ග්‍රිම් දෙවෙනි කතා මාලාවේ දෙවෙනි කොටසේ උපසිරැසිය දැන් ඔයාලට බලන්න පුළුවන්. පලවෙනි කොටස බැලුවට පස්සේ ඔයාලට දැනෙන්න ඇති කතාමාලාව එන්න එන්නම උණුසුම් වෙනවා කියලා. මේ කොටසෙනුත් ඔයාලට නිකුයි එයාගේ අම්මයි මොවේ ඩෙන්ට්ස් එක්ක වෙන ගණුදෙනුව ගැන තමයි කියන්නේ. ඒ අතරේ මොන්රෝ සහ රොසලී එකතු වෙලා ජුලියට්ව හොඳ කරන්න ලොකු උත්සහයක් නිරත වෙනවා. ඒ වගේම ඒ දෙන්නා කොහොමහරි නික්ගේ අම්මා එක්ක සමීප වෙන්නත් උත්සහ කරනවා එයාගේ අම්මා අකමැත්තෙන් වගේ ඉන්න නිසා. මොවේ ඩෙන්ට්ස් ගේ ප්‍රශ්නය නිසා නික්ටයි එයාගේ අම්මටයි ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මොවේ ඩෙන්ට්ස් වැඩ කරන්නේ කාටද කියලත් දැනගන්න පුළුවන් මේ කොටසෙන්. පලවෙනි කතා මාලාවේ ඉඳලම කැප්ටන් රෙනාඩ් ඇත්තටම කවුද කියලා ඔයාලට කුතුහලයක් තියෙන්න ඇති. අද කොටසේ ඉඳලා එයාගේ ඇත්ත තොරතුරුත් ඔයාලට දැනගන්න ලැබෙයි. කැප්ටන් රෙනාඩ් කියන්නේ රාජකීය වංශයෙන්ගේ කෙනෙක්. ඒ කියන්නේ එයත් වැදගත් චරිතයක් මේකෙදි. එයාගේ සහෝදරයාව ඔයාලට පළමු කොටසෙන් දකින්න හම්බුනා. ඉදිරියටත් එයාව දකින්න ලැබෙයි. තව කිව්වොත් නික්ගේ අම්මා ඇඩලින්ඩ්ගේ අම්මා එක්ක ප්‍රශ්නයක පැටලෙනවා. ඇත්තටම ඒක ගොඩක් දුරදිග යනවා. නික්ට ඒ ප්‍රශ්නේටත් මුහුණ දෙන්න වෙනවා නිලධාරියෙක් විදිහට. කතාව ඔක්කොම කිව්වොත් වැඩක් නෑනේ, එහෙනම් ඔයාලට ආරාධනා කරනවා අද කොටස රසවිඳින්න කියලා. හැමෝටම ජය!!
Spoiler Warning : Nick and his mother battle the Mauvais Dentes; details about the source of Juliette’s illness are revealed; Hank thinks something is amiss…
සබට තුති!
ඊලග එපියෙන් හමුවෙමු!
ජය වේවා!
tanks macho ubava mathak kara vitharai suba aluth awruddak
සුබ අලුත් අවුරුද්දක් වේවා……..!
ස්තුතියි සහෝ උපසිරැසියට, තව පොඩ්ඩක් ඉක්මනට උපසිරස දෙන්න බලන්න.
Thankuu bn sub ekata.. digatama karagena yamu. (y)
Tnx mchoo
සුභ අලුත් අවුරුද්දක් වේවා කට්ටියට!!! ඒක කියන්නත් අමතක වුනානෙ හදිසියට 😉 ස්තූතියි මචන්ලා!!!
Elama mcn…thnx…gd luck…
Thnx bro sub akata
සබ් එකට ස්තූති සහෝ…ජයෙන් ජයම වේවා ?
thanks sub ekata
THANKS SUB AEKATA
thanks mcn
ayiye tanks upasirasiyata,pattetama upasirasiya hadlaa kiyanna wachna naha..thnaks..