීරා චිත්‍රපටියේ ඉන්න චරිතයට වඩා ගොඩක් වෙනස්, ගැඹුරු පුරාණ කතාවක්.
පුරාණ කතාවල හැටියට දවසක් බ්‍රහ්ම දෙවියන් සහ විෂ්ණු දෙවියන් අතර ලොකු වාදයක් ඇති වුණා “ලෝකයේ උතුම්ම කෙනා කවුද?” කියලා. මේ වෙලාවේ බ්‍රහ්ම දෙවියන් තමන්ට හිස් පහක් තිබුණු නිසා පොඩ්ඩක් අහංකාර වෙලා ශිව දෙවියන්ට අපහාස වන විදිහට කතා කළා.
මේකට ශිව දෙවියන්ට ගොඩක් කේන්ති ගියා. ඒ අධික කේන්තිය නිසාම එයාගේ නළලෙන් (තුන්වැනි ඇසෙන්) ඉතාමත් බය හිතෙන රූපයක් මැවුණා. ඒ තමයි කාලභෛරව. ශිව දෙවියන් ගේ මැවෙන රූප වලට අවතාර කියලා කියනවා ..ඒ වාගේම ඒ අවතාර අපි හොදින් දන්නා අවතාර..විශේෂයෙන් බුදු හාමුදුරුවන් පාවා …කොහොම වනුත් මේ කියන්නේ ඒ කතාව නෙවෙයි ..එකට උපයෝගී කර ගත්තා කියලා මා සිතන දෙය…ඇත්තම දන්නේ රාජමොලි තමා …
ශිව දෙවියන්ගේ අණින් කාලභෛරව කළේ තමන්ගේ අතේ තිබුණු නියපොත්තකින් බ්‍රහ්ම දෙවියන්ගේ අර අහංකාරව කතා කරපු පස්වැනි හිස කපා දාපු එක. මේ නිසා කාලභෛරවට “බ්‍රහ්මහතී” කියන පාපය (බ්‍රහ්මණයෙක් මැරීමේ පව) වැදුණා. ඒ කපපු හිස කාලභෛරවගේ අතේම ඇලුණා
මේ පාපයෙන් මිදෙන්න කාලභෛරවට ලෝකය පුරා හිඟමනේ යන්න සිද්ධ වුණා (කපාලික වත). අන්තිමේදී එයා වාරණාසි (Kashi) නගරයට ආපු ගමන් අර අතේ ඇලිලා තිබුණු හිස්කබල බිමට වැටිලා පාපය නැති වුණා කියලා කියනවා.
ඒ නිසා අදටත් විශ්වාස කරන්නේ වාරණාසි නගරයේ ප්‍රධාන ආරක්ෂකයා හෙවත් “කොට්වාල්” වෙන්නේ කාලභෛරව කියලා. ඒ නගරයට යන ඕනෑම කෙනෙක් මුලින්ම කාලභෛරවගෙන් අවසර ගන්න ඕනේ කියලයි පිළිගැනීම
…………………………………………………………………………………………………………………………..
කතාව පටන් ගන්නේ අවුරුදු 400කට කලින් තිබුණු උදයගාඩ් කියන රාජධානියෙන්.
-
කාලභෛරව (රාම් චරන්): රාජධානියේ ඉන්න දක්ෂතම සහ නිර්භීතම සෙන්පතියා.
-
මිත්‍රා වින්දා (කාජල්): රාජධානියේ කුමරිය.
මුන් දෙන්නා එකිනෙකාට ගොඩක් ආදරය කරනවා. හැබැයි මේ ආදරයට බාධාවක් වෙනවා කුමරියගේම නෑදෑයෙක් වෙන රන්‍දේව්. රන්‍දේව්ට ඕන වෙන්නේ කුමරියව කසාද බැඳලා රජකම ගන්න.
මේ අතරේ ෂේර් ඛාන් කියන මුස්ලිම් ආක්‍රමණිකයා උදයගාඩ් රාජධානිය ආක්‍රමණය කරනවා. රන්‍දේව් සතුරෝ එක්ක එකතු වෙලා කාලභෛරවව මරන්න හදනවා. අන්තිමේදී කන්දක් උඩ සිද්ධ වෙන ලොකු සටනකින් පස්සේ, කුමරිය කන්දෙන් වැටෙනවා. ඇයව බේරගන්න හදන ගමනේදීම කාලභෛරවත් මිය යනවා. හැබැයි මැරෙන්න කලින් දෙන්නම පොරොන්දු වෙනවා ආයෙත් කවදාහරි හමුවෙනවා කියලා.
අවුරුදු 400කට පස්සේ මේ හැමෝම නැවත උපදිනවා.
-
හර්ෂ (රාම් චරන්): බයික් රේස් පදින තරුණයෙක්.
-
ඉන්දු (කාජල්): සාමාන්‍ය තරුණියක්.
දවසක් අහම්බෙන් ඉන්දුගේ අත වැදුණු ගමන් හර්ෂට තමන්ගේ පරණ ජීවිතේ දර්ශන පේන්න ගන්නවා. හැබැයි එයාට මුලින්ම තේරෙන්නේ නැහැ මේ මොකක්ද වෙන්නේ කියලා.
මේ ආත්මෙදිත් රන්‍දේව් (රඝුවීර් විදිහට) ඉපදිලා ඉන්නවා. එයාට තමන්ගේ පරණ ජීවිතේ මතකයි. එයා හදන්නේ කොහොම හරි ආයෙත් ඉන්දුව තමන්ගේ කරගන්න. රඝුවීර් බොරු කරලා හර්ෂව මේ කතාවෙන් අයින් කරන්න හදනවා.
හර්ෂට තමන්ගේ අතීතය සම්පූර්ණයෙන්ම මතක් වෙනවා. එයා දැනගන්නවා තමන් තමයි අර වීර සෙන්පති කාලභෛරව කියලා. ෂේර් ඛාන් වර්තමාන ආත්මයේදී හර්ෂට උදව් කරනවා.
අන්තිමේදී හර්ෂ සහ රඝුවීර් අතර ලොකු සටනක් සිද්ධ වෙනවා. අතීතයේදී තමන්ගේ ආදරය දිනාගන්න බැරි වුණත්, මේ ආත්මයේදී හර්ෂ (කාලභෛරව) දුෂ්ටයාව පරද්දලා ඉන්දුව (මිත්‍රා) බේරගන්නවා.