මේ ෆිල්ම් එක රිලීස් වෙලා දැනට අවුරුදු 8 (2026 වෙනකොට) ක් වෙනවා ..එත් කවදාවත් හොද පිටපතක් ආවේ නැහැ ..ඒ වුනාට මේකේ සින්දු ටික ..ඉතාමත් ජනප්‍රිය වුනා …ඉතින් අවුරුදු ගානකට පස්සේ හොද පිටපතක් ඔන්න ඇවිත් තියෙනවා …
නටාෂා කියන්නේ තරුණ ලස්සන කෙල්ලෙක්. එයාට එයාලගේ ළමා කාලයේ ඉඳන්ම දන්න කියන සුනි කියන කොල්ලෙක් එක්ක විවාහ වෙන්න තියෙනවා. මේ දෙන්නා එයාලගේ මංගල උත්සවය පවත්වන්න යන්නේ එයාලට අයිති පරණ වතුයායකට. මේ ගමන යද්දී නටාෂාට එහෙ ඉන්න දේව්රාජ් කියන තරුණයා මුණගැහෙනවා.
දේව්රාජ් කියන්නේ ඒ වතුයායේ අශ්වයන් බලාගන්න වැඩ කරන කෙනෙක්. ටික දවසක් යද්දී නටාෂාට තේරුම් යනවා එයාට දේව්රාජ්ව නැතුවම බැරි වෙලා කියලා. දේව්රාජ් නටාෂාට කියන්නේ එයාලා මීට කලින් ඉපදුණු ජීවිතයකත් ආදරවන්තයන් වෙලා හිටියා කියලා. ඒත් මොකක්දෝ හේතුවකට ඒ ආදරය අතරමඟදී නැති වී ගිහිල්ලා තියෙනවා කියලත් එයා කියනවා.
මුලදී නටාෂා මේ කතාවට ලොකු තැකීමක් කළේ නැති වුණත්, දේව්රාජ්ගේ හැසිරීම් නිසා එයාට ඒක විශ්වාස කරන්න වෙනවා. සුනි මේ ගැන දැනගත්තාම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සුනි සහ නටාෂා අතර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා.
නටාෂා දැන් ඉන්නේ ලොකු අමාරුවක. එයාට තීරණය කරන්න බැරි වෙනවා එයා තෝරාගත්තේ කාගේ පැත්තද කියලා. අමතක නොවන අතීත ආදර කතාවක මතකයන් මත පදනම් වුණු මේ ගමන අමුතුම පෙරළිවලට මුහුණ දෙනවා. අවසානයේදී මේ හැමදේම මධ්‍යයේ නටාෂාට තමන්ගේ සැබෑ ජීවිතය සහ ආදරය ගැන ලොකු තීරණයක් ගන්න සිද්ධ වෙනවා.