Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure Hoppers (2026) Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E16] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E15] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E14] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E13] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E12] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E11] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E10] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E09] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E08] Sinhala Subtitle Adventure Hoppers (2026) Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E16] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E15] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E14] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E13] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E12] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E11] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E10] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E09] Sinhala Subtitle Comedy Abyss (2019) [S01 : E08] Sinhala Subtitle
  • Genres
  • Action
  • Dragged Across Concrete (2018) Sinhala…

Dragged Across Concrete (2018) Sinhala Subtitle

April 25, 2019 Junior Admin

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ සූදානම් වෙන්නෙ පෙර බාරගත් චිත්‍රපටයක උපසිරැසිය ඔබවෙත ගෙන එන්නයි. පසුගියදා සිදුවූ ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අප රට තුල ඇති අවාසනාවන්ත තත්වය හමුවේ චිත්‍රපටයක් රසවිඳින්නට තරමේ මානසික තත්වයක් අප බොහෝ දෙනෙකුට නෑ කියලයි මගෙ පෞද්ගලික හැඟීම. නමුත් බාරගත් යමක් අවසන් කිරීමත් කල යුතු නිසාම මම උපසිරැසිය සම්පූර්ණ කරල ඔබවෙත ගෙන එන්න තීරණය කලා ( ඇත්තටම කිව්වොත් මේ දවස් දෙක තුනේම මෙය සම්පූර්ණ කරන්නට පරිගණකය ඉදිරිපිට වාඩිවුණත් සිත එක අරමුණක තබාගෙන සිටීමට නොහැකි නිසාම වැඩේ අත්ඇරල දාලයි තිබුණෙ). චිත්‍රපටය පැත්තට යන්නට පෙර කියන්නට ඕනෙ, එම තුච්ජ ප්‍රහාරයෙන් මියගිය (බියගුලු, නිවට බෝම්බකරුවන් හැර) සියලුම අහිංසක ජනයා සහ දරුවන් වෙනුවෙනුත්, අපගේ ආරක්ෂාව වෙනුවෙන් දිවිකැපකල පොලිස් නිලදරුවන් තිදෙනාවත් සිහි කරමින් මගේ සහ අප අඩවියේ සියලු දෙනා වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්හට පළකරන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා කියලත්. එසේම එම ප්‍රහාරයෙන් තුවාල ලත් සාමාන්‍ය වැසියන්, පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් හටත් ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම තව කියන්නට ඕනෙ මේ තත්වය නිරාකරණය කරගන්නට ඔවුන්හට සහ ඔවුන්ගේ විමර්ශණ කටයුතුවලට හැකි උපරිම සහාය ලබාදෙන ලෙසත්, එය තමයි සාමාන්‍ය පුරවැසියන් ලෙස මේ මොහොතේ අපහට අප රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සේවය.


එහෙනම් අද මම මේ අරගෙන එන්නෙ Dragged Across Concrete (2018) චිත්‍රපටයේ උපසිරැසිය. සිනමාව පැත්තෙන්, විශේෂයෙන්ම හොලිවුඩය පැත්තෙන් ඒතරම් සාර්ථක නිර්මාණයන් දකින්නට නොලැබුණු පසුගිය වසරේ නිකුත්වූ සාර්ථකම චිත්‍රපට අතරින් එකක් ලෙසයි මෙය මම දකින්නෙ. විශේෂයෙන්ම 2016 වසරේ Hacksaw ridge චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් කලකට පසුව නැවතත් හොලිවුඩයට පැමිණි දක්ෂ නළු මෙල් ගිබ්සන්ගේ රංගන දායකත්වයෙන් මෙම චිත්‍රපටය හැඩවීමත් එයට හේතුවක් වෙන්නට ඇති. මෙල් ගිබ්සන් ඉන්නවා කිව්වහම ආයිත් අහන්න දෙයක් නෑ කියල හොලිවුඩ් රසිකයන් ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් Bone Tomahawk (2015), Brawl in Cell Block 99 (2017) වගේ සාර්ථක සිනමාපට අධ්‍යක්ෂණය කල S. ක්‍රේග් සැහ්ලර්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිමවුණ ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය යන ත්‍රිත්ව ඝනයන්ට අයත් මේ චිත්‍රපටය මේ වනවිට Imdb අගය 7.2ක් සහ Rotten Tomatoes වෙතින් 73%ක අගයක්ද ලබාගෙන අවසන්. ඔබ අන්තර්ජාලයේ මෙහි ධාවන කාලය බැලුවනම් දකින්න ඇති මෙය පැය දෙකකුත් මිනිත්තු 39ක ධාවන කාලයකින් යුක්තයි. ඒක දැකල ඔබට “එච්චර වෙලානං බලන්න බෑ” කියල හිතුණනං, දැන්ම ඒ අදහස අයින් කරගන්න. මොකද මේ චිත්‍රපටය නරඹන කිසිම මොහොතක ඔබට නැගිටල යන්න හිතෙන එකක් නෑ මේ කතාව තුල ඇති ඉතාම කුඩා සිදුවීමක් පවා කුතුහලයෙන් පිරීයන ලෙස නිර්මාණය කර ඇති බැවින්.ඒ වගේම නරඹද්දි ඔබට තේරෙයි මෙහි දෙබස් පවා වෙනස්ම ආරකින් ඉදිරිපත් කරල තියනව වගේම අපි සාමාන්‍යයෙන් හොලිවුඩ් චිත්‍රපටයකදි දකින අසභ්‍ය වදන්වලටත් අපිට නුහුරු සැර බාල වචන තමයි භාවිතා කර තිබෙන්නේ. රංගනයෙන් දායක වෙන්නෙ කවුද කියල අපි බැලුවොත් ප්‍රධාන චරිතය වන බ්‍රෙට් රිජ්මන්ට පණ පොවන්නේ මෙල් ගිබ්සන්. ඊට අමතරව වින්ස් වෝගන් (ඇන්තනි ලුරසෙටි), ටෝරි කිට්ල්ස් (හෙන්රි ජෝන්ස්), මයිකල් ජේ වයිට් ( බිස්කට්), තෝමස් ක්‍රෙෂ්මන් ( ලොරෙන්ට්ස් වෝගල්මන්), ජෙනිෆර් කාපෙන්ටර් ( කෙලී සමර්ස්), ලෝරි හෝල්ඩන් ( මෙලනි රිජ්මන්), ඩොන් ජොන්සන් ( ලුතිනන් කැල්වර්ට්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක්. එහෙනම් දැන් අපි බලමු චිත්‍රපටයෙ කතාව මොනවගේද කියල.

මේ කතාව දිවෙන්නේ විශ්‍රාම යාමට ආසන්න වයසේ සිටින බ්‍රෙට් රිජ්මන් නම් පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ සගයා වන ඇන්තනි ලුරසෙටි නම් ඉතාලි- ඇමරිකානු පොලිස් නිලධාරියෙකු වටා. ඉතාම අවංකව රාජකාරි කරන ඔවුන් දෙදෙනා රාජකාරි සගයන්ටත් එහා ගිය මිත්‍රයන්. දිනෙක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යන ගමනේදි ඔහු එම අත්අඩංගුවට ගැනීම කරන ආකාරය නිසා ඔවුන් දෙදෙනාගේම සේවය අත්හිටුවීමට ඔවුන්ගේ පොලිස් ප්‍රධානී ලුතිනන්වරයා තීරණය කරනවා. අවංකකම නිසාම ප්‍රශ්ණ ගැටලුවලින් පිරි ජීවිතයක් ගෙවන මේ දෙදෙනාගේ ඉදිරි අනාගතය අවිනිශ්චිත තැනකට පත්වෙනවා මේ නිසා. මෙයින් දැඩි ලෙස ගැටලුවලට මැදිවී සිටින බ්‍රෙට් මුදල් සොයාගැනීම සඳහා තමන්ගේ ප්‍රතිපත්තිවලට එහා ගිය දෙයක් කිරීමට පෙලඹෙනවා, ඒ විතරක් නෙමෙයි ඔහු තම සගයාවත් මේ සඳහා එකතු කරගන්නවා. නමුත් ඔවුන් සිතුවාට වඩා මේ කාර්යය දුර දිග යන්නේ තවත් කීපදෙනෙකුගේම ජීවිත වෙනස්කරවමිනුයි. එහෙනම් තවත් ලිපිය දීර්ඝ කරමින් ඔබේ රසවින්දනයට බාධා නොකර මම මෙතනින් නවතින්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු ලඟදීම.

ලබාදී ඇති HDrip පිටපතට අමතරව WEB-DL සහ WEBrip පිටපත් සඳහාද උපසිරැසිය ගැලපේ

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3283 වාරයක්
Available Torrents
720p bluray 328.66 MB
GET
1080p bluray 632.08 MB
GET
720p web 1.32 GB
GET
1080p web 2.53 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (17)
  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 9.2
    2019-04-26

    අැත්තම තමයි. කිසි දෙයක් එක හිතකින් නිදහසේ කරන්න හිතක් නෑ මේ දවස් වල.
    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73
    2019-04-26

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • buddhika Unregistered
    Windows 10 Chrome 73
    2019-04-26

    supiri machan

    Reply
  • Prabodha Unregistered
    Android 8.1 Chrome 71
    2019-04-26

    Godak sthuthi sahoo sub ekata…..

    Reply
  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65
    2019-04-26

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Leo Praba Unregistered
    Windows 10 Chrome 74
    2019-04-27

    Cold Pursuit 2019 Sub aka Denawada..tnx

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-04-27

    උපසිරැසියට ස්තුතියි සහො..
    The Professor and the Madman
    2019 මෙල් ගිබ්සන්ගෙ තව එකක් ඇවිත් තියෙනවා
    කතාව කොහොමද දන් නැ.

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-04-27

    Cold Pursuit
    2019 ‧ Drama/Thrille ඔකට පුලුවන් නම් කොටල දෙන්න sabtitel. ඉයෙ රැ ඔකෙ HC HDRIP ආවෙ.
    සුපිරි ඇක්ටර් කෙනෙක් ඉන්නෙත්

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-27

      The professor and madman නං මම බැලුවා මිතුන්. නියම ෆිල්ම් එක. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක හැදෙන විදිය තමයි ඒකෙ තියෙන්නෙ. ඉංග්‍රීසි සබ් එකකුත් තිබ්බෙ නැ බලද්දි. පස්සෙ ෆිල්ම් එකේ තිර පිටපත හම්බවෙලා මමම එකක් හදල දැම්මා Subscene එකට. බලමු ඒකට සබ් කරන්න ලොකු අදහසක් තියනවා. කොහොමහරි දෙකෙන් එකකටවත් දෙන්න බලන්නම්.

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-28

      Cold Pursuit ලඟදීම 😉

    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 73
      2019-04-28

      Request :
      The Wandering Earth (2019)

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-29

      😍 wating

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-30

      හසිත සහො..
      Cold Pursuit (2019) 720p WEB-DL එකම ආව ඔන්න එකටත් දෙන්න.. MkaCage😍😍

  • Charith Unregistered
    Android 8.1 Chrome 68
    2019-05-04

    Tnx bn puluwannam happy death day 2u film ekata sub dennako broo

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-05-05

    හසිත සහො පුලුවන් නම් Happy Death Day 2U
    2019 මුවි එකටත් සබ් දෙන්නකො… හොර් මුවි එකක් .හොද කතාවක් තියෙනවා . පලවෙනි එකත් හොදයි ඔකේ එ අවුරුද්දේ බලුව.එකට වඩා රෙටින් මෙක අරම් හැබැයි .ලොකු ඉල්ලිමක් නෙවෙ .ඔයත් හොර් මුවි බලනව නම් ,සෙට් නම් දෙමු. පලවෙනි එකට සම්බන්ධත් නැති නම් . එතකොට රස විදින්න පුලුවන් නෙ පලවෙනි එක බලපු නැතිකෙනෙකුට උනත්

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-05-05

    ඔක අප්ලොඩ් කරපු ටොරන්ට් වෙබ්සයිට් වලත් හොද ප්‍රතිචාර තිබ්බ දැක්ක .yts බ්ලුරෙ තියෙනවා

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-05-06

    සබ් එක හම්බුනා😁😍

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 140
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved