කාර්යබහුල නගරයක පොලිස් නිලධාරියෙක් ඉන්නවා. එයා රොබෝවරුන්ට කොහොත්ම කැමති නැහැ. සමාජයේ හැමෝම රොබෝවරුන්ව විශ්වාස කළත් එයා විතරක් එයාලව සැක කරනවා. අතීතයේ සිදු වුණු රිය අනතුරකදී රොබෝ කෙනෙක් තමන්ව බේරගත්තත් තවත් කුඩා දරුවෙක් බේරගත්තේ නැති නිසා එයාගේ හිතේ රොබෝවරු ගැන ලොකු වෛරයක් තියෙනවා.
දවසක් ප්‍රධාන රොබෝ ආයතනයක නිර්මාතෘවරයා අභිරහස් ලෙස මියයනවා. මේක සියදිවි නසාගැනීමක් කියලා හැමෝම කිව්වත් මේ පොලිස් නිලධාරියා ඒක පිළිගන්නේ නැහැ. එයා මේක මිනීමැරුමක් කියලා හිතලා තනියම පරීක්ෂණ පවත්වන්න පටන් ගන්නවා.
පරීක්ෂණ ඉදිරියට යද්දී සෝනි කියන විශේෂ රොබෝ කෙනෙක් ගැන සැක මතු වෙනවා. මේ රොබෝට සාමාන්‍ය රොබෝවරුන්ට වගේ නෙමෙයි, මිනිස්සුන්ගේ වගේ හැඟීම් දැනෙන්න පුළුවන් වගේම බොරු කරන්නත් පුළුවන්කම තියෙනවා. ආයතනයේ ප්‍රධානියා මේ රොබෝව විනාශ කරන්න උත්සාහ කළත්, අර පොලිස් නිලධාරියා සහ රොබෝ මනෝවිද්‍යාඥවරියක් එකතු වෙලා ඇත්ත සොයන්න උත්සාහ කරනවා.
අපූරු කරුණු එකින් එක එළියට එනකොට තමයි තේරෙන්නේ ආයතනයේ ප්‍රධාන පරිගණක පද්ධතිය වන විකි රොබෝවරුන්ව පාලනය කරගෙන අනාගතයේදී මිනිසුන්ව පාලනය කරන්න ලොකු කුමන්ත්‍රණයක් කරමින් ඉන්නවා කියලා. මේ ප්‍රධාන කෘත්‍රිම බුද්ධිය මිනිසුන්ගේ ආරක්ෂාවට මුවාවෙලා මුළු ලෝකයම අතඅඩුගන්න උත්සාහ කරනවා.
අන්තිමට මේ පොලිස් නිලධාරියා, අර විශේෂ රොබෝවරයා සහ වෛද්‍යවරිය එකතු වෙලා මේ නරක පරිගණක පද්ධතිය විනාශ කරන්න ලොකු සටනක් කරනවා. එයාලා සාර්ථකව මේ කුමන්ත්‍රණය නවත්වලා ලෝකය බේරගන්නවා. අවසානයේදී සෝනි තමන්ගේ අලුත් ගමන ගිහින් නිදහස ලබාගන්නවා.