El cuerpo The Body (2012)
ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ නරඹපු හැමෝගෙන්ම (ඊමේල් මගින් පවා) හොඳ සතුටුදායක ප්‍රතිචාර ලැබුණ The Invisible Guest (2016) ෆිල්ම් එකෙන් පස්සෙ උපසිරැසි කරන්න පටන්ගත්ත ස්පාඤ්ඤ චිත්‍රපටය. ලයින් තුන්හාරසීයක් කරල පැත්තකට දාල තිබුණ මේ චිත්‍රපටය ආයිත් මට මතක් කිරීම සම්බන්ධව පසිඳු අමරසිංහ සහෝදරයට මගේ හදපිරි ස්තූතිය.ඉතින් ඔහුත්,මිතුන්,සෑම් ඇතුළු අපේ ස්පැනිෂ් රසිකයන් හැමදෙනෙක්ම වෙනුවෙනුයි මේ චිත්‍රපටය.
2012 වසරේ තිරගතවූ, Imdb අඩවියෙන් 7.6ක ඉහළ අගයකුත් ,Rotten tomatos වෙතිනුත් 78%ක ඉහළ අගයක් ලබා එයින් නොනැවතී ගූගල් පරිශීලකයන් 89%කගෙ ප්‍රසාදයත් දිනාගෙන සම්මාන 10ක් සඳහා නිර්දේශවී 3ක් දිනාගන්නටත් සමත්වුන මේ ස්පාඤ්ඤ චිත්‍රපටය නමින් El cuerpo එහෙමත් නැත්නම් The Body. අයත් වෙන්නෙ අපරාධ ,අභිරහස් , ත්‍රාසජනක ඝනයට. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ පෙරකී Invisible Guest (2016) චිත්‍රපටයේ අධ්‍යක්ෂක Oriol Paulo මයි. මේ ඔහු අධ්‍යක්ෂණය කල පළමු චිත්‍රපටය, දෙවැන්න තමයි මම කලින් සඳහන් කල The Invisible Guest (2016). ඔහු අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ චිත්‍රපට දෙක පමණක් වුණත් ඒ දෙකම ඉහළම රසික ප්‍රසාදය දිනාගත් චිත්‍රපට. ඊට අමතරව ඔහු තිර රචනයෙත් දක්ෂයෙක් , Julia’s eyes (2010) සහ Secuestro (2016) චිත්‍රපට දෙක ඔහුගේ තිරචනයෙන් හැඩවුණ චිත්‍රපට. මේ දෙකටත් මම මීට කලින් උපසිරැසි ලබාදී තියෙනවා. කැමති අය අරගෙන බලන්න.
කතාව ආරම්භ වෙන්නේ මෙන්නමෙහෙමයි….මෘතශරීරාගාරය..හුරුපුරුදු වචනයෙන් කියනවනම් මෝචරිය. එක්තරා රාත්‍රියක ස්පාඤ්ඤයේ ඇති මෘතශරීරාගාරයකින් මළසිරුරක් අතුරුදන් වෙනවා. ඒත් කොහොමද ප්‍රාණය නිරුද්ධ සිරුරක් එහෙම අතුරුදන් වෙන්නෙ? එහෙම වෙන්න බෑනෙ,නේද? එක්කෝ කිසිවෙකුහෝ මෘතශරීරාගාරයට ඇතුල්වී මළසිරුර රැගෙන ගියා වෙන්න ඕනෙ, එහෙමත් නැත්නම් මියනොගිය අයෙක්යම්කිසි වැරදීමකින් මෘතශරීරාගාරයට දාල වෙන්න ඕනෙ. මේ මළසිරුරත් බොහොම ධනවත් ව්‍යාපාරික කාන්තාවකගේ. කොහොමවුණත් එදා මොකද්ද වුණේ කියල දන්න එකම එක් පුද්ගලයයි ඉන්නෙ, ඒ එදින මෘතශරීරාගාරයේ ආරක්ෂකයා ලෙස සේවය කල තැනැත්තා. නමුත් ඔහුත් එදිනම රථවාහන අනතුරකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කරනවා. මේ සම්බන්ධව විමර්ශනය කිරීම භාරවෙන්නේ ජේමි පෙන්යා නම් පොලිස් නිලධාරියකුට. මේකෙ සැකය සෘජුවම යොමුවෙන්නෙනම්……..නෑ ඒක ඕන්නෑ, ඒක මම රසික ඔබටම බාර කරනවා. මේකත් Invisible Guest වගේම තමයි අවසානය වෙනකම්ම අපිව වටේ කරකවල තමයි අවසානය වෙත එන්නේ. බලල ඉවරවෙලා හොඳ නරක කියන්නකො. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.
Thanks machan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
sub ekata thanks sahoi.. jaya wewa!!
වෙනසකටත් එක්ක මේක බලන්න ඕන. පේන විදියට නම් කථාව පට්ට වගේ. සබ් වලට බොහොම ස්තුතියි.
thank you bro
Thanks aaaa
Thanks a lot brother..
සහෝ… පුලුවන්නම් මෙන්න මේ films වලටත් sinhala subs හදල දෙන්නකෝ
(1) The Devil’s Backbone (2001)
(2) Frequency (2000)
(3) The Dark City (1998)
(4) The Haunting (1999)