Subzlk Iron Spider Suit

Subz LK Iron Spider Suit

Subz LK හැමදාමත් අලුත් දේවල් ඔයාලා ට දුන්නා ..ඒ සේරම දේවල් අපේ රසිකයන්ට විතරයි ..ඒ දේවල් දුන්නේ අපේ උපසිරැස් කරුවන්
එතින් මේ අද මේ දෙන්න යන දේ අපේ උපසිරැස් කරුවන්ට ..මේ කියන්න යන්නේ Subz LK v3 නැත්නම්
Subz LK Iron Spider Suit එක ගැන ..අපේ උපසිරැස් කරුවන් ගේ පශ්න ගැන පසු ගිය අවුරුද්දේ මම (system admin)
වෙනම හොයලා බැලුවා ..එකට විසදුමක් විදියට තාම ඔයාගෙම උපසිරැස ඔයාටම එවලේම පල කරන්න ..උපසිරැස ඔයාම යාවත් කාලින කරන්න ..
ඔයාට ලැබෙන නොමනා comments අයින් කරන්න..ඔයා කිරීමට කැමති උපසිරැස වෙන් කරවා ගැනීම ..මේකේ මුලික අදියර උනේ ..
අද එක සාර්ථකව නිම කරලා තියෙන්නේ ..එතින් මුල් අදියර උපසිරැස් 25 කට වඩා උපසිරැස් කරුවන්ට තාම පාවිච්චි කරන්න පුළුවන්
(කැමති උපසිරැස වෙන් කරවා ගැනීම ඕනෑම උපසිරැස් කරුවෙක්ට භාවිතා කරන්න පුළුවන් ) ..

මේකේ දෙවන අදියර වෙන්නේ උපසිරැස් කරන අය තෝරා ගැනීමක් කරනවා ..ඒ තෝරා ගන්නේ අලුතින් එන උපසිරැස් කරුවන්ගේ උපසිරැස පරික්ෂා කරන්න
.උපදේශ දෙන්න ..යම් දෝෂයක් තියේ නම් උපසිරැස අයින් කරන්න වාගේ දේවල් වලට …එයාලට වෙනම system එකක් .. එකත් වෙනම user friendly විදියට හදනවා ..

විශේෂයෙන් කියන්න ඕන ..මොකද ඔයාලා මේකෙන් යම් වැරදි දෙයක් කොරොත් එකටත් මම වෙනම දෙයක් කරලා තියෙන්නේ ..ඒ වගේම අපේ ඇඩ්මින් අය දෙන උපදෙස් අහන්න ..
එයාලා ඒ කියන්නේ තරහකට හෝ වෙනම හේතුවකට නෙවෙයි ..ඔයාව හොද තැනකට ගන්න ..

ඒ වාගේම
“Trust me, kid. If Cap wanted to lay you out, he would have.”

ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා ..ඒ වගේම ඔයා මේකෙන් වැරදි වැඩක් කොරොත් මට කියන්න වෙන්නේ

“I wanted you to be better.
It’s not working out.
I’m gonna need the suit back.”

මොකද මම එහෙම උනොත් ඔයාගේ සම්පුර්ණ profile එකේම අයින් කරනවා ..බය වෙන්න එපා ..වැරදි දෙයක් කොරොත් විතරයි ..

ඒ වගේම කියන්න ඕන අලුත් දෙයක් add වෙන්න ඕන නම් හරි system එකේ මොකක් හරි අවුලක් තිබ්බොත් [email protected] එකට දැනුම් දෙන්න..
ලංකාවෙන්ම පලවෙනි පාරට මෙහෙම දෙයක් දීලා තියෙන්නේ …දෙවන අදියරත් ඉවර උනාම ලෝකෙන්ම පලවෙනි පාරට subz.lk තමා මෙහෙම දෙයක් කරන්නේ ..

පහත තියෙන link එකේ videos 4ක් ඇති ..එක අනිවාර්යෙන් බලන්න ..නැත්නම් ඔයා මොකක්ද කරන්නේ කියලා කිසිම දැනීමක් නැති වෙයි ..

link :- https://subz.lk/subtitler-user-panels/

 

 

පළමු අදියර 

මෙහෙදී ඔබටම ඔබගේම උපසිරැස් ඔබටම පල කිරීමට යාවත් කාලින කිරීමට  ඔබට දක්වන අදහස් පාලනය කිරීමට(උපසිරැස් 25 කට වැඩි ) හා කිරීමට යන උපසිරැස් බාර ගැනීමට හැකියාව(සියලුම උපසිරැස් කරුවන්ට ) ඇත .

භාවිතා කරන  ආකාරය : මේ ලිපිය කියවන්න

දෙවන අදියර 

Not Yet

 

තෙවන අදියර 

Not Yet

 

 

 

මොකක්ද මේ Subz lk Iron Spider Suit එක ?

මේක සරලව කිව්වොත් උපසිරැස් කරුවන්ට බලයන් ලබා දීමක් සහ එයාලාගේ කර්යෂමතාවය ඉහල දැමීමට සිදු කල වැඩක් ..

ඇයි spider කියන නම තෝරා ගත්තේ ?

spider man ගේ තේමාව නිසා ..”ලොකු බලයක් එන්නේ ලොකු වගකීම් එක්ක” ..මේ දෙන බලයන් එක්ක එයාලා ඒ ඒ වගකීම් දරන්න කියන අදහස දෙන්න ..

මේක උපසිරැස් 25 කට වඩා කරපු අයට විතරක් දෙන එකක්ද ?

නැහැ ..එත් මේ පලවෙනි අදියර නිසා ..මුලිකව මේක දීලා තියෙන්නේ උපසිරැස් 25 කට වඩා කරපු අයට ..ඒවගේම උපසිරැසක් භාර ගැනීමේ පද්දතිය (Order Your Subtitle system) එක
දැනටමත් ඕනෑම උපසිරැස් කරුවෙක්ට භාවිතා කරන්න පුළුවන් ..