One Last Shot (2026) Sinhala Subtitle
IMDB RATING
7.508
CAST
Scott Adkins, Steven Cree, Hannah Ware, Dolph Lundgren, Kane Kosugi, Neil Linpow, Ray Fearon, Tom Dunne, Michel Curiel, Tom Leigh
වොෂින්ටන් නගරය හොල්ලපු ත්‍රිලර් ගේම
2026 අවුරුද්දේ ආපු ‘One Last Shot’ කියන්නේ මුළු ඇමෙරිකාවම කැළඹිලා යන විදියේ ත්‍රස්ත ප්‍රහාරයකින් පස්සේ වෙන පට්ටම ඇක්ෂන් සහ පොලිටිකල් ත්‍රිලර් ගතියක් තියෙන ෆිල්ම් එකක්.
කතාව පටන්ගන්නේ වොෂින්ටන් ඩී.සී. (Washington, D.C.) වල පැවැත්වෙන රාජ්‍ය නායකයාගේ විශේෂ දේශනය අතරතුර සිදුවන අමුතු කුමන්ත්රණයකින්. විකිරණශීලී බෝම්බයක් (Radiological Device) පපුරුවන්න හදනවා කියලා දැනගත්ත ගමන් මුළු තැනම අල වෙනවා. මූණ වහගත්ත සූදූකාරයෝ ටිකක් ඇවිත් එක පාරටම වෙඩි තියන්න පටන් ගන්නවා.
මේකත් එක්කම මුළු රටම භීතියට පත් වෙන අතරේ අගනුවර කොල්ලකෑම් පවා පටන් ගන්නවා. නැෂනල් ගාඩ් එකෙන් බස්සලා තත්වය පාලනය කරන්න හැදුවත්, ආරක්ෂක අංශ ඇතුළේ හිටපු ද්‍රෝහීන් නිසා ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) නිලධාරීන් කිහිප දෙනෙක්වත් අත්අඩංගුවට ගන්න වෙනවා.
මේ සේරම පිටිපස්සේ ඉන්නේ එලියට් කාටර් (Elliott Carter) කියන හිටපු හමුදා සෙබළා. එයා දැනට ආරක්ෂක අංශවලට බඩු සපයන ලොකු කොන්ත්රාත්කාර සමාගමක (Farbridge) CEO. එයා පිටරට රාජ්‍යයකින් සල්ලි අරගෙන ඇමෙරිකාවේ ප්‍රධානම න්‍යෂ්ටික මිසයිල ආරක්ෂක පද්ධතිය (Nuclear Missile Defense System) කඩලා දාලා හමුදාව අඩපණ කරන්න තමා මේ ගේම ගහන්නේ.
ඒකට එයාට ඕන වෙනවා ඇමෙරිකාවේ ඒකාබද්ධ හමුදා ප්‍රධානීන්ගේ (Joint Chiefs) සහ NSA එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එලේනා ටෝරස් (Elena Torres) ගේ ජීවමිතික දත්ත (Biometrics – ඇස්, ඇඟිලි සලකුණු).
එලේනා කොහොමහරි කාටර්ගේ මිනිස්සුන්ගෙන් බේරිලා ගොඩනැගිල්ල ඇතුළේ හැංගිලා ඉද්දී, එයාගේ ආරක්ෂාවට ඉන්න ටයිලර් ඇතුළු පිරිස තමන්ගේ ජීවිත පරදුවට තියලා කාලය අරන් දෙනවා.
අන්තිමේදී, කාටර්ට න්‍යෂ්ටික පද්ධතියේ බලය ගන්න කලින් හමුදාවේ විශේෂ බලකායෙන් ලැබෙන ගේම නිසා කාටර්ගේ ප්ලෑන් එක පරාජය වෙනවා. අවසානයේ තුවාල ලැබූ විශේෂ නිලධාරියා ඇම්බියුලන්ස් එකෙන් ගෙනියද්දී, එයාට කොච්චර අමාරු වුණත් “එයා මැෂින් එකක් වගේ, ඕන එකකට මුහුණ දෙයි” කියන හැඟීම්බර සටනින් කතාව ඉවර වෙනවා.