Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Contagion (2011) Sinhala Subtitle

Contagion (2011) Sinhala Subtitle

March 21, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 6.6
GENRES
ActionDramaEnglish MoviesGenresMoviesSci-FiThriller
CAST

Gwyneth Paltrow, Tien You Chui, Josie Ho, Daria Strokous

 

[ ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray පිටපත් සඳහා ගැලපේ ]

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. සතියක පමණ නිහැඬියාවකින් පසු අද මේ අරගෙන එන්නෙ කාලීන සිනමා පටයක සිංහල උපසිරැසිය. මම හිතන්නෙ නම කියන්නත් කලින් දැන් ඔබ දන්නවා චිත්‍රපටයෙ නම. බොහෝවිට මේ වනවිට බොහෝඅය නරඹලත් ඇති, නරඹපු නැති අයත් ගොඩක් දෙනා ඇති ඒ අතරෙ. මේ තමයි Contagion (2011) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නිකුත්වීමෙන් හරියටම වසර 10කට පමණ පසුව ලොව පුරා සීඝ්‍ර ජනප්‍රියත්වයක් මෙන්ම මෙම වසරේ වැඩිම නීත්‍යානුකූල නැරඹුම් සහ නීතිවිරෝධී පිටපත් ඩවුන්ලෝඩ් වාර්තාවකටද හිමිකම් කියන මෙය එසේ වීමට හේතුව වන්නේ මේ දිනවල ලොව පුරා පැතිරයමින් දියුණුයැයි සම්මත රටවල් පවා දණගැස්වූ, මේ වනවිට අපටද සැලකිය යුතු ලෙස බලපා ඇති, කුරිරු Covid-19 ගෝලීය වසංගතයේ අප දන්නා සිදුවීම් පෙලට මේ චිත්‍රපටයේ එන සිදුවීම් අතිශයින්ම සමාන වීමයි. වර්තමාන සිදුවීම් පිලිබඳ පළවූ නිවැරදි අනාවැකියක් ලෙසත් බොහෝ දෙනා මෙය හඳුන්වනවා. කොහොමින්හරි මම මේ චිත්‍රපටයට උපසිරැසි කරනවද නැද්ද කියල සෑහෙන දවසක් කල්පනා කරල මම හිතුවා අදාල අංශ තම උගුර ලේ රහවනතුරු උදේ හවා මාධ්‍ය ඉදිරියේ දැනුවත්කිරීම් කලද, වෛරසයේ භයානකකම දැන හෝ නොදැන, ඒවා ගණනකටවත් නොගෙන තමන්ගේද තම ඥාති හිතමිත්‍රාදීන්ගේද අන්‍යයයන්ගේද ජීවිත අනතුරේ හෙලමින් කටයුතු කරන, ආරක්ෂාව දෙකට දමා මිත්‍යා විශ්වාස, තම තමන්ගේ පටු දේශපාලන අරමුණු පසුපස එලවන, අමනෝඥ පිරිස් නිතර දකින්නට ලැබෙන කාලයක් නිසා මෙයට උපසිරැසි කිරීම කාලෝචිත බව. සිනමා නිර්මාණයක් නිසා සියල්ලම සත්‍ය වන්නට කිසිසේත්ම ඉඩක් නැතත් ,මේ නිර්මාණයේ තියන වැදගත්ම දේ තමයි Novel Virus එකක් එනම් පෙර-නොවූ වෛරසයක් බිහිවන ආකාරය, එය පැතිරෙන ක්‍රම, සාර්ථක ප්‍රතිකාරයක් සොයාගන්නට පර්යේෂකයන් වෛද්‍යවරුන් ආදීන් තම දිවි පරදුවට තබා කරන කැපකිරීම්, මෙවන් ව්‍යසනවලින් තම මඩිය තර කරගන්නවුන්, දන්නා නොදන්නා සියල්ලට උපදෙස් සපයන ඉන්ටනෙට්-පඬිවරුන් නිසා එම වෑයම්වලට සෘජුව සහ වක්‍රව සිදුවන තර්ජණයන් මෙන්ම ඒ අතරේ සිදුවන අහිංසක පක්ෂපාතීකම් ආදී බොහෝ දේ ගැන හොඳ අදහසක් සිතට දැනෙන විදියට මේ හරහා අපවෙත ලබාදීම. ඒ නිසා ඔබ තවමත් මෙය නරඹා නැත්නම් මෙය නරඹන්න (මේ ලියන මමත් මේ චිත්‍රපටය ගැන ඇහුවෙ මේ Covid-19 ආගමනයෙන් පසුවයි), තවත් අය සමග බෙදාහදාගන්න, වෛරසයක භයානකකම දැන හෝ නොදැන වගකීම් විරහිතව ක්‍රියාකරන යමෙක් ඔබ දන්නේනම්, විශේෂයෙන්ම එවන් අයට මෙය කෙසේ හෝ පෙන්වන්න.එසේම විශ්වාසනීය මූලාශ්‍ර මගින් තොරතුරු ලබාගන්න, අපගේ ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් හා නියෝග පිළිපදින්න, ඔවුන්ගේ සිට තම ජීවිත අවධානමද නොතකා මෙවන් සමයක අපට සුළු හෝ සේවයක් සලසන සියලුම දෙනාගේත් ජීවිතවලට ගරු කරන්න, මැසිවිලි නොනගන්න. හැකිතාක් නිවසේම රැඳී සිටින්න.

෴ මේ වචන කීපයත් මේ උපසිරැසියත් ඔවුන් සියලු දෙනාට අප පළකරනා ගෞරවයයි ෴

_________________________________________________________

 

මේ චිත්‍රපටයේ තිර රචනය ස්කොට් Z බර්න්ස්ගෙන් වන අතර අධ්‍යක්ෂණය කරන්නේ ස්ටීවන් සොහබර්ග් විසින්. ඔබ දන්නවා මේ ආකාරයේම වැදගත් මාතෘකාවක් කතාවට ලක් කෙරෙනු Side Effects(2013) චිත්‍රපටයත් ඔහුගේම අධ්‍යක්ෂණයක්, ඊට අමතරව තවත් උසස් ඝනයේ චිත්‍රපටය රැසකට අධ්‍යක්ෂ කාර්යයෙන් දායක වූවෙක් ඔහු. IMDb වෙතින් 6.7ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 85%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 70%ක අගයකුත් ඊට අමතරව ගූගල් පරිශීලක ප්‍රසාදය 86%කුත් ලෙස ඉහල අගයන් දිනා ඇති මේ චිත්‍රපටය සම්මාන 16කට නිර්දේශව එයින් දෙකක්ද තමන් සතු කරගෙන තිබෙනවා. ඊට අමතරව නිව් සයන්ටිස්ට් සඟරාව විසින් මෙය යම් දුර්වලතා ඇතත් හැකි උපරිම සොයාබැලීමකින් සැකසූ, විද්‍යාත්මක අතින් එම වර්ගීකරණයේ බහුතරයක් හොලිවුඩ් නිර්මාණවලට වඩා නිවැරදි එකක් බවත්, විද්‍යාත්මක සොයාගැනීම්වල සාර්ථකත්වය හා ඉච්ඡාභංත්වයන් යන දෙකම ඇතුලත් බවත් ඔවුන්ගේ 15/9/2011 දින කලාපයේ Contagion doesn’t skimp on science නම් ලිපියේ සඳහන් කර තිබෙනවා. මෙයට රංගනයෙන් දායක වෙන්නෙත් අපි හොඳින් අඳුනනා පිරිසක්, මැට් ඩේමන්(මිච් එම්හොෆ්), ග්වෙන්ත් පැල්ට්‍රෝ (බෙත් එම්හොෆ්),කේට් වින්ස්ලට් (එරින් මියර්ස්), මේරියන් කොට්‍යාඩ් (ලියනෝරා), ලෝරන්ස් ෆිෂ්බර්න් (එලිස් චීවර්), ජූඩ් ලෝ ( ඇලන් ක්‍රම්වීඩ්), ග්‍රිෆින් කේන් (ක්ලාක් මොරෝ), චින් හැන් (සන් ෆෙන්) ඇතුළු පිරිසක් තමයි රංගන දායකත්වය දක්වන්නෙ. හරියටම බැලුවොත් ඔස්කා සම්මානලාභීන් පස්දෙනෙක් සහ නිර්දේශිතවූවන් පස්දෙනෙක් මේ චිත්‍රපටයට සම්බන්ධයි. එහෙනම් මම හිතන්නෙ ඊට වඩා කියන්නට යමක් නෑ විශේෂයෙන්. මොකද වෛද්‍ය විදයාත්මක වදන් බොහොමයක් දකින්නට ලැබුණත් චිත්‍රපටය ගොඩක් සරලව රසවිඳින්නට හැකියි බරසාර කිසිවක් නෑ. අපි මේ දිනවල Covid-19 කිව්වහම දන්නෙ චීනය තුල වවුලෙකුගෙන් උපන් වෛරසයක් විදියටනෙ, මෙහිදීත් කතාව ඒ හා සමානයි , ප්‍රධාන වශයෙන්ම ආයතනික කාර්යයකට හොං-කොංහි සංචාරය කර එන බෙත් එම්හොෆ් නම් විධායක නිලධාරීවරිය හරහා MEV-1 නම් වෛරසය ඇමරිකාවට ඇතුල්වීමත්, එහි පසු සිදුවීමුත් තමයි මෙහි තිබෙන්නේ. එම නිසා මම හිතන්නෙ කතාවට ආරම්භයක් දීම අනවශ්‍යයයි. එය නරඹන ඔබ සියලු දෙනාට බාරකරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු Little Women (2019) උපසිරැසිය සමගින්.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7718 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
Direct
Direct download
Direct
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 978.29 MB x264
▲38 · ▼7
Magnet GET
1080p bluray 1.89 GB x264
Magnet GET
2160p web 4.75 GB x265
Magnet GET
Discussion (13)
  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4
    2020-03-22

    බොහොම ස්තුතියි හසිත සහෝ සබ් එකට 😊👍.. හුඟ දවසකට පස්සෙ ඉස්සර නම් දවස් දෙක තුනකට සැරයක් වගේ සබ් එකක් අරන් එනවනෙ.. හුඟ දවසකට පස්සෙ අරන් ඇවිල්ල තියෙන්නෙත් මේ දවස්වලට ගැලපෙනම film එකක් 👊👊

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 74
      2020-03-22

      මේක මම දවස් ගාණක් කල්පනා කලා හදල දානවද කියල, මට නිකමට හිතුණා මිනිස්සු බය කිරීමක් වගේ වෙයිද කියලත් මේ කාලෙත් එක්ක. ඒ වුණාට දැන් දැන් ඉතාලියෙ තත්වෙ එහෙම වැඩි වැඩියෙන් ප්‍රවෘත්තිවල දකින්න ලැබීමත් එක්ක ආයිත් අමුතුවෙන් බයකරන්න දෙයක් නැති හින්ද හදල පබ්ලිෂ් කලා.

  • මයිකි Unregistered
    Android 9 Chrome 80
    2020-03-22

    Thanks මචං. ස්වර්ණවාහිනියේ live at 8 news එකට මේ ෆිල්ම් එක ගැන වාර්තා උනා. මමත් හොයලා බැලුවා සබ තියෙනවද කියලා. එත් තිබුන් නැ අද ඔයා සබ් කරලා දාල මේ සයිට් එකට. බොහොම ස්තුතිය.

    Reply
    • කේ.ඩබ්ලිව්.පී.කේ Unregistered
      Android 7 Chrome 80
      2020-03-22

      Finally Something, Timely!

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 74
      2020-03-22

      @ මයිකි:- එක මීඩියා එකක් හරි මේක දැකල තියන එක ගැනවත් සතුටුයි ඇත්තටම.

  • Rajitha Unregistered
    Android 9 Chrome 80
    2020-03-22

    Thanks jayawewa……!

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 80
    2020-03-22

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-03-22

    ඔක මේ ලගදි දවසක බැලුවා ලොකේ පවතිනව තත්වය හින්ද .. එතකොට තමා මත් ඔය මුවි එක දැක්කෙ .. කොහොම උනත් මෙවන් කාලෙක ඔවගෙ චිත්‍රපටයක් පලකල එක ගැන ස්තුතියි සහෝ!!!. අපේ රටේ ටිවී නාලිකා වලින් වත් මෙවනි කාලෙක ජනතාවට ඔවගෙ එකක් වත් පෙන්වන් නැ නෙ. ( එච්චර මොලයක් නැද්ද කොහෙද.)

    තව මෙවගෙම කොරියන් ෆිල්ම් එකක් තියෙනවා පුළුවන් නම් සහෝ එකට බ්ලුරේ වලට සබ් දනවනම් ගොඩක් වටිනව මටත් කීපදෙනක්ට ලබාදෙන්න.
    මෙ එක්කම එකත් මාර්කටින් කලා නම් තව පාරක්..
    Flu
    2013 ‧ Drama/Mystery ‧ 2h 2m
    (Koriyan movie )

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 74
      2020-03-22

      මේ රටේ මාධ්‍යවලට වඩා ජනතාවට මොලය තියනව (සමහරු එය භාවිතා නොකලත්), මම විශ්වාස කරන විදියට. තියන අයත් කොටසක් රැල්ලට දුවනවා, තව ටිකක් පවතින ආණ්ඩුවට කඩේ යාම හෝ අනිත් පාර්ශවය බලයට ගෙන ඒමට සිනී කිරීම ආදිය කරනවා. ඒවා නොකර උඩුගං බලා යන්න හදන අයට වළ කපනවා. ඕකයි මාධ්‍යවල තත්වෙ කෙටියෙන්.

      Flu ෆිල්ම් එක මගෙ ලඟ තියනවා, තාම බලන්න වෙලාවක් හොයාගන්න බැරිවුණා, මිතුන්. බලමු හොඳයි කියල හිතුණොත් කරන්න ට්‍රයි කරන්නම්. හැබැයි මම හිතන්නෙ Contagion ෆිල්ම් එකම ඇති කෙනෙක්ට මේ ගැන අයිඩියා එකක් ගන්නවනං.

    • Mithun Unregistered
      Android 8 Chrome 79
      2020-03-23

      හදල දෙන්න ඉතින් කොහොම හරී.හොද කතාවක් තියෙනවා .මන් මිට අවුරුදු 5කට කලිම් ඔක බැලුව. ඔයාගෙ සබ් එකක් හම්බවෙනව නම් ආපහු ඩව්න්ලොර්ඩ් කරගන්නව

  • Nawarathna Nursery User
    Windows 7 Opera 67
    2020-03-22

    me kalayatama supiri film akak

    Reply
  • Dinithi Rajakaruna User
    Android 9 Chrome 80
    2020-03-30

    thanks for the sub

    Reply
  • මිලින්ද ප්‍රියලාල් Unregistered
    Android 9 Chrome 80
    2020-04-01

    බොහෝම ස්තුතියි

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 730
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved