APB (2016) [S01 : E01] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subz LK හිතමිතුරන් හැමදෙනෙක්ටම. ටීවී සීරීස්වලින් පොඩ්ඩක් මිදෙන්න අදහස් කරගෙන හිටියත්, ඒ එක්කම වගේ අපේ කවීෂ සහෝදරයා ඔන්න තවත් ටීවී සීරීස් එකක් බාරදුන්නා. කවීෂ හැමදාමත් හොයාගන්නෙ බොහොම වෙනස් තේමාවල කථාමාලා. මාව 13 Reasons why වලට ඇබ්බැහිකලෙත් එයාම තමයි. මෙවරත් කිසිම වෙනසක් නෑ වෙනස්ම විදියෙ තේමාවක් සහිත කථාමාලාවක් තමයි මට බාරදුන්නෙ. ඉතින් ඒ ගැන කවීෂට ස්තූති කරමින් මේ අරගෙන එන්නේ අන්න ඒ කථාමාලාවේ පළමු කොටස.
Fox රූපවාහිනී නාළිකාවේ පසුගිය වසරේ විකාශය වූ මේ කතාමාලාව නමින් APB. APB විදියට කෙටි කරල තියන්නෙ All-Points Bulletin කියන නම. එහි තේරුම තමයි යම් සැකකරුවෙක් , නීතියට අවශ්‍ය කර ඇති අපරාධකරුවෙක් හෝ සොරකමක් ගැන විස්තර සහිතව සියලු පොලිස් නිලධාරීන් වෙත යැවෙන පණිවිඩය කියන එක. දැන් ඔයගොල්ලො දන්නව මේක පොලිසීය මුල් කරගත් කතාවක්. ඔව්. හැබැයි ටිකක් වෙනස්. මැට් නික්ස් සහ ඩේවිඩ් ස්ලැක් යන නිර්මාණකරුවන් අතින් බිහිවී ජස්ටින් කර්ක් (ගිඩියන් රීව්ස්), නැතලි මාටිනස් (තෙරේසා මර්ෆි), කෙට්ලින් ස්ටේසි (ඒඩා හැමිල්ටන්), අර්නි හඩ්සන් (නෙඩ් කොන්රඩ්), ටේලර් හැන්ඩ්ලි (නිකලස් බ්‍රැන්ඩ්ට්) , ටැම්බර්ලා පෙරී (ටාෂා ගොස්), විලියම් ස්මිලී (ජෙෆ් කොබ්) වගේ නළු නිළි පිරිසකගේ රංගනයෙන් හැඩවී IMDB අඩවියෙන් 7.0ක අගයක් ලබාගෙන ගූගල් පරිශීලකයන් 94%කගේ ප්‍රසාදයත් දිනාගත් කොටස් 12කින් සමන්විත මේ කතාමාලාවේ කතාව මෙන්න මෙහෙමයි…
ගිඩියන් රීව්ස්, පරිගණක තාක්ෂණ, රොබෝ නිර්මාණ, අභ්‍යවකාශ යානා වගේ විවිධ අංශ ගණනාවක ඉහලින්ම වැජඹෙන රීව්ස් ඉන්ඩස්ට්‍රීස් නම් ආයතනයක ප්‍රධානියා. සාමාන්‍ය ප්‍රධානියෙකුත් නෙමෙයි ඉහත අංශවල විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහිත දක්ෂ ඉංජිනේරුවෙක් ඒ වගේම බිලියනපතියෙක්. ටිකක් විතර පිස්සු චරිතයක්. එක දවසක තම නව නිර්මාණයක් පාරිභෝගිකයන් පිරිසක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නිවෙස් බලා යන ගිඩියන් රීව්ස් බිලියනපතියා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. තම හොඳම මිතුරා තම දෑස් ඉදිරියේම මංකොල්ලකරුවන් පිරිසක් අතින් මියයනවා දකින්න ඔහු අවාසනාවන්ත වෙනවා. මේ ගැන කට උත්තරයක් ලබාදීමට පොලීසියට යන ගිඩියන්ට තේරෙනවා, පොලීසිය තුල තිබෙන පහසුකම් මදකමෙන් සහ තිබෙන පහසුකම්ද යල්පැන ගිය ඒවා වීමෙන් සාධාරණය ඉටුවීම ප්‍රමාද වෙන බවත්, සමහරවිට සාධාරණය ඉෂ්ඨ වන්නේම නැති තරම් බවත්. දැන් තම මිතුරාට වූ දේට සාධාරණය හොයාගෙන යන මේ බිලියනපතියා මොන වගේ දෙයක් කරයිද? අන්න එතනදියි මම මේ කතාව වෙනස් කියල කිව්වෙ. ඔහු මේ යල්පැනගිය පොලිස් ස්ථානය තම පාලනය යටතට ගනිමින්, එය උඩුයටිකුරු කරනවා…මින් එහාට විස්තර කිව්වොත් ඒක නරඹන ඔබට අසාධාරණයක් නිසා මම කතාව මෙතනින් නවත්වන්නම්. ගිඩියන් රීව්ස්ගේ තාක්ෂණික පොලිස් වික්‍රම බලන්න ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම් එහෙනම්.හමුවෙමු මීලඟ කොටසින් ලඟදීම…
IMDB රිවීව් එකකින් කොටසක් උපුටා ගන්නම් මම මේ විදියට…
“….it reminds us that law enforcement in the real world is poorly funded whilst those in power spend billions upon billions to wage wars in the middle east all based on lies and fund their salary increases”
Godak sththui sub ekata. .
බොහොම ස්තූතියි, ප්‍රබෝධ 🙂
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
mekanam supiri macho
උපසිරැසියට බොහොම ස්තුතියි.
Elama bro. Godak kal balan indapu kathawak. Digatama demu. 13RW ekatath thanks..
බොහොම ස්තූතියි අයියෙ මේකෙ උපසිරැසිය දුන්නට 😍💛✌️
patta kathawak ne bn.. tanx
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!
elakiri machoooo උපසිරැසියට බොහොම ස්තුතියි
Thank for sub👍👍👍👍
Wow niyamai digatama subs demu good luck