එක්දහස් නවසිය හැට හතර අවුරුද්දේ ඉන්දියානු හමුදාවේ ලුතිනන් රාම් කියන අනාථ හමුදා නිලධාරියා කාශ්මීර සීමාවේ සේවය කරනවා. එයාට පවුලක් නැති නිසා රේඩියෝ වැඩසටහනක් හරහා එයාට ලිපි එන්න පටන් ගන්නවා. ඒ අතරින් සීතා මහාලක්ෂ්මී කියන කෙල්ලගෙන් එන ලිපි නිසා රාම්ගේ හිතේ ලොකු ආදරයක් ඇති වෙනවා. සීතා තමන්ගේ බිරිඳ කියලා එයා ලියන ලිපි නිසා රාම් එයාව හොයාගෙන යනවා.
කෝච්චියේදී රාම්ට සීතාව හමුවෙනවා. ඇත්තටම සීතා කියන්නේ හයිද්‍රාබාද්වල නූර්ජහාන් කියන රාජකුමාරියට. හැබැයි එයා තමන්ගේ සැබෑ අනන්‍යතාවය සඟවලා රාම් එක්ක ආදරයෙන් කාලය ගත කරනවා. රාම් ආපසු සේවයට යන්න කලින් සීතාගේ ඇත්ත නම දැනගන්න ලැබුණත් එයාගේ ආදරය වෙනස් වෙන්නේ නෑ.
ටික කාලෙකට පස්සේ පාකිස්තාන මෙහෙයුමකට යන රාම් සහ එයාගේ ඉහළ නිලධාරියා වෙන විෂ්ණු පාකිස්තාන හමුදාවට අහුවෙනවා. එහිදී විෂ්ණු තමන්ගේ පවුල ගැන හිතලා ඉන්දියානු හමුදාවේ රහස් හෙළි කරනවා. හැබැයි රාම් කිසිම රහසක් කියන්නේ නෑ. ඒ නිසා පාකිස්තාන හමුදාව රාම්ව දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහලා මරා දානවා. විෂ්ණු ආපසු ඉන්දියාවට ඇවිත් රාම් තමයි රහස් කිව්වේ කියලා බොරු කියනවා.
අවුරුදු විස්සකට පස්සේ ලන්ඩන්වල ඉන්න අෆ්රීන් කියන පකිස්තානු කෙල්ලට එයාගේ සීයගෙන් උරුමයක් ගන්න නම් රාම් සීතාට ලියපු අන්තිම ලිපිය සීතාට බාරදෙන්න වෙනවා. අෆ්රීන් ඉන්දියාවට ඇවිත් සීතාව හොයනකොටයි ඇත්ත තොරතුරු එළියට එන්නේ.
අෆ්රීන් අවසානයේදී සීතාව හමුවෙලා රාම්ගේ අන්තිම ලිපිය බාරදෙනවා. ඒ ලිපියෙන් රාම් දේශද්‍රෝහියෙක් නෙමෙයි කියලා ඔප්පු වෙනවා. විෂ්ණු කරපු වැරැද්ද එළිවෙලා රාම්ට හිමි විය යුතු ගෞරවය නැවත ලැබෙනවා. සීතා තමන්ගේ ආදරණීය රාම්ගේ මතකයන් එක්ක ජීවත් වෙනවා.