පිටපිටම හින්දි චිත්‍රපට දෙකක් දීපු නිසා හිතුවා ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරැසි දුන්නොත් හොඳයි කියල. එසේ මෙසේ එකක් නෙමෙයි 8.5 ක් වැනි දැවැන්ත අගයක් ලබා Imdb හි හොඳම චිත්‍රපට 250 අතර 97වන ස්ථානයට පත් වෙන්නත් Rotten Tomatos හි 86% ක අගයක් ලබා ගන්නත් ඔස්කාර් සම්මාන 6ක් ඇතුළු සම්මාන 35ක් දිනා තවත් සම්මාන 69 කට නිර්දේශත් වුණ චිත්‍රපටයක්.ඒ විතරක් නෙමෙයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Apocalypto (2006),Brave Heart (1995),Passion Of Christ (2004) වගේ ලෝක පූජිත චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෙල් ගිබ්සන්. මෙල් ගිබ්සන්ගෙ කියන්නෙ ඉතිං ආයෙ අහන්න දෙයක් නෑනේ සුපිරිම තමයි.කතාව මෙහෙමයි…….
දෙවන ලෝක යුද්ධයේදි ජපාන අධිරාජ්‍යය කරපු ලොකුම වැරැද්ද මොකද්ද?ඒ තමයි ඇමරිකාවේ පර්ල් වරායට කල දැවැන්ත ප්‍රහාරය .නොසිතූ මොහොතක යුධ ආචාර ධර්ම පවා කඩ කරමින් ජපානය එල්ල කල මේ ප්‍රහාරය හේතුවෙන් එතෙක් මේ ලෝක යුද්ධයෙන් බේරගෙන හිටපු ඇමරිකාව ලෝක යුද්ධයට සම්බන්ධ මිත්‍ර පාර්ශවයන්ට එකතු වෙනවා පමණක් නොවෙයි ජපානය බිමටම සමතලා කරලයි පස්ස බලන්නෙ. එහිදී ඔවුන් ජපානයේ ඔකිනාවා නගරය අල්ලා ගැනීමට හැක්සෝ වැටියේදී කල සටනට දායකත්වය දුන් සුවිශේෂී පුද්ගලයෙක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කෙරෙන්නෙ. ඔහු නමින් ඩෙස්මන්ඩ් ඩොස්.ඩෙස්මන්ඩ්ගෙ තාත්තත් පළමු ලෝක යුද්ධයේදී රට වෙනුවෙන්සටන් කල දැන් විශ්‍රාමික අයෙක්. පියාගේ අඩිපාරේම යමින් ඩෙස්මන්ඩ්ගෙ සහෝදරයා හැල් ඩොසුත් හමුදා සේවයට එකතු වෙනව. හැබැයි ඩෙස්මන්ඩ් කියන්නෙ බොහොම නිවුණු ආගම දහමට ලැදි කරුණාවන්ත කෙනෙක් ඔහු යුද්ධයට කැමති නෑ. ඒත් දවසක වුණ සිදුවීමකින් ඔහුට කැමැත්තක් ඇතිවෙනව වෛද්‍ය සෙබළෙක් විදියට යුධ හමුදාවට බැඳෙන්න. ඒ විතරක් නෙමෙයි ඔහු හමුදාවට බැඳෙනවා වෛද්‍ය සෙබළෙක් ලෙස. හැබැයි පුහුණුවෙදි ඔහු පුහුණුවට වගේම යුද්ධයටත් එක සේ අදාල එකම එක දෙයක් කිරීම ප්‍රතික්ෂේප කරනවා.ඔහු මේ ප්‍රතික්ෂේප කරන දේ ඔහුගෙ අණදෙණ නිලධාරීවරයාට මහත් හිසරදයක් වෙනවා
ඔහු ඇතුළු සියල්ලන්ම ඔහු ඒ ප්‍රතික්ෂේප කරන දෙය කරවගන්න විවිධ උත්සාහයන් ගන්නව නමුත් වැඩක් වෙන්නෙ නෑ . ඒ හේතුවෙන්ම යුද්ධයට යන්න කලින්ම ඩෙස්මන්ඩ්ට යුධ අධිකරණය ඉදිරිපිටට යන්නත් සිද්ධ වෙනව. මං මෙතනින් කතාව නවත්තන්නම් ඒ වගේම ඩෙස්මන්ඩ් ප්‍රතික්ෂේප කරන්නෙ මොකද්ද කියලත් මං කියන්නෙ නෑ.නරඹලම බලන්න කියල ආරාධනා කරනවා මොකද මේක බලන්න වටින චිත්‍රපටයක් සහ සත්‍ය කතාවක්.සත්‍යඩෙස්මන්ඩ් ගැන යම් සටහනක් චිත්‍රපටය අවසානයේ තියන නිසා ඉවරවෙනකම්ම බලන්න.
“සාමයේදී පුතුන් තමන්ගේ පියවරුන්ව භූමදාන කරයි..”
“යුද්ධයේදී පියවරුන් තමන්ගේ පුතුන්ව භූමදාන කරයි.”
මේකෙ වීඩියෝ පිටපත DVD Screener එකක් වුනත් AV කොලිටි එක ඉතාම ඉහළයි.සාමාන්‍යයෙන් DVD Screener එකක දකින කරදරකාරී වෝටමාක්ස් වගේ දේවල් කිසිදෙයක් මේකෙ නෑ. ඒ නිසා බය නැතුව බාගන්න.
Spoiler Warning : The extraordinary true story of conscientious objector Desmond T. Doss who saved 75 men in Okinawa, during the bloodiest battle of WWII, without firing a single shot. Believing that the war was just but killing was nevertheless wrong, he was the only American soldier in WWII to fight on the front lines without a weapon. As an army medic Doss single-handedly evacuated the wounded near enemy lines – braving enemy fire and putting his own life on the line. He was the first conscientious objector to ever win the Congressional Medal of Honor…
එළ සුපිරි ෆිලුමක් වගේ…………
සබට තැන්කූ………..
නියමයි සහෝ…
උපසිරසියට බොහොම ස්තුතියි…
ඔබට ජය!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Lowesth sub denakal hitapu film ekak malli.Ty…. Gdk Pin…
සුපිරිම ෆිල්ම් එකක්නෙ දීල තියෙන්නෙ.
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Elakiri. Keep it up
Patta bro…
ස්තුතියි සහෝ.. ඔන්න මමත් පිලුම බානවා සබ් එකත් එක්කම.. ?
puluwannam me film ekatath sub denna… Silence 2016
thnks a lot bro