Past Life (2025) Sinhala Subtitle
Jeremy Piven, Tim McInnerny, Nicholas Farrell
මෙම කතාව ගෙතී ඇත්තේ හිතුවක්කාර මාධ්‍යවේදියෙක් වන ජේසන් වටායි. ජේසන්ට නිතරම අමුතු බියකරු සිහින පෙනෙනවා. මේ සිහිනවල ඔහු දකින්නේ 80 දශකයේ සිදුවූ මිනීමැරුමක්. මෙය හුදෙක් සිහිනයක්මද නැත්නම් ඔහුගේ අතීත ජීවිතයේ මතකයක්ද යන ගැටලුවෙන් ඔහු දැඩි පීඩනයකට පත්වෙනවා.
තම පීඩනය අවම කර ගැනීමට ජේසන් මනෝවිද්‍යාව පිළිබඳ පර්යේෂණ කරන තිමති බෙවන් නම් මෝහන චිකිත්සකයා (Hypnotist) හමුවෙනවා. තිමති ජේසන්ව මෝහනයට ලක් කරමින් ඔහුගේ අතීතයට රැගෙන යනවා. ජේසන් දකින දර්ශන හරහා 80 දශකයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනෙකුගේ ඝාතන පිළිබඳ අඳුරු රහස් හෙළි වෙන්නට පටන් ගන්නවා.
ජේසන්ගේ බිරිඳ වන ක්ලෙයා, ජේසන් මේ දේවල් පසුපස යාම ගැන දැඩි කලකිරීමෙන් හා බියෙන් ඉන්නේ. ඇය දකින්නේ ජේසන් සිරියාවේ සිට ආ දා සිටම මානසිකව පීඩාවට පත්ව සිටින බවයි. ජේසන්ගේ පරීක්ෂණ නිසා ඔහුට සැබෑ ජීවිතයේදීත් ජීවිත තර්ජන එල්ල වෙනවා. ජේසන් සොයා ගන්නා තොරතුරු ඔහුව විශ්වවිද්‍යාලයේ හිටපු මනෝ වෛද්‍යවරයෙක් වන සෙබස්තියන් ඩ්‍රේක් වෙත රැගෙන යනවා.
අන්තිමේදී ජේසන්ට තේරුම් යනවා, තමා දකින ඒ ඝාතකයා වෙන කවුරුත් නොව, තමාගේම අතීත ජීවිතයක් බව. නමුත් මෙහි තිබෙන අභිරහස වන්නේ, ඒ ඝාතකයා තමන් ඉපදීමට මොහොතකට පෙර මියගිය කෙනෙක් වීමයි. තිමති බෙවන් සැබෑවටම ජේසන්ට උදව් කරනවාද, නැත්නම් ජේසන්ව තමාගේම පර්යේෂණවලට අහිංසක ඉත්තෙක් කරගන්නවාද යන්න කතාවේ උච්චතම අවස්ථාව වනවා.
සත්‍යයත් මනඃකල්පිතයත් අතර දෝලනය වන, ජේසන්ගේ මනස අභ්‍යන්තරයේ සඟවා ඇති අතීත ජීවිතයේ අඳුරු අත්දැකීම්වලින් ඔහුගේ වර්තමානය බිලිගන්නා ආකාරය මෙම කතාවෙන් නිරූපණය වෙනවා.