Trending

Ek Din (2026) Sinhala Subtitle

93 Views
එක දවසක සිහිනය

දිනේෂ් (දිනෝ) යනු ආයතනයක සේවය කරන, සමාජශීලී බවින් තරමක් අඩු, එහෙත් අහිංසක තරුණයෙකි. ඔහු එම ආයතනයේම සේවය කරන මීරා නම් රූමත් තරුණියට දැඩි ලෙස ආදරය කරයි. මීරා දෙස බලා සතුටු වනවා මිස, ඇයට සිය ආදරය ප්‍රකාශ කිරීමට තරම් දහිරියක් ඔහුට නැත. මීරා ඒ වන විටත් ඇයගේ ප්‍රධානියා සමඟ ප්‍රේම සම්බන්ධයක පැටලී සිටී.

අහම්බෙන් සිදු වන කාර්යාලීය සංචාරයක් සඳහා ඔවුන් පිරිස ජපානය බලා පිටත්ව යති. ජපානයේදී සුන්දර හිම පතනය මැද සිදුවන එක්තරා අවාසනාවන්ත සිදුවීමක් නිසා මීරා හට “Transient Global Amnesia” (තාවකාලික මතක ශක්තිය අඩුවීම) නම් තත්ත්වය වැළඳේ. මීරාට ඇයගේ මෑත කාලීන මතකයන් අමතක වී යන අතර, ඇයට සිදුවීම් පාලනය කරගත නොහැකි වේ.

මීට පෙර දිනේෂ් ජපානයේ පිහිටි ජනප්‍රිය ‘Fortune Bell’ එක අසලදී, “මීරා සමඟ එකම එක දවසක් හෝ පෙම්වතියක් ලෙස ගත කිරීමට ලැබේවා” යැයි ප්‍රාර්ථනයක් කර තිබුණි. මීරාගේ මෙම අසනීප තත්ත්වය නිසා, ඇය දිනේෂ්ව ඇයගේ පෙම්වතා ලෙස වැරදියට වටහා ගනී. දිනේෂ්ට තමා කලින් කළ ප්‍රාර්ථනය ඉටු වූවා සේ දැනේ. එතැන් සිට, ඔහු මීරා සමඟ ඉතා ආදරණීය, සොඳුරු එකම එක දිනයක් ගත කරයි.

කෙසේ වෙතත්, මෙය සදාකාලිකව පවතින එකක් නොවන බවත්, මීරාට යථා තත්ත්වයට පත් වූ පසු සියල්ල අමතක වී යන බවත් දිනේෂ් හොඳින් දනී. අවසානයේ ඔහු තීරණය කරන්නේ කුමක්ද? තමා කෙරෙහි ආදරයක් නොමැති මීරා සමඟ තවදුරටත් රැඳී සිටිනවාද, නැතහොත් ඇයට සත්‍යය පවසා ඇයව මුදවා ගන්නවාද යන්න චිත්‍රපටයේ ඇති සංවේදීතම කොටසයි.

චිත්‍රපටයේ විස්තර:

  • ප්‍රධාන නළු නිළියන්: ජුනයිඩ් ඛාන් සහ සායි පල්ලවී.

  • අධ්‍යක්ෂණය: සුනිල් පාණ්ඩේ.

  • ආභාෂය: මෙය 2016 වසරේ තිරගත වූ “One Day” නම් තායි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

මෙම චිත්‍රපටයේ ගලායාම තුළින්, ආදරය යනු අයිති කර ගැනීමක් පමණක් නොව, කෙනෙකු වෙනුවෙන් කැපවීමක් සහ පෞද්ගලික සතුටට වඩා අන් අයගේ යහපත සිතීම බව පෙන්වා දෙයි.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
188 Movies
653 TV Series
841 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 1.13 GB x264
1080p web 2.31 GB x264
1080p web 2.09 GB x265
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search