Inferno (1999) Sinhala Subtitle
1999 සැප්තැම්බර් 25 දින නිකුත් වුනු ජනප්‍රිය සටන් නලු වෑන් ඩෑම්ගේ Inferno හෙවත් Desert Heat ෆිල්ම් එකට තමයි අද උපසිරැසියක් එක් කලේ. විනාඩි 95 ක ධාවන කාලයකින් යුතු Action / Comedy / Drama / Romance වර්ගයේ චිත්‍රපටයක්. 1961 ජපන් සමුරායි චිත්‍රපටයක් වූ Akira Kurosawa ගේ Yojimbo චිත්‍රපටය තමයි මේකට පාදක වෙලා තියෙන්නෙ. හැබැයි මෙහි නිෂ්පාදක කණ්ඩායම ඒ චිත්‍රපටය මුලුමනින්ම අමතක කරලා නෑ. කළගුණ සැලකීමක් වගේ,
ෆිල්ම් එක තුල එක අවස්ථාවක ඒ “යොජිම්බෝ” චිත්‍රපටය ගැන සඳහන් කිරීමක් කරනවා. Jean-Claude Van Damme (එඩී ලෝමැක්ස්) සමග Pat Morita (ජූබල් අර්ලි), Danny Trejo (ජොනී / සික්ස් ටෝස්), Gabrielle Fitzpatrick (රොන්ඩා) සහ Jaime Pressly (ඩොටී) රංගනයෙන් එකතු වෙනවා.
හිටපු සොල්දාදුවෙක් වන එඩී ලෝමැක්ස් සම්පූර්ණයෙන්ම තහවුරු නොකළ හේතූන් මත ජීවිතයෙන් බොහෝ වෙහෙසට පත්ව, ඒ සියල්ල අවසන් කිරීමට හිතාගෙන සියදිවි නසාගන්න කාන්තාරයට මෝටර් බයික් එකෙන් යනවා. අවසාන වශයෙන් එම ප්‍රදේශයේ සිටින ඔහුගේ පැරණි හමුදා සගයෙක් වන, ඔහුගේ හොඳම යාලුවා, ජොනී හෙවත් සික්ස් ටෝස්ට ඔහුගේ බයික් එක තෑග්ගක් ලෙස දෙන්නයි එඩීගෙ අරමුණ. නමුත් කාන්තාරෙදි හමුවන, එම පළාතේ ප්‍රධාන ජාවාරම්කරුගේ පුතුන් තිදෙනා එඩීට මැරෙන තරමට පහරදී, ඔහුගේ බයික් එක අරගන්නවා. මේ නිසා සියදිවි නසාගැනීමේ මාවතක සිටි එඩීව පළිගැනීමේ මාවතකට යොමු කරනවා.
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක ළමයින්ට නම් සුදුසු නෑ. අසභ්‍ය දර්ශන වගේම නොසරුප් වචනත් අඩංගුයි. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 872mb // 1080p – 1.5gb