Mexicali (2026) Sinhala Subtitle
Bren Foster, Plutarco Haza, Tania Raymonde
ජෝ කියන්නේ යුද්ධ කරලා එපා වෙලා හිටපු හිටපු හමුදා සෙබළෙක්. එයා තමන්ගේ අතීතය අමතක කරලා මෙක්සිකෝවේ දුර පළාතක එස්ට්‍රෙලා එක්ක පොඩි ගොවිපොළක සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒත් ඒ ගොවිපොළේ වැඩ කරන අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න, ඒ වගේම ගොවිපොළ දිගටම පවත්වාගෙන යන්න සල්ලි ඕනේ වෙනවා. මේ නිසා ජෝට සිද්ධ වෙනවා ආයේ පාරක් තමන්ගේ අතීතයේ තිබුණු දරුණුම දේ – සටන් කිරීම – කරන්න. එයා රහසිගතව පැවැත්වෙන භයානක ‘පිට් ෆයිට්’ (Pit fight) වලට සම්බන්ධ වෙනවා.
මේ අතරේ ජෝගේ සතුටුදායක ජීවිතේට තිත තියන්න දේශීය මැර කල්ලියක් එනවා. මේ කල්ලියේ නායකයාගේ තාත්තා ඉතා බලවත් කෙනෙක්. එයා තමන්ගේ හයිය පාවිච්චි කරලා මේ ගොවිපොළ බලහත්කාරයෙන් අල්ලගන්න උත්සාහ කරනවා. මුලදී ජෝව මරලා දාන්න හදුවත්, ජෝ මැරෙන්නේ නැති බව දැනගත්තම මේ මැරයෝ ගොවිපොළේ ඉන්න අහිංසක මිනිස්සුන්ට වද දෙන්න පටන් ගන්නවා.
ගොවිපොළත්, එස්ට්‍රෙලාත්, අහිංසක සේවකයෝ ටිකත් බේරගන්න ජෝට තනිවම සටන් කරන්න සිද්ධ වෙනවා. ජෝ තමන්ගේ අතීතයේ ඉගෙන ගත්තු සටන් ශිල්ප, විශේෂයෙන්ම පිහියෙන් සටන් කරන ක්‍රම පාවිච්චි කරලා මේ මැර කල්ලියව එකින් එකා විනාශ කරනවා. අන්තිමට ජෝ එයාගේ ජීවිතේම පරදුවට තියලා, අසාධාරණයට එරෙහිව සටන් කරලා ඒ භූමියත්, තමන්ගේ ආදරණීයයෝ ටිකත් බේරගන්නවා.
අන්තිමේදී ජෝ තේරුම් ගන්නවා, එයා කොච්චර සාමකාමී වෙන්න හැදුවත්, තමන්ගේ අය වෙනුවෙන් සටන් කිරීම එයාගේ ජීවිතේ කොටසක් බව. කතාව ඉවර වෙන්නේ ජෝ තමන්ගේ අලුත් ජීවිතේ එස්ට්‍රෙලා එක්ක ගොවිපොළේ සාමකාමීව ඉස්සරහට යන්න හදන තැනින්.