Trending

El curepo AKA The Body (2012) Sinhala Subtitle

El cuerpo The Body (2012)

ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ නරඹපු හැමෝගෙන්ම (ඊමේල් මගින් පවා) හොඳ සතුටුදායක ප්‍රතිචාර ලැබුණ The Invisible Guest (2016) ෆිල්ම් එකෙන් පස්සෙ උපසිරැසි කරන්න පටන්ගත්ත ස්පාඤ්ඤ චිත්‍රපටය. ලයින් තුන්හාරසීයක් කරල පැත්තකට දාල තිබුණ මේ චිත්‍රපටය ආයිත් මට මතක් කිරීම සම්බන්ධව පසිඳු අමරසිංහ සහෝදරයට මගේ හදපිරි ස්තූතිය.ඉතින් ඔහුත්,මිතුන්,සෑම් ඇතුළු අපේ ස්පැනිෂ් රසිකයන් හැමදෙනෙක්ම වෙනුවෙනුයි මේ චිත්‍රපටය.

2012 වසරේ තිරගතවූ, Imdb අඩවියෙන් 7.6ක ඉහළ අගයකුත් ,Rotten tomatos වෙතිනුත් 78%ක ඉහළ අගයක් ලබා එයින් නොනැවතී ගූගල් පරිශීලකයන් 89%කගෙ ප්‍රසාදයත් දිනාගෙන සම්මාන 10ක් සඳහා නිර්දේශවී 3ක් දිනාගන්නටත් සමත්වුන මේ ස්පාඤ්ඤ චිත්‍රපටය නමින් El cuerpo එහෙමත් නැත්නම් The Body. අයත් වෙන්නෙ අපරාධ ,අභිරහස් , ත්‍රාසජනක ඝනයට. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ පෙරකී Invisible Guest (2016) චිත්‍රපටයේ අධ්‍යක්ෂක Oriol Paulo මයි. මේ ඔහු අධ්‍යක්ෂණය කල පළමු චිත්‍රපටය, දෙවැන්න තමයි මම කලින් සඳහන් කල The Invisible Guest (2016). ඔහු අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ චිත්‍රපට දෙක පමණක් වුණත් ඒ දෙකම ඉහළම රසික ප්‍රසාදය දිනාගත් චිත්‍රපට. ඊට අමතරව ඔහු තිර රචනයෙත් දක්ෂයෙක් , Julia’s eyes (2010) සහ Secuestro (2016) චිත්‍රපට දෙක ඔහුගේ තිරචනයෙන් හැඩවුණ චිත්‍රපට. මේ දෙකටත් මම මීට කලින් උපසිරැසි ලබාදී තියෙනවා. කැමති අය අරගෙන බලන්න.

කතාව ආරම්භ වෙන්නේ මෙන්නමෙහෙමයි….මෘතශරීරාගාරය..හුරුපුරුදු වචනයෙන් කියනවනම් මෝචරිය. එක්තරා රාත්‍රියක ස්පාඤ්ඤයේ ඇති මෘතශරීරාගාරයකින් මළසිරුරක් අතුරුදන් වෙනවා. ඒත් කොහොමද ප්‍රාණය නිරුද්ධ සිරුරක් එහෙම අතුරුදන් වෙන්නෙ? එහෙම වෙන්න බෑනෙ,නේද? එක්කෝ කිසිවෙකුහෝ මෘතශරීරාගාරයට ඇතුල්වී මළසිරුර රැගෙන ගියා වෙන්න ඕනෙ, එහෙමත් නැත්නම් මියනොගිය අයෙක්යම්කිසි වැරදීමකින් මෘතශරීරාගාරයට දාල වෙන්න ඕනෙ. මේ මළසිරුරත් බොහොම ධනවත් ව්‍යාපාරික කාන්තාවකගේ. කොහොමවුණත් එදා මොකද්ද වුණේ කියල දන්න එකම එක් පුද්ගලයයි ඉන්නෙ, ඒ එදින මෘතශරීරාගාරයේ ආරක්ෂකයා ලෙස සේවය කල තැනැත්තා. නමුත් ඔහුත් එදිනම රථවාහන අනතුරකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කරනවා. මේ සම්බන්ධව විමර්ශනය කිරීම භාරවෙන්නේ ජේමි පෙන්යා නම් පොලිස් නිලධාරියකුට. මේකෙ සැකය සෘජුවම යොමුවෙන්නෙනම්……..නෑ ඒක ඕන්නෑ, ඒක මම රසික ඔබටම බාර කරනවා. මේකත් Invisible Guest වගේම තමයි අවසානය වෙනකම්ම අපිව වටේ කරකවල තමයි අවසානය වෙත එන්නේ. බලල ඉවරවෙලා හොඳ නරක කියන්නකො. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.01 GB x264
▲16 · ▼2
Magnet GET
1080p bluray 1.86 GB x264
▲34 · ▼13
Magnet GET
Discussion (29)
  • Sampath Unregistered
    iOS 11 Chrome 62

    Thanks machan

  • wiki Unregistered
    Windows 7 Firefox 57

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks sahoi.. jaya wewa!!

  • Jeewantha Unregistered
    Windows 10 Vivaldi 1.94

    වෙනසකටත් එක්ක මේක බලන්න ඕන. පේන විදියට නම් කථාව පට්ට වගේ. සබ් වලට බොහොම ස්තුතියි.

  • dilan Unregistered
    Windows 8.1 Chrome 63

    thank you bro

  • Sangeeth srimal Unregistered
    Android 7.1 UC Browser 12.2

    Thanks aaaa

  • Dinusha sampath Unregistered
    Android 9 Chrome 70

    Thanks a lot brother..

  • Chamindu Udara Unregistered
    Windows 10 Chrome 83

    සහෝ… පුලුවන්නම් මෙන්න මේ films වලටත් sinhala subs හදල දෙන්නකෝ

    (1) The Devil’s Backbone (2001)
    (2) Frequency (2000)
    (3) The Dark City (1998)
    (4) The Haunting (1999)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search