Remember (2015) Sinhala Subtitle
christopher plummer, kim roberts, amanda smith, martin landau
අඳුරු මතකය
2015 වර්ෂයේදී තිරගත වූ මෙම සිනමාපටය IMDB හි 7.4ක සහ rotten tomatos හි 71%ක් තරම් ඉහල අගයකට හිමිකම් කියන අතර සම්මාන 2ක් දිනා තවත් 12කට නිර්දේශ වී ඇත.
දෙවන ලෝක යුධ සමයේදී ඒකාධිපති හිට්ලර් ප්‍රමුඛ නාසී රෙජීමය විසින් යුදෙව්වන්ව ලෝකයෙන් අතුගා දැමීමට වැඩ කඳවුරු ලෙසින් නම් කල කඳවුරු රාශියක් පිහිටුවීය. නාසි ප්‍රචාරක අංශ විසින් ඒවාට රැගෙන යන යුදෙව් ජනතාවට සියලුම පහසුකම් සලසන බව ලොවට පෙන්වූවද, ඇත්තෙන්ම ඒවා ඔවුන්ට මරණය කැඳවූ “මරණයේ කම්හල්” ම විය. යුද්ධය අවසාන කාලයේ මෙම කඳවුරුවල සිටි නාසි භටයින් යුදෙව්වන් ලෙස පෙනී සිටිමින් වෙනත් රටවලට ඇතුල්වී විවිධනම් වලින් ජීවත්වූ නමුත් දිවි ගලවාගත් යුදෙව්වන්ද තම සතුරන් සෙවීම අත්හැරියේ නැත. කතා සාරාංශය මෙසේය…….
අවුෂ්විට්ස් කඳවුරෙන් දිවිගලවාගත් යුදෙව්වෙක් වන සෙව් ගුට්මන් සහ ඔහුගේ මිතුරු මැක්ස් රොසන්බම් වැඩිහිටි නිවසක කල්ගත කරයි. සෙව් ගුට්මන් ඩිමෙන්ෂියා (කෙටිකාලීන මතකය අහිමිවීම) රෝගයෙන් පීඩාවිඳින්නෙක් වන අතර ඔහු මිත්‍ර මැක්ස් රොසන්බම් ආබාධිතයෙකි.
තමන්ගේ පවුල්වල අයව ඝාතනය කල නාසි නිලධාරියා වෙනත් රටක වෙනත් නමකින් සිටින
බව දැනගන්නා මැක්ස් ඔහුව ඝාතනය කිරීමට සෙව් ගුට්මන්ව පිටත් කරයි. මතකය අහිමිවන බැවින් ඔහුට විස්තර සඳහන් ලියවිල්ලක්ද ලියාදෙයි. සෙව් තම ආදරණීයයන් ඝාතනය කල නාසි නිලධාරියා සොයා යන චාරිකාවයි මෙම සිනමා පටයෙන් දිග හැරෙන්නේ.
රෝගී මහළු ඔහුට තම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට ලැබෙයිද?
Spoiler Warning : With help from a fellow Holocaust survivor (Martin Landau), a widower (Christopher Plummer) who struggles with memory loss embarks on a cross-country odyssey to find the former Nazi responsible for the deaths of their family members…
නියමයි සහෝ…
***Good Luck***
බොහොම ස්තූතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි දිරිගැන්වීමට