Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle
  1. Movies
  2. Adventure
  3. Abominable (2019) Sinhala Subtitle

Abominable (2019) Sinhala Subtitle

December 06, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.1
GENRES
AdventureAnimationComedyEnglish MoviesFamilyfantasyGenresMovies
CAST

Chloe Bennet, Albert Tsai, Tenzing Norgay Trainor, Joseph Izzo

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ How To Train Your Dragon සිනමා පට පෙල ගෙන ආ ඩ්‍රීම්වර්ක්ස් සහ චින පර්ල් ස්ටුඩියෝස් ආයතනය එකතුවෙන් නිර්මාණය කල ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක උපසිරැසිය. මේ තමයි Abominable (2019) හි සිංහල උපසිරැසිය. ජිල් කල්ටන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ රචනයෙන්ද ටොඩ් විල්ඩර්මන්ගේ සහය අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වූ මේ චිත්‍රපටය මේ වනවිට IMDB වෙතින් 7.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 80%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 61%ක අගයකුත් ලබාගෙන තිබෙන අතර සම්මාන හතකට නිර්දේශව එයින් එකක් තමන් සතු කරගන්නට සමත්ව තිබෙනවා. Smallfoot (2018) චිත්‍රපටයෙන් ගෙන ආ යෙටී රැල්ලේ තවත් දිගුවක් විදියට මේ චිත්‍රපටය තිරගතවන්නේ එයින් හරියටම වසරකට පසුවයි. Smallfoot චිත්‍රපටයෙන් පසුව යෙටී සත්වයෙකු සහිත තවත් චිත්‍රපටයක් නිකුත්වුණා ඔබට මතක ඇති Missing Link (2019) නමින්. ඉතාම සුන්දර මනබඳින වර්ණවත් සජීවීකරණයන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය ඉතාම මතභේදකාරී එකක් බවටත් පත්වුණා මැලේසියාව සහ වියට්නාමය තුල.ඊට හේතුව තමන් සම්බන්ධවන, මුදල් යොදවන, සෑම හොලිවුඩ් චිත්‍රපටයක්ම පාහේ තම රටේ ප්‍රොපගැන්ඩාවක් කරගන්නට උත්සාහ දරන චීනය මෙහිත් හවුල්කරුවෙක් වීම නිසා. ප්‍රධාන වශයෙන්ම මැලේසියාව සහ වියට්නාමය කෝපගන්වන ආකාරයේ දෙයක් ඔවුන් චිත්‍රපටයට ඇතුලත්කරන්නට වගබලාගෙන තිබෙනවා. මැලේසියාවනම් මෙය තිරගත කරන්නට පෙරම දැක එය ඉවත්කර තිරගත කරන ලෙස නිර්මාණකරුවන්ට දන්වා ඇතත් ඔවුන් එයට එකඟවී නැති නිසා මැලේසියාව තීරණය කර තිබුණා තිරගතකිරීම අත්හිටුවන්නට . වියට්නාමය මෙය දැක තිබෙන්නේ මදක් පමාවී වුවත්, දුටු වහාම ඔවුන් චිත්‍රපටය සිනමාශාලාවලින් ඉවත්කරන්නට කටයුතු යෙදුවා. මෙම ගැටලුවේ වටපිටාව ලිපියට අදාලත්වයක් නැතත් ඔබේ දැනුම උදෙසා මම එය මෙහි සටහන් කරන්නම්.

චීනයේ ඉරි නමයේ සීමාව, ‘ ගවයාගේ දිව’ නොහොත් Nine-Dash-Line

ඔබට පෙනෙනවා ඇති ඉහත සිතියම් කොටසේ ඇති දකුණු චීන මුහුද. එහි රතු පාටින් සලකුණු කර ඇති කොටසටයි ඉරි නමයේ සීමාව නොහොත් ගවයාගේ දිව ලෙස හැඳින්වෙන්නේ.

චිත්‍රපටය තුල එය දැක්වෙන්නේ ඉහත ආකාරයටයි. ඉරි රහිතව සාමාන්‍ය සිතියම් කොටසක් පමණක් එක් කරන්නට හැකියාව තිබියදී නිර්මාණකරුවන් සිතාමතා හෝ නොදැනුවත්ව එසේ කර තිබෙනවා. ඔබට ඉහත රූපයේ දකින්නට හැකියි සුදු පැහැයෙන් ලකුණු කර ඇති ඉරි නමයේ සීමාව. මැලේසියාව වියට්නාමය පමණක් නොව මේ ගැටලුව අදාලවන පිලිපීනය තුල පවා කතාබහක් ඇතිවී තිබෙනවා ඩ්‍රීම්වර්ක්ස් චිත්‍රපට වර්ජනය කරන්නට. දැන් අපි යමු ගැටලුවේ මුලට…

ඉහත අංක 1 රූපයේ සඳහන් දකුණු චීන මුහුදු කලාපය බලවත් රටවල් කීපයක් මැද්දෙන් වැටෙන, ස්වාභාවික සම්පත්වලින් සහ මත්ස්‍ය සම්පතෙන් ගහණ, එසේම උපායමාර්ගිකවද වැදගත් ස්ථානයක් උසුලන්නක්. චීනයේ අදහස තම රට හැමවිටමත් මේ මුහුදු කලාපයෙන් විශාල ප්‍රමාණයක හිමිකරුවන්ව සිටින බවයි. චීනයේ පෙරකී ඉරි නමයේ සීමාව අනුව ගත්කල මුහුදු කලාපයේ ඇති වියට්නාමය, මැලේසියාව, පිලිපීනය වැනි රටවලට හිමිවන්නේ ඉතා පටු මුහුදු තීරයක්. ඉතිහාසය තම මතයට සාක්ෂි දරන බව පවසමින් චීනය ඉහත සිතියම නිකුත්කරන්නේ 1947 වසරේදීයි. එහෙත් වියට්නාමය, පිලිපීනය මැලේසියාව වැනි රටවල් සූදානම් නෑ චීනයේ අත්තනෝමතික මතය පිළිගන්නට.පිලිපීනය මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල පැමිණිල්ලකදීද අවසන් තීන්දුව බවට පත්ව ඇත්තේ චීනය පිලිපීනයේ ස්වෛරී අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි, ඒ 2016 වසරේදී. ඔන්න ඕක තමයි පෙරකී තහනමට මුල්වූ කතාව. දැන් අපි ආයිත් චිත්‍රපටය පැත්තට යමු.

ඉහතදී මෙයට හඬ දායකත්වය පිරිස සම්බන්ධව යමක් කීමට නොහැකිවූ නිසා එය මෙතනින් සටහන් කරන්නම්. ක්ලෝයි බෙනට් ( යී), ඇල්බට් ට්සායි (පෙන්ග්), ටෙන්සිං නෝර්යේ ට්‍රෙනෝර් ( ජින්), ජෝෂප් ඉසෝ ( එවරස්ට්), එඩී ඉසාඩ් (බර්නිෂ්), සාරා පෝල්සන් ( ආචාර්ය. සාරා), ට්සායි චින් ( අත්තම්මා), මිෂෙල් වොන්ග් ( යීගේ මව) වැනි පිරිසක් තමයි හඬ දායකත්වය දක්වන්නෙ. මෙතනින් ටෙන්සිං නෝර්යේ ට්‍රෙනොර් විශේෂයි අනිත් අයට වඩා. ඊට හේතුව එවරස්ට් කන්ද ආශ්‍රිතව තැනුන මේ චිත්‍රපටයට දායක වන්නට අවස්ථාව ලත් ඔහු පවුල් පසුබිමෙන්ද අන් අයට වඩා එවරස්ට් කන්දට සමීපත්වයක් ඉසිලීම. ඔහුගෙ නමින්ම වැටහෙන්න ඇති ගොඩක් අයට, ඔහු තමයි ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි මහතා සමග එවරස්ට් කඳු මුදුනට නැගි පළමුවැන්නා බවට පත් නේපාල ජාතික ටෙන්සිං නෝර්ගේගේ මුණුපුරා. එහෙනම් ඒ ඇතිනෙ දැන් අපි යමු කතාව පැත්තට…

චීනයේ කාර්යබහුල නගරයක තම මවත් මිත්තණියත් සමඟින් වෙසෙන යී නම් නව යොවුන් ගැහැණු ලමයෙකු වටායි මේ කතාව දිවෙන්නේ. තම පියා අහිමි ශෝකයෙන් සිටින ඇය ඒ පාළුව මකාගන්නේ මහන්සි නොබලා යම් යම් සුළු රැකියාවල නිරතවෙමින්. එයින් උපයන සුළු මුදල ඇය ඉතිරිකරන්නේ යම් බලාපොරොත්තුවක්ද සහිතවයි. ඔය අතරේ දිනයක පරීක්ෂණාගාරයකින් පැනයන සත්වයෙක් ඇයට මුණ ගැසෙන අතර මේ හමුවීම ඇයගේත් ඇයගේ මිතුරන් දෙදෙනාගේත් ජීවිතය වෙනස් කරනවා…එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

සියලු තොරතුරු අන්තර්ජාලයෙනි.

උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන අතර පෙර නිකුත්වූ ‍WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7960 වාරයක්
Available Torrents
3D bluray 1.52 GB
GET
720p bluray 864.63 MB
GET
1080p bluray 1.52 GB
GET
2160p bluray 3.98 GB
GET
720p web 862.05 MB
GET
1080p web 1.52 GB
GET
Discussion (9)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78
    2019-12-07

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Nimantha Unregistered
    iOS 11.4 UC Browser 11.3
    2019-12-07

    ස්තුතියි සහෝ… ජය වේවා..!!! ඉල්ලීම: line of duty2019, 10 minite gone2019.

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4
    2019-12-07

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78
    2019-12-07

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Android 7 Chrome 78
    2019-12-07

    Hasithata animation ekak miss wennema naha ne 😂😂😂😂

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2019-12-07

      කොහොමද, දමිත් 🙂 කොහෙද දෙයියනේ හිටියෙ මෙච්චර කල්?
      😂 ඔව් ඉතිං රූපෙන් වයස ගියාට හිතෙන් තාම පොඩිනෙ අපි, ඒ හින්ද ඇනිමේෂන් වරද්දන්නෙම නෑ.

  • Blackhammer Unregistered
    Android 9 Chrome 78
    2019-12-11

    Thanks Machan ❤️

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 66
    2020-03-12

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Pathum Nuwan Unregistered
    Android 9 Chrome 77
    2020-03-28

    Thanks brother

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 410
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved