Justice League (2017) Sinhala Subtitle

December 24, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලුම දෙනාට.අදනම් ටිකක් විශේෂ උපසිරැසියක්.ඒකට හේතු දෙකක් තියනවා.එකක් මේ මගේ 100වන උපසිරැසිය.අනිත් කාරණය මේ DC කොමික්ස් රසිකයන් පුල පුලා බලාසිටි චිත්‍රපටයක්.මගේ 100වන උපසිරැසිය වෙනුවෙන් මේ චිත්‍රපටය මට බාර දුන්න දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මණ්ඩලයේ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.ඒකට විතරක්ම නෙමෙයි අඩවියට සම්බන්ධවූ දා සිටම මේ තරම් ලොකු  දුරක් එන්න  මට දුන්න ශක්තියටත්.ඔයගොල්ලන්ගෙ කැපවීම, ඉවසීම (මොකද සමහරවෙලාවට මගෙ අතින් උපසිරැසි ප්‍රමාද වෙනවා මම  හිතන්නෙ.එහෙම වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නැ) සහ සහයෝගය නැත්නම්, අනිවාර්යයෙන්ම මට මේ තරම් දුරක් එන්න බෑ.ඒ වගේම නම් වශයෙන් නොකිව්වත් අපේ සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාටත් බොහොමත්ම ස්තූතියි ඕගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගයට.ඒ වගේමයි හැමදාමත් අපිව පොඩිමහරි වචනයකින් දිරිමත් කරන්නට කාරුණික වන Subz LK ප්‍රේක්ෂක (වචනෙ හරිද මන්ද) සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි.ඔබේ ඒ මහමෙරක් වගේ වචන කීපය අපට ලබාදෙන ශක්තිය වචනවලින් කියා නිමකරන්න බෑ.යමෙක් ප්‍රතිචාරයක් නොදැක්වූවා කියාත් හිතේ කිසිම තරහක් නෑ.උපසිරැසි කරන මුල්කාලයේනං ඒ නිසා යම් කලකිරීමක් වගේ දෙයක් හිතට දැනුනත් අදනම් ඒක එහෙම නෑ.මොකද ප්‍රතිචාර නොදැක්වීමටත් යම් සාධාරණ හේතු තිබෙන්නට පුළුවන් නිසා.අනිත් කාරණය ප්‍රතිචාර නොදැක්වූවත්, ඔබ අඩවියට පිවිසීම, ඔබේ එක් බාගත කරගැනීමක් පවා අඩවියට හා උපසිකරුවෙකුට ලොකු ශක්තියක්…

ඒ වගේම කියන්න ඕනේ ඕගොල්ලො මගෙන් යම්චිත්‍රපටවලට උපසිරැසිඉල්ලලත්, විවිධ හේතු නිසා මට ඒවා ලබාදෙන්න නොහැකිවෙලා තියනවා ගොඩක් අවස්ථාවල.ඒ හේතුවෙන් හෝ ප්‍රතිචාරයකට මම දක්වන පිළිතුරකින් හෝ වෙන මොනයම් හෝ හේතුවක් නිසා කාගෙහරි සිත් රිදීමක් ඇතිවී ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා.50 වෙනි උපසිරැසියටත් මං දිග හෑල්ලක් ලිව්ව නිසා 100වෙනි උපසිරැසිය එහෙම නොකර මම මේ කතාව මෙතනින් නවත්වලා චිත්‍රපටය පැත්තට යන්නම්…

Justice League (2017)

ජස්ටිස් ලීග් නොහොත් යුක්ති එකමුතුව අපි හමුවට එන ජස්ටිස් ලීග්  චිත්‍රපටය මේ වසරේ DC කොමික්ස් රසිකයන් බොහොම උනන්දුවෙන් පෙරමග බලාසිටි එකක්.IMDB අගය 7.1ක් ලබා ගත් මේ චිත්‍රපටයට Rotten Tomatos ලගෙන්නම් ලැබෙන්නෙ 41% ක වගේ අගයක් (කතාව පැත්තෙන් ගත්තම මේ අගය ලැබෙන්න සාධාරණ හේතු තියනවා).මෙහි අධ්‍යක්ෂණය ජනප්‍රිය අතිදක්ෂ අධ්‍යක්ෂ Zack Snyder මහතාගෙන්.කෙසේවෙතත් මෙම වසරේ මාර්තු 17වන දින සිදුවූ තම දියණියගේ අවාසනාවන්ත සියදිවිනසාගැනීම නිසා ඔහු චිත්‍රපටයෙන් ඉවත්වන්නට තීරණය කල අතර ඉන්පසු මෙහි අවසන් අදියරේ අධ්‍යක්ෂණ කටයුතු කර තිබෙන්නේ Joss Whedon විසින්.රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු විදියට Ben Afleck (බැට්මෑන්), Gal Gadot ( වොන්ඩ(ර්)වුමන්), Amy Adams (ලොයිස් ලේන්), Jeremy Irons ( ඇල්ෆ්‍රඩ් ), Jason Mamoa (ඇක්වාමෑන්/දියමිනිසා), Erza Miller (බැරී ඇලන්/ෆ්ලෑෂ්), Ray Fisher (වික්ටර් ස්ටෝන්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පෙළක්.කොහොමවුණත් මෙහි අධ්‍යක්ෂණ කාර්යය බෙන් ඇෆ්ලෙක්ට බාරදෙන්නත් මුලදි යම් අදහසක් තිබිල තියනවා.ඉන්පසු අධ්‍යක්ෂණ බාරවූ Zack Snyder මහතා චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නෙ වික්ටර් ස්ටෝන් ( සයිබෝග්වරයා)  මූලික කරගෙන චිත්‍රපටය දිවෙන ආකරයට.නමුත් Joss Wheldon විසින් ඒ රූපරාමු සෑහෙන ප්‍රමාණයක් චිත්‍රපටයෙන් ඉවත්කරන්නට කටයුතු කර තිබෙන අතර සංගීත අධ්‍යක්ෂණ කාර්යය සඳහා Zack මහතා තෝරාගෙන සිටි Junkie XLවත් එම කාර්යයෙන් ඉවත් කර තිබෙනවා.දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

සුපර්මෑන්ගේ මරණය නිසා මේ වනවිට ලෝකයා තම ආරක්ෂාව ගැන යම් සැකයකින් ඉන්නේ.බැට්මෑනුත් සුපුරුදු ලෙස ‘දවල් බෲස්, රෑ වවුලා’ ක්‍රමේට තමන්ට හැකි අයුරින් තම රාජකාරිය ඉටු කරනවා.වොන්ඩ(ර්) වුමනුත් ලෝකයෙන් සැඟවෙලා ඩායානා ප්‍රින්ස් විදියට කාලය ගත කරනවා.ඔය අතරේ ලෝකයට තවත් බරපතල තර්ජණයක් ලඟම එන බව බෲස් වේන් දැනගන්නවා.මෙවර සතුරා එන්නේ යම් බලයක් ඇති මංජුසාවත් තුනක් සොයමින්. බෲස් වේන්, වොන්ඩ වුමන් ඇතුළු කණ්ඩායමක් එක්රැස් කරගෙන මේ තර්ජණයට එරෙහිව සටන් වැදීම තමයි චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.මීට වඩා කියන්න දෙයක් නෑනෙ.මෝකද මම දන්නවා මට වඩා හොඳ කොමික් රසිකයෝ ඉන්නවා ඕනෙතරම් , අපේ ඇඩ්මින් මණ්ඩලයත් ඇතුළුව.

එහෙනම් මීලඟට රූපවාහිනී කතාමාලාවකුත් බාරවෙලා තියනවා.බොහෝවිට මං ඊලඟට ඕගොල්ලන්ව හමුවෙන්නෙ එහි කොටසක උපසිරැසියකින් වෙන්න ඉඩ තියනවා.එහෙනම් ගිහින් එන්නම් සියලු දෙනාටම බොහොම ස්තූතියි.අපේ Subz LK අඩවියට, ඇඩ්මින් මණ්ඩලයට, සහෝදර උපසිරැසි කරුවන්ට ඕගොල්ලො ලබාදෙන සහයෝගය,ධෛර්යය ඉදිරියටත් ලබාදෙන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිමින්ම මම ගිහින් එන්නම්.අපි මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

(1) පිටපත ගැන :- මම මුලින් මේකට උපසිරැසිය කලේ  (HDTS) කැමරා පිටපතකට.ඒත් පළකිරීම සඳහා යවන්න ඔන්න මෙන්න තියෙද්දි HC-HDrip පිටපත් කීපයක් අන්තර්ජාලයට නිකුත් වුනා.මේ පිටපත් හැම එකකම වීඩියෝ තත්වය හොඳ මට්ටමක තිබුණත් ඕඩියෝ තත්වයනම් අසතුටුදායකයි.හේතුව යම් යම් ස්ථානවල ශබ්දය විකෘතිවීම් සහ Sync වීමේ ගැටලු තිබීම.කොහොමවුණත්ඒවායෙන් මම තෝරාගත්ත පිටපත 1080P එකක්, ප්‍රමාණය 1.22GB.මේකෙනම් Sync ගැටලුව නෑ.නමුත් යම් යම් ස්ථානවලදී ශබ්ද විකෘතිවීමේ ගැටලුව ඒ විදියටම තියනවා.ඒක ලොකු ගැටලුවකුත් නෙමෙයි හැබැයි.කැමති අය බාගන්න.ඉවසල ඉන්න පුළුවන්නම් වඩා හොඳයි.හොඳ තත්වයේ පිටපතක් ආව ගමන් යාවත්කාලීන කරන්නත් බලාපොරොත්තු වෙනවා.

(2) මෙන්න ස්ක්‍රීන්ෂොට්

(3) උපසිරැසිය :-

  • ASS උපසිරැසිය – හාඩ්කෝඩ් උපසිරැසිය ආවරණය වීමට පසුබිමක් යොදා ඇත.
  • SRT උපසිරැසිය – පසුබිමක් යොදා නැත.

Fueled by his restored faith in humanity and inspired by Superman’s selfless act, Bruce Wayne enlists newfound ally Diana Prince to face an even greater threat. Together, Batman and Wonder Woman work quickly to recruit a team to stand against this newly awakened enemy. Despite the formation of an unprecedented league of heroes — Batman, Wonder Woman, Aquaman, Cyborg and the Flash — it may be too late to save the planet from an assault of catastrophic proportions…

Available Torrents
3D bluray 1.92 GB
720p bluray 1.08 GB
1080p bluray 2.01 GB
2160p bluray 5.65 GB
720p web 879.76 MB
1080p web 1.82 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (96)
  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    subapaqthum oyata digatama sub denna

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    plz udawwak kranna (mayam) 2017 kiyala english movie ekak thiye ekata sub dennako…plz…

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      (mayam) මේ කියල තියන නම හරිද, උෂාන්?

    • ushan Unregistered
      Windows 7 UC Browser 7

      sorry godaak sorry….. mayhem 2017 puluwnnam denna plz

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    100ta suba pathum. sub ekata thanks. jaya wewa!!

  • hasitha prasad Unregistered
    Windows XP Firefox 52

    සුමින්ද@ බොහොමත්ම ස්තූතියි හෘදයාංගම ප්‍රතිචාරයට 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් කරා සාර්ථකව ලඟාවෙන්න උණුසුම් සුභ පැතුම්…

    * ෆිල්ම්ස් ටිකේ නම් මේල් කරන්න, මං හෙමීට කරල දෙන්නම්.

  • Prasanna Unregistered
    Android 7 Chrome 63

    සුපිරි bro ela ela

  • king sahana Unregistered
    Windows 7 Firefox 57

    ELAMA ELAMA DIGATAMA KARAGENA YAMU

  • Nuwan Unregistered
    Android 6 Chrome 63

    හරිත ප්‍රසාද් bro thank you very much for the sub. දිගටම වැඩේ කරගෙන යමු. ජය වේවා. Wish u all the best

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 63

    හම්මේ එසේ මෙසේ එකක් නෙවෙයිනේ මට මග ඇරිලා තියෙන්නේ. මග ඇරුනා කිව්වට මම 100 ට සුබ පතන පොටෝ එකත් හදලා දීලායි ගියේ කවීෂට… ඒ ගියා ගියාමයි සයිට් එකට අත ගහන්න ලැබුනේ අද… සමීර බැක් ඉන් ඇක්ෂන් 😉 ඉතින්, කොහොම පටන් ගන්නද, 50 ටත් ලොකු හෑල්ලක් ලිව්වා මතකයි මම, අපිට ඉන්න ලොකුම ශක්තිය කියලා කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් කෙනා තමයි හසිත සහෝ, ඉතින් ආය මොන කතාද, වෙබ් අඩවියේ ප්‍රේක්ෂකයන්ට වගේම , ඇඩ්මින්ලාටත් ඒ වටිනාකම තියෙනවා. ඉතින් 100ක් කරනවා කියන්නේ මේ ටික කාලෙට, ලොකුම වැඩක් ඉතින්… 🙂 මාරම සතුටුයි. පරක්කු වීම ගැන සමාවෙන්න කියලා ඉල්ලනවා මගේ කමෙන්ට් එකට… මං මේක දැම්මට මොකද හසිත දකීවිද දන්නෙත් නෑ… කොහොම උනත් 200, 300, 500, 1000 (හසිතටනම් මේවා සුළු වැඩ 😉 ) කඩයිමුත් පසු කරලා තමන්ගේ සියලුම වැඩ කටයුතුත් සාර්ථක වෙලා ලොකු ගමනක් යන්න හැකි වේවා කියලා පතනවා.. එහෙනං කියන්න තියෙන්නේ හැමදාම අන්තිමට කියන වචනය. ජයවේවා!

  • Kalpa Unregistered
    Android 7 Chrome 63

    සුභ පැතුම් සහෝ…දිගටම sub දෙන්න…ඒවගේම DC Tv Series Set එකට Sub දෙන්ට පුළුවන් නම් ගොඩක් වටිනවා…..???

  • damith rukshan Unregistered
    Windows 10 Chrome 64

    wade nam ela digatama karagena yanna suba pathum…?

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search