Grimm [S02 : E04] Sinhala Subtitle

May 11, 2017 Executive Subtitler

හැමෝටම සුභ වෙසක් මංගල්‍යක් වේවා! ඔන්න එහෙනම් ඊළඟ කොටසේ උපසිරැසියත් ඉක්මනට අරගෙන ආවා.වෙසක් එකට නිවාඩු හම්බුන එකේ වෙසක් බලනවා වගේම TV Series ටිකත් බලන්න එපැයි නේද 😉

වැඩි කතා ඕනේ නැහැ.අද කතාව ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්.වෙසන්වරු අතර ඇති වෙන භයානක රෝගයක් පැතිරෙනවා පෝට්ලන්ඩ් වල.ඒක වැළඳුනාට පස්සේ එයාලා ගොඩක් ප්‍රකෝපකාරී වෙනවා.දකින දකින අයට කඩා පනිනවා.එයාලගේ හමේ මතුපිටින් දැකගන්න පුළුවන් ඒ රෝගය ආසාදනය වෙනකොට.අවාසනාවකට ඒ ලෙඩේ රොසලීටත් හැදෙනවා.ඉතින් කියන්න ඕනේ නැහැනේ එතනින් පස්සේ වෙන එක.මේ අතරේ ෆැමිලි එකෙන් එක්තරා පුද්ගලයෙක්ව පෝට්ලන්ඩ් වලට එවනවා රෝමයේ ඉඳලා.ඒ ඉතින් හොඳකට කියලා කියන්න අමාරුයි.ඒ කෙනා ගැන විස්තරයක් කියන්නේ නැහැ.නමුත් ඔයාලට බලාගන්න පුළුවන් එයා මොන වගේ කෙනෙක්ද කියලා.සමහර විට ඊළඟ කොටසින් එයාගේ ක්‍රියාකාරකම් අපිට බලාගන්න පුළුවන් වෙයි.ඒ අතරේ නික් එයා මුහුණ දුන්න අත්දැකීම් ගැන ග්‍රිෆින්ට පැහැදිලි කරලා දෙනවා.ඒ කියන්නේ වෙසන් ලෝකය ගැන. ග්‍රිෆින් දැන් විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවා නික් කියන්නේ යම්කිසි විදිහක අත්තක් කියලා.මොකද එයාගේ ඇස් දෙකෙන්ම ඒ දේවල් දැකපු නිසා.අපි ගොඩ කාලයක් තිස්සේ බලන් හිටියනේ ග්‍රීෆින් කවදද ඇත්ත දැනගන්නේ කියලා.එහෙනම් දැන් ඉඳලා නික්ට ලේසියෙන් එයාගේ වැඩ ටික ග්‍රිෆින් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වෙයි.

එහෙනම් කතාව රස විඳින්න කියලා ආරාධනා කරනවා හැමෝටම. තව දෙයක් කියන්නම්.කට්ටියට ග්‍රිම් කතා මාලාව ගැන කලින් තිබුණු උනන්දුව නම් අඩු වෙලා වගේ.ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ උපසිරැසිය පරක්කු වෙන එක වෙන්න ඕනේ.අපි ඉස්සරහට උත්සහ කරනවා තව කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන ග්‍රිම් කතා මාලාව ඉක්මනින් උපසිරැසි ගන්වලා ඉවර කරන්න. ඉතින් සමාව ඉල්ලනවා ඒ ගැන ඔයාලගෙන්.පුළුවන් ඉක්මනට දෙන්න උත්සහ කරනවා උපසිරැසි.එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු.හැමෝටම ජය!

”Quill”

Spoiler Warning : During the investigation of an accident site, Nick discovers a disease that is quickly spreading; Monroe and Rosalee come across an infected wesen; Capt. Renard gets a tip about a dangerous fugitive…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂිත වික්‍රමරත්න
2 Movies
32 TV Series
34 Total
Discussion (10)
  • Isuru Unregistered
    Android 5.1 Chrome 58

    Thanks for sub ikmanata beyond series ekath denna jaya wewa

  • kasun rachintha Unregistered
    Windows 10 Opera 44

    ජය වේවා බ්‍රෝ එලම. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.

  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 57

    සබට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

  • Indika Unregistered
    Windows 10 Opera 44

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    සබට බෙහෙවින්ම තුති සහෝ!
    ජය වේවා!

  • Manoj Sachintha User
    Windows 8.1 Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

  • Sameera Dasanayake Unregistered
    Windows Phone 8.1 Internet Explorer Mobile 11

    Ikmanata daamu saho ithuru episods tikath.. Jaya wewa..

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    සබට තුති අයියේ…..

  • Shanuka Gayeshan Unregistered
    Windows 10 Chrome 104

    thanx aiya

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search