The Punisher: One Last Kill (2026) Sinhala Subtitle
ෆ්‍රෑන්ක් කාසල් (The Punisher) එයාගේ පවුල මරපු සේරම අපරාධකාරයන්ගෙන් පලි අරන් ඉවරයි කියලා හිතාගෙන හිටියට, වැඩේ එතනින් ඉවර වෙන්නේ නැහැ. ලිට්ල් සිසිලි පැත්තේ මැර බලය අල්ලගෙන හිටපු නුචි (Gnucci) පවුලේ අයව ෆ්‍රෑන්ක් ඉවර කරල දැම්මට පස්සේ, ඒ පැත්තේ ලොකු අරාජිකත්වයක් ඇති වෙනවා. මැරයෝ නැති වුණාට පස්සේ පාරවල් වල ඉන්න පොඩි පොඩි පික්පොකට් කාරයෝයි, කුඩු කාරයෝයි පාලනයක් නැතුව නටන්න ගන්නවා.
ෆ්‍රෑන්ක් දැන් ඉන්නේ හෙනම මානසික පීඩනයක. එයාට පරණ මතකයන් වද දෙනවා. එයා මැරින් භටයෙක් විදියට ගත්ත දිවුරුම් සහ එයාගේ මැරුණු පවුලේ අයගේ මතකයන් එක්ක එයා තනියම සටන් කරනවා.නුචිලා නැති වුණාට පස්සේ ඒ රික්තය පුරවන්න අලුත් කල්ලියක් එනවා. මේ අය පරණ මැරයන්ට වඩා හෙනම තිරිසන් විදියට සාමාන්‍ය මිනිස්සුන්ට වද දෙනවා. ෆ්‍රෑන්ක්ගේ යාළුවෙක් වෙන කර්ට් (Curt) උත්සාහ කරනවා ෆ්‍රෑන්ක්ට මේ මිනීමැරුම් නතර කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උදව් කරන්න. හැබැයි ෆ්‍රෑන්ක් දකින්නේ තමන්ගේ ජීවිතේ එකම අරමුණ මේ “කුණු” අතුගා දාන එක විතරයි කියලා. නගරයේ අසරණ මිනිස්සුන්ට (උදාහරණයක් විදියට අර කෝපි කඩේ ඉන්න පවුලට සහ පාරේ ඉන්න නාකි මනුස්සයාට) අලුත් මැරයන්ගෙන් වෙන හිරිහැර ෆ්‍රෑන්ක්ට බලාගෙන ඉන්න බැරි වෙනවා. “One Last Kill” නැත්නම් “අන්තිම දඩයම” විදියට ෆ්‍රෑන්ක් තීරණය කරනවා මේ අන්තිම අපරාධ කල්ලියත් එක්ක මුහුණට මුහුණ සටනකට යන්න.
මේකේ තියෙන්නේ ෆ්‍රෑන්ක් කාසල් තමන්ගේ ඇතුළේ ඉන්න යක්ෂයා එක්ක කරන සටනයි, නගරය බේරගන්න කරන අන්තිම ලේ වැගිරීමයි ගැන. පලිගැනීමෙන් පස්සේ හිතට සැනසීමක් නැති වුණත්, අසරණ මිනිස්සු වෙනුවෙන් ආයෙත් වතාවක් පනිෂර් කෙනෙක් වෙන්න එයාට සිද්ධ වෙනවා.
කෙටියෙන් කිව්වොත්, මේක තනිකරම “ගේමක්” ඉවර කරන්න යන පට්ටම වයලන්ට් (Violent) ඇක්ෂන් කතාවක්.
බලන්න අසීරු නිසා ..16 යෙන් අඩු අයට මම මෙය නිර්දේශ කරන්නේ නැහැ