Slyth: The Hunt Saga (2023) Sinhala Subtitle
Slyth : The Hunt Saga කියන්නෙ Action / Romance / Sci-Fi වර්ගයේ තායිලන්ත නිර්මාණයක්. 2023 දෙසැම්බර් 05 දින මුලින්ම තිරගත වුනු “ස්ලිත්”, පැය 1 විනාඩි 40 ක ධාවන කාලයකින් යුක්තයි. ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නේ Luke Ishikawa Plowden (නේම්) සහ Mookda Narinrak (සී) විසින්.
කතාවට පසුබිම වන්නේ අනාගතයයි. මේ කාලයේ ලෝකයේ වාතය හොඳටම දූෂණය වෙලා. විෂ දුමාරයකින් පෘථිවිය වැහිල තියෙන්නෙ. මිනිස්සුන්ට මාස්ක් නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි තාක්ෂණය පට්ට දියුණුයි. සී කියන්නෙ නව යොවුන් වියේ තරුණියක්. පොඩි කාලෙම අම්මා මැරිලා. තාත්තා “හන්ටර් ඇරීනා” නමැති ලෝකයේ අංක එකේ ගේම් කම්පැනියක අයිතිකාරයා. නමුත් ෂී තාත්තගෙන් ඈත්වෙලා යාලුවො සෙට් එකක් එක්කයි ඉන්නෙ. යාලුවො 4 දෙනෙක්. දවසක් මේ පස්දෙනා ෂීගෙ තාත්තගෙ ගබඩාවකට හොරෙන් ඇතුල්වෙනවා. එහිදී ඔවුන් අමුතු ආකාරයේ භයානක ජීවියෙක් දකින්න ලැබෙනවා. ඔවුන් පණ බේරාගෙන වෑන් එකකින් පලා යද්දි, එක්තරා තරුණයෙක් වෑන් එකට හැප්පෙනවා. ඔහුට සිහිය නැතිවෙන නිසා, ෂී ඔහුව ඇගේ ගෙදරට අරන් යනවා. නමුත් හැමෝම පුදුමයට පත්වෙන කාරණය තමයි, අධික වේගයෙන් ගියා වාහනයකට හැප්පිලත් ඔහුගෙ ඇඟේ සීරීමක්වත් නැති එක. ඔහුට අතීතය අමතකයි. ඒ නිසා ෂී ඔහුට නමක් දානවා “නේම්”. නමුත් ෂී දන්නෙ නෑ, නේම් කියන්නෙ ෂීගෙ අම්මගෙ මරණයටත් ගෑවුනු, අද්භූත පිටසක්වල ජීවියෙක් කියලා. මෙහෙම තමයි ලොකු අභිරහසක කතාව පටන් ගන්නේ.
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම 18+ සීන් එකක් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 919 // 1080p – 1.8gb