ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම.අදත් මේ එන්නේ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි.දැන් ඕගොල්ලො කියයි ස්පැනිෂ් එකක්ය කියල.ඔව් හරියටම හරි ස්පැනිෂ් එකක් තමයි.හැබැයි මම කොච්චර ස්පැනිෂ් රසිකයෙක්වුණත් මේ චිත්‍රපටයනම් බලල තිබුනේ නෑ.මේ ගැන මට දැනුම්දුන්නෙ මධූෂ සහෝදරයා.බොහොම ස්තූතියි මධූෂ මේ චිත්‍රපටය ගැන කිව්වට ඉතින් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමයි මේ.ඒ වගේම මගේ 100වන උපසිරැසියට සුභපැතුම් එක්කල හැමදෙනෙක්ටම නැවත වතාවක් ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
2001 වසරේ තිරගතවූ මේ චිත්‍රපටයේ නම The Devil’s Backbone නොහොත් El espinazo del diablo.නාට්‍යමය, සංත්‍රාස (Drama, Horror ) ඝනයට අයත්මෙය ලබාඇති Imdb අගය 7.5ක්, Rotten Tomatos අගය 92%ක් ඒ වගේම ගූගල් පරිශීලකයන් 83%කගේ කැමැත්තත් ලබාගත් චිත්‍රපටයක්.ඊට අමතරව සම්මාන 7කට නිර්දේශ වී සම්මාන 6ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා.අධ්‍යක්ෂණය සහ තිර රචනය ඔස්කාර් සම්මාන 3කින් සහ තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ Pan’s Lybrinth (2006) අධ්‍යක්ෂණය කල Guillermo del Toro ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Marisa Paredes (කාමෙන්), Eduardo Noriega (ජසින්තෝ), Federico Luppi (ඩොක්ට කැසරස්), Íñigo Garcés (ජේමි), Irene Visedo (කොන්චිතා) සහ මෙහි ප්‍රධාන චරිතය වන Fernando Tielve (කාලෝස්) ඇතුළු පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…
මේ කතාව දිවෙන්නේ වසර 1936 සිට 1939 දක්වා සිදුකෙරුණ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අතරතුර වූ සිදුවීමක් විදියට.මේ යුද්ධය සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය අතර අරගලයක් විදියටයි.මේ සටන ඇවිලෙන්නේ රිපබ්ලිකන් කණ්ඩායම් සහ එවකට ස්පාඤ්ඤයේ බලය හෙබවූ ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ ජාතිකවාදී කණ්ඩායම අතරයි.චිත්‍රපටයේ පසුබිම් කතාව සරලව ඒ වගෙයි.මෙන්න මේ ජාතිකවාදීන්ට එරෙහි සටනේ නියැලී මියගිය සොල්දාදුවෙක්ගේ පුතෙක් තමයි කාලෝස්.අයාලා නම් සෙබලෙක් ඔහුව නැවැත්වීම සඳහා ලමා නිවාසයක් වෙත කැඳවාගෙන එනවා.කොහොමින්හරි එහි සිටින අතරේදී කාලෝස්ට මේ ලමා නිවාසය තුල තමන් ඇතුළු දරුවන් සමගින් තවත් අද්භූත අයෙක් සිටින බව දැනගන්න ලැබෙනවා…එහෙනම් මම මීට වඩා යමක් කියන්නෙ නෑ.ඒක රසවින්දනයට බාධාවක් වෙන නිසා.මේක බොහොම සෙමින් නාට්‍යමය ආකාරයට ගලායන කතාවක්.ඔබ හොයන්නෙ ගොඩක් බයවෙන්න පුළුවන් හොරර් එකක්නම්, මේක ගැලපෙන එකක් නෑ…
sub ekata thanks saho.. jaya wewa!!
Meka supiri film eka saho
මේ සයිට් එකනම් එල හොඳේ
අර බයිස්කෝප් කාරයො වගේ ලොකු සීන් නැතිව අපට සබ් දෙනව