Trending

A Taxi Driver (2017) Sinhala Subtitle

ආයුබෝවන් ඔන්න අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කොරියන් චිත්‍රපටවලට
ගොඩක් අය බොහොම කැමතියිනෙ. අද අරගෙන එන්නෙ පසුගිය වසරෙ තිරගත වුණ කොරියානු චිත්‍රපටයක් මේක නමින් Taeksi woonjunsa නොහොත් A Taxi Driver (2017) . ඇත්තටම කිව්වොත් මේක මම බැලුවෙ Hdrip එකකින් ,බලලත් දැන් ටික කාලයක්. කොහොමහරි අපේ මිතුන් සහෝදරය මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න කියල ඉල්ලීමක් කල නිසා මම තීරණය කලා මේකට උපසිරැසි කරන්න. මේ වෙනකොට Bluray පිටපතුත් නිකුත් වෙලා, මිතුන් Bluray පිටපතකටම ඕනෙ කිව්ව නිසා Bluray පිටපතටත් උපසිරැසි සකස් කලා. උපසිරැසි ගොණුවෙ Hdrip සහBluray දෙකටම උපසිරැසි අඩංගු වෙනවා. කැමති පිටපතකින් නරඹන්න පුළුවන්, හැබැයි මේ ඇවිත් තියන Bluray පිටපත්වලට වඩා Hdrip එක ගුණාත්මක අතින් ඉතාම ඉහළයි. ඒ නිසා මමනම් නිර්දේශ කරන්නෙ Hdrip එක. එක එක දේවල් කිව්ව මිසක් චිත්‍රපටයෙ විස්තර කිව්වෙත් නෑනෙ මම . මේ චිත්‍රපටය ලබා තියන Imdb අගය 7.9ක්. Rotten Tomatos වෙතින් 95%ක වගේ ඉහලම අගයක් ලබාගන්නත් සමත්වෙලා තියන මෙය සම්මාන 36කට නිර්දේශවී එයින් 16ක්ම දිනාගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. Yu-na Eom ගේ තිරරචනයෙන්ද Hun Jang ගේ අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වුණ මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදෙන්නේ Kang-ho Song (කිම් ), Thomas Kretschmann ( හින්ස්පිටර් ), Jun-yeol Ryu (ජේ-සික්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් ගොන්නක්.

             ඒ වගේම මෙය 1980 වසරේදී දකුණු කොරියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කල එකක්.මෙහි එන යම් යම් දර්ශන නිසා මෙය චීනය තුල ප්‍රදර්ශනය තහනම් කල බවත් සඳහන්. ඒ ඔවුන්ගේ රටෙත් 1989 සිදුවූ මේ ආකාරයේම සිදුවීමක් නිසාලු. චිත්‍රපටයට පාදක වන සිදුවීම චිත්‍රපටය තුලින්ම හොඳින් කතාකෙරෙන නිසා මම ඒ ගැන මෙතන නොකියා ඉන්නම්. කොහොමවුණත් විනෝදය දුක කඳුල මනුෂ්‍යත්වය සියල්ල එකට එකතු කල අපූරු චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ.

මේ කතාවෙ කථා නායකය තමයි කිම්. ඔහු තමන්ගේ කුඩා දියණියත් රැකගෙන ජීවන සටන ගෙනයන කුලී රථ රියදුරෙක්. තමන්ගෙම කුලී රථයකින් ජීවිකාව ගෙනයන ඔහුගේ පදිංචිය කොරියාවේ සියෝල් නුවර. මේ කාලයේ කොරියාවේ ග්වන්-ජූ නම් ප්‍රදේශයේ ශිෂ්‍ය උද්ඝෝෂණ ආදී කලබලකාරී තත්වයන් රැසක්. රජයේ වාරණයන්ට මැදිවුණ ග්වන්-ජූ පලාතේ තොරතුරු කිසිවක් පිටත ලෝකයට ලැබෙන්නේ නෑ. මේ කාලයේ බොහොම ආර්ථික  අපහසුතාවලින් පෙලෙන අපේ කිම් ලොකු මුදලක් එකවර අවශ්‍ය තත්වෙකයි ඉන්නෙ. මේ අතරෙ ඔහුට ලැබෙනවා අර මුදල හොයාගන්න අහඹු වාසනාවක්. අපේ භාෂාවෙන් කිව්වොත් පිනාචාන්ස් එකක්. හැබැයි මේ අහඹු වාසනාව වාසනාවක්ම නොවෙන බව කිම්ට තේරෙනකොට ටිකක් ප්‍රමාදයි… එතනින් එහාට නරඹන ඔබට බාරයි… මම ගිහින් එන්නම්….හමුවෙමු තවත් දවසක…

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.24 GB x264
▲16 · ▼3
Magnet GET
1080p bluray 2.29 GB x264
▲54 · ▼14
Magnet GET
Discussion (22)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Madusha Unregistered
    Windows 10 Opera 51

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  • Mithun Unregistered
    Android 7 Chrome 64

    කරන සේවයට නම් බොහොම පිං හසිත සහෝ..වචනයෙන් කියන්න බැරි තරම් එ ගැන නම් .?මෙක කලිම්ම ඩව්න්ලොර්ඩ් කරගත්තු නිසා බලන්න පුලුවන් අසාවෙන්.Imdb මිටරේ7.9ක් කැරකිල ,Rotten tomatoes? ප්‍රතිචාර 95/ලැබුන මේවගේ සුපිරි කොරියන් චිත්‍රපටයකට ඔබ වැනි කෙනෙකුගෙන් උපසිරැසි වර්ණවත් උන එක ගැනත් ගොඩක් සතුටුයි ජය ඔබට.. ?

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      Your welcome ,Mithun 🙂 ඔයා නැත්තං මේකෙ සබ් එක කෙරෙන්නෙ නෑ ඇත්තටම කිව්වොත්.

  • Rishiyaa Unregistered
    Windows 8.1 Firefox 59

    ftta thnx bro sub 1t..#The Forbidden Kingdom.2008# me film 1th sub 1 denn mcho gdk pin..

  • Chami.S Unregistered
    Windows 10 Firefox 59

    Thanks..Good Luck..

  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 65

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..මමත් මේකෙ සබ දෙනකම්ම තමා බලාගෙන හිටියේ..කොහොමවුනත් උපසිරැසිය දුන්නට ගොඩාක්ම ස්තූතියි සහෝ..????

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      Thanks, Suminda 😉

  • Puhspe Nadeep User
    Windows 10 Chrome 65

    bohoma sthuthi.korean awatama digatama sub denna.jaya wewa!!!

  • Buddika Manaram User
    Windows 8 UC Browser 7

    ammo ,,,,hasith sahodaraya obanam apita me karanna sahayogeta bohoma pin…oba thawath wajabewa,,,ideriyatama yamu.

  • Prabodha Unregistered
    Android 4.4 Firefox 52

    Godak sthuthi sahodaraya sub ekata….

  • ushan Unregistered
    Windows 7 UC Browser 5

    tnx godak fatta

  • Silent$ Unregistered
    Windows 7 Chrome 65

    Thnxxxxxxxxxxxx

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    ස්තුති සහො.ඔයානම් දොස්තර හොද හිතවගෙ හැමෝගෙම ඉල්ලිම් ඉෂ්ට කරනවනේ ???.

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      😉 ඉල්ලීම් ඉෂ්ටකරනකොට ලැබෙන ලොකු වාසියක් තමයි මට අහුනොවෙන අනිත් අයට අහුවෙන හොඳ ෆිල්ම් ගැන දැනගන්න ලැබෙන එක. එහෙම ඒව ගොඩක් හම්බවෙලා තියනව ඇත්තටම කිව්වොත්. වෙනද වගේම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search