How It Ends (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ තවත් ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. ඉතින් ඔහුට ස්තූති කරන්න ඕනෙ මුලින්ම. චිත්‍රපටය තමයි මේ වසරේ එලිදැක්වූ Netflix චිත්‍රපටයක් වන How It Ends (2018) චිත්‍රපටය. බෲක් මැක්ලරන්ගේ රචනයෙන් ඩේවිඩ් එම් රොසෙන්තල්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටය ලබා ඇති IMDB අගයනම් 5.0ක්. Rotten tomatos වෙතින් ලබාගෙන තියෙන්නෙත් 15%ක් වගේ ඉතාම අඩු අගයක්. ඇත්තටම එහෙම වෙන්න හේතුව මේ චිත්‍රපටයේ අවසානය සම්බන්ධ ප්‍රශ්ණයක්. හැබැයි සමහරවිට මෙහි දෙවන නිර්මාණයක් ගේන අදහසක් Netflixලට තියනවා වෙන්නත් පුළුවන්. ඒ වුණත් කල්පනාවෙන් බැලුවොත් චිත්‍රපටයේ එන සිදුවීම ගැන යම් ආකාරයක අනුමානයක් කරගන්න පුළුවන්කමකුත් තියනවා. ඒ ඇරෙන්න කිසිම වරදක් මේ නිර්මාණයේ නෑ මටනම් පේන විදියට. මේකට රංගනයෙන් දායක වෙන්නෙ තියෝ ජේම්ස් (විල් යන්ගර්), කැට් ග්‍රැහැම් (සමන්තා සදර්ලන්ඩ්), නිකොල් පාකර් (පෝලා සදර්ලන්ඩ්), ෆොරෙස්ට් විටේකර් (ටොම් සදර්ලන්ඩ්) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට.
විල් යන්ගර් කියන්නෙ තරුණ නීතිඥයෙක්. ඔහු අලුත් නීතීඥ වෘතියට. ඔහුගේ පෙම්වතිය තමයි සමන්තා සදර්ලන්ඩ්, විවාහක නැති වුණත් මේ දෙන්නා ජීවත්වෙන්නෙ එකට (Living Together), ඒ සියැටල් නුවර. මෙහෙ ඉන්න අතරෙ මේ සමන්තාට දරුවෙක් පිළිසිඳ ගන්නවා. සමන්තාගේ බලකිරීමට මේ ගැන සමන්තාගේ පියාට කියන්න විල් යනවා ඔහුගෙ නිවසට, ඒක තියෙන්නෙ චිකාගෝ නගරයේ. විල් මේ ගමන කැමැත්තෙන් නොයන්න හේතුවකුත් තියනවා පොඩි. කොහොමින්හරි මේ ගමන ගිහිල්ල ආපහු සියැටල්වලට යන්න බලාගෙන ඉන්න විල්ට ඒ ගමන යන්න වෙන්නෙ තමන් හීනෙකින්වත් නොහිතපු විදියට…හරි, එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.
“LOVE MAKES YOU CAPABLE OF EVERYTHING”
නැරඹීමේදි අවශ්‍ය විය හැකි කරුණු :-
- චිකාගෝ සිට සියැටල් වෙතට කිමී 3300ක දුරක් තියනවලු ඉන්ටර්ස්ටේට් 90 අධිවේගී මාර්ගයේ ගමන්ගත්තොත්. වාහනයක පැයට කි.මී 110ක වේගයෙන් යන විදියට උපකල්පනය කලොත් මේ ගමනට පැය 30ක් ඒ කියන්නෙ දවසකුත් පැය හයක් ගතවෙනවලු.
- රිසවේෂන් :- ඇමරිකානුවන් විසින් ස්වදේශික රතු ඉන්දියානුවන්ගේ වාසය සඳහා වෙන්කර දුන් ප්‍රදේශ. Wind River චිත්‍රපටය බලල තියනම් මේ ගැන යම් අදහසක් ඇති ඔයගොල්ලන්ට. බලන්න කැමති අය ඉන්නවනම් මෙන්න ඒක.
ගොඩාක් ස්තූතියි සබ් එකට…!
MAGNAM PI kiyala tv show ekak awith thiyenawa, puluwannam sub dennako hasitha saho…
Thanx bro
Subz lk … වැරැද්දක් කියනව නෙමෙයි.පුලුවන් නම් 480p ලින්ක් ඉස්සරහට දාන ෆිල්ම් වලට දාන්න පුලුවන්ද?
Thanks …………..good luck ……..puluvannam grimm season 02eke episode 11 idala sub eka denna ……………………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Account eka hadanne komad bokk
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන් Animal World (2018) 720p NF WEB-DL 1GB mkvcage සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
උප සිරැසියට බොහෝම ස්තූතියි ජය වේවා
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!