• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • 1917 (2019) Sinhala Subtitle

1917 (2019) Sinhala Subtitle

2020/01/20 at 6:52 pm
Hasitha Prasad
 

[ ‍Bluray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. Web පිටපත් සතු අය සඳහා සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. එසේම ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම Web,WebRip, Web-dl සහ Bluray පිටපත් සඳහා ගැලපේ.  කරුණාකර තමන් සතු පිටපතට අදාල උපසිරැසිය යොදාගෙන නරඹන්න.]

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ සියලු දෙනාට. අද මේ අරගෙන එන්නෙ බොහෝ දෙනෙක් නරඹන්නට මග බලාගෙන සිටි චිත්‍රපටයක උපසිරැසිය. මේ තමයි 1917 (2019). මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ උපසිරැසිය කිරීමේ අවස්ථාව මාහට ලබාදුන් අපේ ඇඩ්මින් මඩුල්ලට.

පළමු ලෝක යුද්ධය අලලා නිර්මාණය වූ නාට්‍යමය, යුධමය යන දෙවර්ගයට අයත් මේ චිත්‍රපටය මේ වනවිත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළුව සම්මාන 78ක් ලබා, එලඹෙන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10කටත් නිර්දේශව තිබෙනවා.ලබා ඇති IMDB අගය 8.6 ක් වන අතර Rotten Tomatoes අගය සටහන් වන්නේ 89%ක් ලෙසයි. එසේම IMDB හොඳම සිනමාපට 250 ලැයිස්තුවේ 45වන ස්ථානය තමන් සතු කරගන්නටද මෙය සමත්ව තිබෙනවා. සෑම් මෙන්ඩස්, ක්‍රිස්ටි විල්සන්-කේන්ස්ගේ රචනයෙන් හැඩවන මෙහි අධ්‍යක්ෂණ කාර්යයට දායක වන්නේත් සෑම් මෙන්ඩස්මයි. මෙය සෑම් මෙන්ඩස්ගේ දෙවන යුධමය චිත්‍රපටය. පළමුවැන්න වුයේ Jarhead (2005) චිත්‍රපටයයි. මේ 1917 චිත්‍රපටයේ ඇති විශේෂත්වය එකම එක තැනක හැරෙන්නට මුළු චිත්‍රපටයම සීන් කට්වීමකින් තොරව එක දිගටම ගලායාමයි.නරඹද්දි දැනෙන්නෙ එකම කැමරාවකින් මුළු චිත්‍රපටයම රූගත කර ඇතිවාක් වැනි හැඟීමක්. රංගනයෙන් දායක වන්නේ ඩීන්-චාල්ස් චැප්මන් ( ලාන්ස් කෝප්‍රල් බ්ලේක්), ජෝජ් මැකේ (ලාන්ස් කෝප්‍රල් ස්කොෆීල්ඩ්), ඩැනියෙල් මේස් ( සාජන් සැන්ඩර්ස්), කොලින් ෆර්ත් ( ජෙනරාල් එරින්මෝ), ඇන්ඩෲ ස්කොට් (ලුතිනන් ලෙස්ලි), බෙනඩික්ට් කම්බබැච් ඇතුළු පිරිසක්. පිරිස දැක්ක ගමන් ඔබට වැටහෙනවා මෙය පළමු ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය දායකත්වය අලලා කෙරෙන නිර්මාණයක් බව. රූගත කිරීම් සියල්ලම සිදුකර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ සහ ස්කොට්ලන්තයේ. චිත්‍රපටය සඳහාම යුධ අගල් අඩි 5200කට වඩා ප්‍රමාණයක් සාරා තිබෙනවා සැතපුමක වපසරියක් ඇතුලත. එසේම රූගතකිරීම් ඇරඹීමට පෙර චිත්‍රපටයට සම්බන්ධ සියලු දෙනා මාය හයක කාලයක් දැඩි අසීරු පුහුණුවක් කර තිබෙනවා. සෑම් මෙන්ඩස් සඳහන් කර තිබුණා චිත්‍රපටය රූගත කරද්දී කාලගුණය හැරෙන්නට තමන්ට ඇතිවූ ලොකුම හිසරදය වූයේ සිගරට් ලයිටරයක් බව. පැරණි සිගරට් ලයිටරයක් වූ එය රූගත කිරීම් ඇරඹීම් සංඥාවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අදාල දර්ශනය බොහෝ වතාවක් නැවත නැවත රූගත කරන්නට සිදුවූ බව ඔහු පවසා තිබුණා.හරි එහෙනම් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට...

කතාව ඇරඹෙන්නෙ 1917 වසරෙ අප්‍රේල් 6 වැනිදායින් (ඉතිහාසය අනුව මේ තමයි ඇමරිකා එක්සත් ජනපදය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූ දිනය). බටහිර යුධ පෙරමුණේ යුධ සේවයේ යෙදී සිටින බ්‍රිතාන්‍ය සෙබළුන් දෙදෙනෙක්ට බාරවෙනවා ඉතාම භාරදූර අවධානම් කාර්යයක්: ඒ තමයි සතුරු ජර්මානු යුධ පෙරමුණ හරහා ගොස් බ්‍රිතාන්‍ය යුධ හමුදා රෙජිමේන්තුවකට පණිවිඩයක් ලබාදීම. මේ පණිවිඩය නිසි වේලාවට නොලැබුණහොත් 1600කින් සමන්විත සෙබළ පිරිසක් ඉතාම අවාසනාවන්ත ඉරණමකට මුහුණ පානවා. මොකද්ද ඒ? මේ සෙබළුන් දෙදෙනාට ජර්මානු යුධ පෙරමුණ හරහා යාමට හැකිවේද? ඒ සියල්ලට පිළිතුරු තිබෙනවා චිත්‍රපටය තුල. ඉතාම වෙනස් ඝනයේ යුධමය චිත්‍රපටයක් කියලත් කියන්න ඕනෙ මෙය, නරඹන්නාව චිත්‍රපටය තුල ජීවත්කරවීමට අධ්‍යක්ෂකවරයා රංගන ශිල්පීන් ඇතුළු සියලු දෙනා සමත්ව ඇති බවත් අවිවාදයෙන්ම පවසන්නට පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු The Lighthouse (2019) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්. චිත්‍රපටය නැරඹීමේදී ඔබට අවශ්‍ය විය හැකි කරුණු කීපයක් පහතින් සඳහන් කරන්නම්, ඒ ටිකත් කියවලම ඉන්න.

විශේෂ :-

• චිත්‍රපටය මුළුමුනින්ම පාහේ ප්‍රබන්ධයක් වුවත් මෙය යම් තරමකින් අධ්‍යක්ෂ සෑම් මෙන්ඩස්ගේ පිය පාර්ශවයෙන් සීයා වූ ඇල්ෆ්‍රඩ් එච්. මෙන්ඩස් (1897 – 1991) ගේ The Autobiography of Alfred H. Mendes 1897-1991 පොතෙන් ආභාෂය ලබාගෙන තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍ය රාජකීය රයිෆල් භට රෙජිමේන්තුවට අනුයුක්තව පලමු ලෝක යුද්ධයට සම්බන්ධවූ අයෙක්.

• නෝ- මෑන්ස්- ලෑන්ඩ් (No-Man's-Land) නෝ මෑන්ස් ලෑන්ඩ් යනු යුධ වදින දෙපාර්ශවයක අගල්වලින් පිරි යුධ පෙරමුණුවලට මැදි බිම් කොටස, එය අත්කරගන්නට සටන් වදිමින් තිබෙන නිසාත්, එබැවින් කිසිවෙකුටත් හිමි නැති නිසාත් තමයි නෝ-මෑන්ස්-ලෑන්ඩ් ලෙස හැඳින්වෙන්නේ.

• චිත්‍රපටයේ එක් තැනක බ්ලේක් අහනවා තීප්වල් ගම මතක නැද්ද කියල ස්කෝෆීල්ඩ්ගෙන්. ඔහු තීප්වල් ලෙස සඳහන් කරන්නේ පළමු ලෝක යුද්ධයේදී ප්‍රංශයේ තීප්වල්හි සිදුවූ තීප්වල් ඉවුරේ සටනයි. මෙය දින දෙකක් පුරා පැවති සටනක්, එනම් 1916 වසරේ සැප්:26 සිට සැප්:28 දක්වා. එය කෙලවර වන්නේ බ්‍රිතාන්‍යයට ජය හිමිකරදෙමින්.

• Ribbon Medal නොහොත් රිබන් පදක්කම මෙය බ්‍රිතාන්‍ය හමුදා සේවා පදක්කම ලෙසද හැඳින්වෙනවා. රිබන් ලෙස හැඳින්වෙන හේතුව මේ වර්ණවත් කොටස.

• සැප් අගල (Sap Trench) මෙය සරලවම කිව්වොත් තම යුධ පෙරමුණේ සිට සතුරු යුධ පෙරමුණ ආසන්නයට හොර රහසේ හා සතුරු වෙඩි ප්‍රහාරවලින් බේරී යාමට තනන අගලක්. පහත සිතියම බලන්න, එහි කොල පැහැයෙන් ඇත්තේ සතුරු යුධ පෙරමුණට දෙසට හාරා ඇති සැප් අගලක්.

• Jumblies පද පෙල මෙහි ජම්බ්ලීස් යන්න මම ජම්බලීනුවන් ලෙස සිංහලට හැරෙව්වා මෙයට යොදන්නට වෙනත් නමක් නැති නිසා. මේ ජම්බ්ලීස් ලෙස හැඳින්වෙන්නේ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකු සහ කාව්‍ය රචකයෙකු වූ එඩ්වර්ඩ් ලියර් (1812-1888) ගේ එනමින්ම යුත් පද පෙලක්. එය ටිකක් අමුතුම ආකාරයේ එකක් වන්නේ එහි කියවෙන්නේ පෙනේරයක නැගී මුහුද යන ජම්බ්ලීස් නම් මනඃකල්පිත කුඩා සත්වයන් වැනි පිරිසක් ගැන වීම නිසා. පෙනේරයක මුහුදෙ යනවා කියන එක කරන්නට බැරිදෙයක්නෙ පැහැදිලිවම. කොහොමහරි එය චිත්‍රමය ආකාරයකින් පැහැදිලි කරල තියනවා මේ යූ ටියුබ් වීඩියෝවෙ. චිත්‍රපටය බලල එහෙම ඇවිත් බලන්න.

• Wayfaring stranger ගීතය ජීවිතයෙන් නික්ම ස්වර්ගය කරා යන තැනැත්තෙක් තම මෙලොව ජීවිතය සිහිකරමින් ගයන්නක් වන අතර මෙය කතෝලික පසුබිමක් ඇති ගීතයක් ඒ නිසාම. විවිධ වර්ෂන්ස්වලින් ඇති මේඑ ගීතයේ ආරම්භය 1780 වර්ෂය තරම් ඈතට දිවෙන්නක් බවයි ඉතිහාසඥයන්ගේ මතය. කැමති අයට මේ ලින්ක් එකෙන් ගිහින් එහි වර්ෂන්ස් ගණනාවකට සවන් දෙන්න පුළුවන්, එඩ් ෂෙරීන් ගයන එකකුත් තිබෙනවා එහි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 9329

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
1917
  • 720p (bluray)
    1.07 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.19 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.47 GB
    Download Torrent
  • 720p (web)
    1.07 GB
    Download Torrent
  • 1080p (web)
    2.11 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Avishka Unregistered User
    Windows 10Firefox 73

    ගොඩක් ස්තුතියි සබ් එකට

    2020-03-15 at 7:46 am
    Reply
  • buddhika Unregistered User
    Windows 10Chrome 63

    good work bro , you have been dedicated much time for us , thank very much

    2020-05-15 at 12:26 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms