A Taxi Driver (2017) Sinhala Subtitle
ආයුබෝවන් ඔන්න අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කොරියන් චිත්‍රපටවලට
ගොඩක් අය බොහොම කැමතියිනෙ. අද අරගෙන එන්නෙ පසුගිය වසරෙ තිරගත වුණ කොරියානු චිත්‍රපටයක් මේක නමින් Taeksi woonjunsa නොහොත් A Taxi Driver (2017) . ඇත්තටම කිව්වොත් මේක මම බැලුවෙ Hdrip එකකින් ,බලලත් දැන් ටික කාලයක්. කොහොමහරි අපේ මිතුන් සහෝදරය මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න කියල ඉල්ලීමක් කල නිසා මම තීරණය කලා මේකට උපසිරැසි කරන්න. මේ වෙනකොට Bluray පිටපතුත් නිකුත් වෙලා, මිතුන් Bluray පිටපතකටම ඕනෙ කිව්ව නිසා Bluray පිටපතටත් උපසිරැසි සකස් කලා. උපසිරැසි ගොණුවෙ Hdrip සහBluray දෙකටම උපසිරැසි අඩංගු වෙනවා. කැමති පිටපතකින් නරඹන්න පුළුවන්, හැබැයි මේ ඇවිත් තියන Bluray පිටපත්වලට වඩා Hdrip එක ගුණාත්මක අතින් ඉතාම ඉහළයි. ඒ නිසා මමනම් නිර්දේශ කරන්නෙ Hdrip එක. එක එක දේවල් කිව්ව මිසක් චිත්‍රපටයෙ විස්තර කිව්වෙත් නෑනෙ මම . මේ චිත්‍රපටය ලබා තියන Imdb අගය 7.9ක්. Rotten Tomatos වෙතින් 95%ක වගේ ඉහලම අගයක් ලබාගන්නත් සමත්වෙලා තියන මෙය සම්මාන 36කට නිර්දේශවී එයින් 16ක්ම දිනාගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. Yu-na Eom ගේ තිරරචනයෙන්ද Hun Jang ගේ අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වුණ මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදෙන්නේ Kang-ho Song (කිම් ), Thomas Kretschmann ( හින්ස්පිටර් ), Jun-yeol Ryu (ජේ-සික්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් ගොන්නක්.
ඒ වගේම මෙය 1980 වසරේදී දකුණු කොරියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කල එකක්.මෙහි එන යම් යම් දර්ශන නිසා මෙය චීනය තුල ප්‍රදර්ශනය තහනම් කල බවත් සඳහන්. ඒ ඔවුන්ගේ රටෙත් 1989 සිදුවූ මේ ආකාරයේම සිදුවීමක් නිසාලු. චිත්‍රපටයට පාදක වන සිදුවීම චිත්‍රපටය තුලින්ම හොඳින් කතාකෙරෙන නිසා මම ඒ ගැන මෙතන නොකියා ඉන්නම්. කොහොමවුණත් විනෝදය දුක කඳුල මනුෂ්‍යත්වය සියල්ල එකට එකතු කල අපූරු චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ.
මේ කතාවෙ කථා නායකය තමයි කිම්. ඔහු තමන්ගේ කුඩා දියණියත් රැකගෙන ජීවන සටන ගෙනයන කුලී රථ රියදුරෙක්. තමන්ගෙම කුලී රථයකින් ජීවිකාව ගෙනයන ඔහුගේ පදිංචිය කොරියාවේ සියෝල් නුවර. මේ කාලයේ කොරියාවේ ග්වන්-ජූ නම් ප්‍රදේශයේ ශිෂ්‍ය උද්ඝෝෂණ ආදී කලබලකාරී තත්වයන් රැසක්. රජයේ වාරණයන්ට මැදිවුණ ග්වන්-ජූ පලාතේ තොරතුරු කිසිවක් පිටත ලෝකයට ලැබෙන්නේ නෑ. මේ කාලයේ බොහොම ආර්ථික අපහසුතාවලින් පෙලෙන අපේ කිම් ලොකු මුදලක් එකවර අවශ්‍ය තත්වෙකයි ඉන්නෙ. මේ අතරෙ ඔහුට ලැබෙනවා අර මුදල හොයාගන්න අහඹු වාසනාවක්. අපේ භාෂාවෙන් කිව්වොත් පිනාචාන්ස් එකක්. හැබැයි මේ අහඹු වාසනාව වාසනාවක්ම නොවෙන බව කිම්ට තේරෙනකොට ටිකක් ප්‍රමාදයි… එතනින් එහාට නරඹන ඔබට බාරයි… මම ගිහින් එන්නම්….හමුවෙමු තවත් දවසක…
TnX…..??
ප්‍රතිචාර දැක්වූ හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි 🙂
මෙක නම් සුපිරිම ෆිල්ම් එක.. මාර අසාවෙන් බලම් උන්නෙ ස්ටොරි එක… සබ් නම් නියමයි සහෝ..👌 බොහොම ස්තුතියි නැවතවරක් ඔයාට… බලළ කමෙන්ට් එකක් දන්නම හිතුන ආපහු
ela ela thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
FTt movie eka 👌💪Ela…
supiri film ekak