Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitle
Johnny Depp, Geoffrey Rush, Orlando Bloom
Pirates of the Caribbean පලවෙනි කතාව
කතාව පටන් ගන්නේ එලිසබෙත් ස්වෝන් කියන ගෑනු ළමයා මුහුදේ පාවෙන කොල්ලෙක්ව (විල් ටර්නර්) බේරගන්න තැනින්. එලිසබෙත් ළඟ තියෙනවා රත්තරන් කාසියක්, ඒක විල්ට ලැබුණේ එයාගේ තාත්තාගෙන්. අවුරුදු ගාණකට පස්සේ, කැප්ටන් ජැක් ස්පැරෝ පෝට් රෝයල්වලට එනවා තමන්ගේ නැව ‘බ්ලැක් පර්ල්’ එක ආපහු හොයාගන්න. හැබැයි එදාම රෑ බාබෝසාගේ කොල්ලකරුවෝ ඇවිත් එලිසබෙත්ව පැහැරගෙන යනවා. ඒ රත්තරන් කාසිය උන්ගේ ශාපය නැති කරන්න ඕන නිසා.
විල් ටර්නර් ජැක් එක්ක එකතු වෙලා එලිසබෙත්ව බේරගන්න යනවා. ඇත්තටම මේ බාබෝසයි එයාගේ සෙට් එකයි සඳ එළිය වැටුණම ඇටසැකිලි වෙන ශාපයකට අහුවෙලා ඉන්නේ. උන් ඒ ශාපෙන් නිදහස් වෙන්න නම් ඒ රත්තරන් කාසි ඔක්කොම එකතු කරලා, අන්තිම කාසියත් එක්ක අස්තීයක් (ලේ) පූජා කරන්න ඕනේ. අන්තිමට ජැක් සහ විල් එකතු වෙලා මේ ශාපය කඩලා බාබෝසාව පරාද කරනවා. ජැක් ආයේ එයාගේ නැව ‘බ්ලැක් පර්ල්’ එක අයිති කරගන්නවා.