Trending

Klaus (2019) Sinhala Subtitle

5 Views

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම.කාලෙකට පස්සෙ අද මේ අරගෙන එන්නෙ NETFLIX වෙතින් පසුගියදා නිකුත්වූ අපූරු සජීවීකරණ චිත්‍රපටයක උපසිරැසිය ඔබවෙත ගෙන එන්නයි. පූර්ව ප්‍රචාරක පටය තත්පර කිහිපයක් නැරඹීමෙන් පමණක් ඔබට මේ ස්පාඤ්ඤ සජීවීකරණ සිනමාපටයේ අපූර්වත්වය හොඳින්ම වටහාගන්න පුළුවන්. ස්පාඤ්ඤ ජාතික සර්ජියෝ පබ්ලෝගෙ අධ්‍යක්ෂණයෙන් ඔහුගේම SPA ස්ටුඩියෝස්හි නිර්මාණයක් ලෙස එලි දකින මේ චිත්‍රපටය තමයි Klaus (2019). මේ SPA ස්ටුඩියෝස් ආයතනය ඉතාම ජනප්‍රිය හොලිවුඩ් සජීවීකරණ නිර්මාණවලටද විවිධාකාරයෙන් දායක වී තිබෙනවා මින් පෙර. එයින් කීපයක් නම් වශයෙන් සඳහන් කලොත් : Despicable me, Smallfoot, Rio නම් සිනමා නිර්මාණ සඳහන් කරන්නට පුළුවන් වගේම මම හිතන්නෙ එතනින් එහාට කිසිවක් කතාකරන්නට අවශ්‍ය නෑ. මම මේ වසරේ හොඳම සජීවීකරණ නිර්මාණය විදියට දැක්ක Toy Story 4 (2019) අභිබවා යන්නට මෙය සමත් බවයි මගේ පෞද්ගලික හැඟීම. ඊට හේතුව රූපයෙන් පමණක් නොව කතාව පැත්තෙනුත් මෙය අපිව අවසානය තෙක් ඇදබැඳතබාගන්නට සමත් නිසා. 3D සහ සාම්ප්‍රදායික පැරණි සජීවීකරණ යන දෙවර්ගය අතරමැදක ඇති මේ නිර්මාණය අපිට ගෙන එන්නේ සුවිශේෂවූ අත්දැකීමක්. හරියටම කිව්වොත් සුන්දර සිතුවම් සහිත පැරණි සෝවියට් ලමා කතා පොතක් රස විඳිනවා වැනි හැඟීමක් තමයි දැනෙන්නෙ. කෙසේ හෝ මුදල් යෙදවීම ” අවධානම්” යැයි කියමින් වසර දෙකක පමණ කාලයක් ස්ටුඩියෝවෙන් ස්ටුඩියෝවට තල්ලු වී ඇති මේ නිර්මාණයට අවසානයේදී පණ ලැබෙන්නේ 2017 වසරේදී පෙරලිකාර Netflix ආයතනය මෙහි සියලු හිමිකම් තමන් වෙත පවරාගැනීමෙන් පසුවයි. පෙර සියලු දෙනාගේ මතය වැරදි බව හොඳින්ම ඔප්පු කරන්නටත් මෙවර ඔවුන් වගබලාගෙන තිබෙනවා.

IMDB වෙතින් 8.4 අගයකුත්, Rotten Tomatos වෙතින් 91%ක අගයකුත්, ගූගල් පරිශීලක ප්‍රසාදය 98%කුත් වශයෙන් ඉහල අගයක් මේ වනවිට ලබා ඇති මේ Klaus චිත්‍රපටය සම්මානයකට නිර්දේශවන්නටද සමත්කම් දක්වා තිබෙනවා. මෙහි චරිතවලට හඬ දායකත්වය ලබාදෙන්නේ, ජේසන් ෂ්වර්ට්ස්මන් (ජෙස්පර්) , රෂීඩා ජෝන්ස් (ඇල්වා), ජෝආන් කුසැක් (ක්‍රම් මහත්මිය), ජේ.කේ. සිමන්ස් ( ක්ලවුස්), නෝම් මැක්ඩොනල්ඩ් ( මෝගන්ස්), විල් සැසෝ ( එලින්බෝ මහතා ), නෙඩා මාග්‍රත් ලබා ( මාර්ගු), ඇතුළු පිරිසක්.මෙයින් මාර්ගු නම් නෝර්වේහි සාමි (Sámi) ජනවර්ගයට අයත් දරුවාගේ චරිතයට හඬ දායකත්වය ලබාදෙන නෙඩා මාග්‍රත් ලබාගෙන් එම සේවය ලබාගැනීමට අධ්‍යක්ෂ සර්ජියෝ පබ්ලෝ ඇය වෙසෙන නෝර්වේහි ට්‍රොම්සෝ නගරයටම ගිය බව සඳහන් වෙනවා. මුලදී ඔහු එම දෙබස් ඉංග්‍රීසි බසින් නිර්මාණයට ඇතුලත් කිරීමට සිතාසිට ඇතත් පසුව ඔහු එය එම බසින්ම නිර්මාණයට ඇතුලත් කොට තිබෙනවා. ඒ නිසාම වෙන්නට ඇති මෙහි නිල Netflix ඉංග්‍රීසි භාෂා උපසිරැසියේත් එම දෙබස් පරිවර්තනය කර නැත්තේ.

සාමි ජනතාව උත්සව අවස්ථාවක් අතරතුර

එසේම චිත්‍රපටයේ සජීවීකරණ කටයුතුවලට දායකව මේ වසරේ ජූනි 2වන දින මියගිය මේරි ලෙෂර් මහත්මිය වෙනුවෙන් චිත්‍රපටය වෙන්කරන්නටත් නිර්මාණකරුවන් කටයුතු කලා. 4වන අදියරේ පිළිකාවකින් පීඩා විඳි ඇය Lion King, Beauty and the Beast, Mulan වැනි නිර්මාණවලට සජීවීකරණයෙන් දායක වූ තැනැත්තියක්. ඇය අවසන් වරට දායක වූ සිනමා නිර්මාණය මෙය නිසා තමයි නිර්මාණකරුවන් එම තීරණය ගෙන තිබෙන්නේ.

මේරි ලෙෂර්

එසේම තවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ දෙයක් තමයි මේ චිත්‍රපටයේ එන මනඃකල්පිත ස්මියරන්ස්බර්ග් නගරය ඈත කාලයක එනමින්ම යුත් ජනපදයක්. එහි තල්මස් දඩයම සරුසාරව කෙරීගෙන ගොස් තිබෙනවා 17වන ශතවර්ෂය සමයේදී. දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට ගියොත් මෙය නත්තල හා කිතුණු ආගම ආශ්‍රිතව අපි හැමෝම හොඳින් දන්න කතාවක වඩා යථාර්ථවාදී නව-නිර්මාණයක් කියන්න පුළුවන්.

ජැස්පර් ජොහැන්සන් කියන්නෙ තැපැල්පතිවරයෙකුගේ පුත්‍රයෙක්. සාමාන්‍යයෙන් සිදුවෙන්නාක් ලෙසම ඔහුගේ පියා තමන් සතු උපරිම බලතල පාවිච්චි කරනවා තමන්ගේ පුත්‍රයා තැපැල් සේවයේ ස්ථාවර කරන්නට. එහෙත් උපතින්ම ලැබී ඇති සැප සම්පත් විඳිමින් කෑමත් බීමත් නිදාගැනීමත් හැර වෙනත් කිසිම දෙයක් වුවමනාවකින් නොකරන මේ පුත්‍ර රත්නය පියාටත් අවසානයේ හිරිහැරයක් බවට පත්වෙනවා. මේ නිසාම ඔහුගේ “මොළේ පාදන්නට” සිතමින් තැපැල්පති පියා තීරණය කරනවා ඔහුට රාජකාරියක් බාරදෙන්නට…හැබැයි ලඟපාතක එහෙම නෙමෙයි…අහලවත් නැති ඈත දුර දූපතක.. ඒ මදිවට අභියෝගයකුත් එක්ක..මොකද හිතන්නෙ? මේ කම්මැලි ජැස්පර් අභියෝගය බාරගනීවිද? ඔහුට එහිදී හමුවෙනව අපූරු අමුත්තෙක්. කවුද ඒ? එය නරඹන ඔබට බාරයි. මගහැරගන්න එපා මේ අපූරු නිර්මාණය. ගිහින් එන්නම් හමුවෙමු Angel Has Fallen (2019) චිත්‍රපටයේ උපසිරැසි සමගින්..

ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වල ඇති පිටපත්වලට අමතරව අන්තර්ජාලයේ ඇති ඕනෑම ‍WEB-DL ,‍WEBrip හෝ HDrip පිටපතකට උපසිරැසිය ගැලපේ.

 

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 871.43 MB x264
1080p web 1.54 GB x264
2160p web 4.4 GB x265
▲75 · ▼2
Magnet GET
Discussion (7)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  • Chanu Mikhail Unregistered
    Android 9 Opera 54

    ස්තූතියි…..

  • Mithun Unregistered
    Android 8 Chrome 78

    The Irishman
    2019 හොද ෆිල්ම් එකක් ආව ඔර්ජිනල් සහො

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 85

    thanx sub ekata.:heart_eyes:

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search