Dheepan (2015) Sinhala Subtitle

November 05, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

යුද්ධය කොහේ කොතැනද සිදුවූවද අවසානයේ ඉතිරි වන්නේ දුක කඳුල සහ පසුතැවීම් පමණකි.යුද්ධයකදී දෙපාර්ශවයම සටන් වදින්නේ තමන් නිවැරදියයි අදහන්නාවූ දෙයක් වෙනුවෙනුයි.30 වසරක කුරිරු යුද්ධයක කටුකත්වය එයට සම්බන්ධ වූවන්, මායිම් ගම්මානවල වැසියන්, සහ එයට සැතපුම් දහස් ගණනක් ඈතින් දිවිගෙවූ අපද සිංහල ,දමිළ, මුස්ලිම් බේදයකින් තොරව අත්වින්දෝය.එබැවින්ම එම කුරිරු යුද්ධය අවසන් කිරීමට ඇප කැපවූ සියලු දෙනාට අප දිවි ඇතිතෙක් අවිවාදිතව ගරු කල යුතුය.එහෙත් යුද්ධයකදී අප මෙන්ම සතුරාද එකලෙස එහි අනිටු ඵලවිපාකවලට ගොදුරු වේ.මේ එවැනි කතාන්දරයකි. මෙය යම් පමණකට L.T.T.E සංවිධානයට පක්ෂග්‍රාහීව නිමැවුනක් ලෙස ඔබට සිතිය හැකිවුවද , සිනමාපටය අවසන්වනතෙක් නැරඹීමෙන් එය එසේම නොවන බවද ඔබට වැටහෙනු ඇත. ඒ නිසා මෙය දෙස ජාතිවාදී මනසකින් නොබලන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. ..
IMDB අගය 7.2ක් ලබාගත් මෙම ප්‍රංශ සිනමා පටය සම්මාන 6ක් ලබා තවත් 12කට නිර්දේශ වූවකි. විශේෂත්වය වන්නේ මෙහි ප්‍රධාන නළුවා වන ජේසුදාසන් ඇන්තනිදාසන්ද හිටපු L.T.T.E සාමාජිකයෙක් වීමය. ඔහුගේ සහ සෙසු නළුනිළි රංගනයන්ද ඉහලම මට්ටමක ඇති බවද කිව යුතුය. …

කතාව සැකෙවින් මෙසේය…
යුද්ධයෙන් සිය බිරිඳ සහ දරුවා අහිමිවූ තීපන් , නාඳුනන කාන්තාවක් සහ කුඩා දැරියක්ව තම බිරිඳ සහ දරුවා ලෙස හඳුන්වා දෙමින්ස රණාගතයෙක් ලෙස ප්‍රංශයට පැමිණෙයි. පෙර දිනය වනතෙක් යුධ සෙබළෙක් වූ ඔහු ඒ සියල්ල අමතක කර දමා නාඳුනනා දේශයක නාඳුනනා කාන්තාවක් සහ දියණියකද සමඟින් තම ජීවිතය අලුතින් ගොඩ නගාගන්නට දරන වෑයම මෙම සිනමා පටය පුරාවට දිග හැරෙයි.ඔහුට එයට ඉඩක් ලැබේවිද? තමන්ගේ අතීතය ඔහු පසු පස ඒවිද?සිනමා පටය නරඹා ඔබම තීරණයකරන්න…
මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු බවද සලකන්න…

Spoiler Warning : Three Sri Lankan refugees (Jesuthasan Antonythasan, Kalieaswari Srinivasan, Claudine Vinasithamby) pretend to be a family as they try to make better lives for themselves in a Parisian housing project…

Available Torrents
720p bluray 1.03 GB
1080p bluray 2.12 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • ඩිලා™ Unregistered
    Windows 7 Chrome 54

    ස්තුතියි සහෝ සබ් එකට….

    • හසිත ප්‍රසාද් Unregistered
      Windows XP Firefox 43

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

  • Sadaam_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    • හසිත ප්‍රසාද් Unregistered
      Windows XP Firefox 43

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

  • tharusa Unregistered
    Windows 7 Opera 41

    download full movie: http://adf.ly/1gPtiO

  • nirosha Unregistered
    Windows 10 Chrome 70

    thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search