Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Drama
  3. Fight Club (1999) Sinhala Subtitle

Fight Club (1999) Sinhala Subtitle

April 01, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.8
GENRES
DramaEnglish MoviesGenresMovies
CAST

Edward Norton, Brad Pitt, Meat Loaf, Zach Grenier

[ ලබාදී ඇති උපසිරැසිය Fight Club 10th Anniversary Edition (එනම් 2009 වසරේදී නිකුත්වූ) Blu-ray පිටපත් සඳහා පමණක් ගැලපේ ]

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ඉනුක නම් සහෝදරයෙක් කල ඉල්ලීමක් අනුව කල ටිකක් පැරණි චිත්‍රපටයක උපසිරැසියක්. මේ තමයි IMDb හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 11වන ස්ථානය අදටත් උසුලන, ඔස්කා සම්මාන නිර්දේශයක් ඇතුළුව සම්මාන 10කට හිමිකම් කියන Fight Club (1999) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම මටත් මේ චිත්‍රපටයට උපසිරැසි කිරීමේ කැමැත්තක් තිබුණා කාලයක්, ඒත් අන්තර්ජාලයේ සිංහල උපසිරැසි තිබෙන නිසා මම ඒතරම් උනන්දුවක් කලේ නෑ. කෙසේ හෝ මේ නිර්මාණයට උපසිරැසියක් අප අඩවියෙනුත් ලබාදීම වටින බව ඔහු කියූ නිසා මම තීරණය කලා මීට උපසිරැසි කරන්න. ඒ නිසා මුලින්ම ස්තූතිය ඉනුකට.

ඩේවිඩ් ෆින්චර්… මේ නම දුටු පමණින් අපිට මතකයට එන්නෙ අපව කරකවා අත්හරින්නට සමත් චිත්‍රපට ගණනාවක්. Seven (1995), Gone Girl (2014), Zodiac (2007) යනු ඊට ලබාදිය හැකි හොඳම උදාහරණ. ලොව පුරා දැඩි කතාබහට ලක්වූ සහ අදටද ලක්වන මේ Fight Club චිත්‍රපටයත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. චිත්‍රපටය නිර්මාණය වන්නේ ඇමරිකානු නවකථා රචක චක් පොලානික් 1996 වසරේදී ලියා පලකල ඒ නමින්ම යුත් නවකථාවක්.

Fight Club කෘතිය

ඔහුට මේ පොත ලිවීමේ අදහස පහලවී තිබෙන්නේත් ටිකක් අමුතු ආකාරයකට. ඔහු කඳවුරු බැඳීම සඳහා ගොස් සිටි අවස්ථාවක අසල කඳවුරු බැඳ සිටි පිරිසකගේ ඉවසිය නොහැකි ශබ්ද කිරීම් අඩුකරගන්නා ලෙස කියන්නට යාමේදී, ඔහුට සිදුවෙනවා ඔවුන්ගේ අතින් පහරකෑමට ලක්වන්නට. එයින් ඇතිවූ තුවාලද සහිතව රාජකාරි ස්ථානයට ගිය ඔහු විමතියට පත්වී තිබෙනවා එහි කිසිවෙකු ඔහුගේ තුවාල ගැන නොවිමසා ගමනේ වගවිස්තර විමසන්නට පටන්ගැනීම නිසා. මෙය ඔහු වටහාගන්නේ තුවාල සිදුවූවේ කෙසේද යන්න විමසීම මගින් ඔහු හා යම් රාජකාරි සීමාවෙන් පිටගොස් පුද්ගලික මට්ටමේ බැඳීමක් ඇතිවෙනු ඇතැයි සිතු නිසා ඔවුන් එසේ හැසිරුණු බව.

මේ Fight Club පොත තිරයට රචනා කෙරෙන්නේ Jim Uhls විසින්. IMDb වෙතින් 8.8ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 79%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 66%ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ එඩ්වඩ් නෝටන් (කථිකයා), බ්‍රැඩ් පිට් (ටයිලර් ඩර්ඩන්), හෙලේනා බොන්හැම් කාටර් (මාර්ලා), මීට් ලෝෆ් ( රොබට් “බොබ්” පෝල්සන්), සැක් ග්‍රෙනියර් (රිචඩ් චෙස්ලර්) ඇතුළු පිරිසක්. කතාව පැත්තෙන් ගත්තොත් මෙය මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු අර්ථයක් ඇති සංකීර්ණ කතාවක් නමුත් තිරයටම ඇස යොමාගෙන බැලුවොත් අධ්‍යක්ෂවරයා බොහෝ තැන්වල අපිට ඉඟි ලබාදෙනවා මෙහි ප්‍රධානම Plot twist එක කලින්ම වටහාගන්නට , එයින් ඉඟි හතරක්ම වැරදි මොහොතේ ඇසිපිය හෙලුනොත් මගහැරෙන තැන්. එසේම මේ චිත්‍රපටය හා සෙන් බෞද්ධ දර්ශනය අතර දැඩි සම්බන්ධයක්ද තිබෙනවා. එය මෙහි කියන්නට යාම රසවින්දනයට බාධාවක් විය හැකි නිසා මම එය ඔබටම වටහාගැනීමට ඉඩ හරිමින් ඒ ගැන කතාකිරීම නවත්වන්නම් මෙතනින්. මෙය විවිධ විචාරකයන් අර්ථ දක්වන්නේ විවිධාකාරයට, නරඹන ඔබටත් තමන් කැමති ආකාරයකට වටහාගන්නට පුළුවන් මෙය. හරි දැන් අපි යමු කතාව පැත්තට…

මෙහි කතාව දිවෙන්නේ නිර්නාමික අයෙක් අපව තමන්ගේ ජීවිතයේ යම් කාලපරිච්ඡේදයක් හරහා රැගෙන යන ආකාරයට. ඔහු රැකියාවෙන් රථවාහන නිෂ්පාදන අංශයට සම්බන්ධ දැඩි ලෙස ඉන්සොම්නියාවෙන් එනම් නින්ද නොයාමෙන් පීඩාවිඳින අයෙක්. ඊට ඖෂධයක් සොයාගෙන යන ඔහුට වෛද්‍යවරයාගෙන් ලැබෙන උපදෙස වන්නේ එය අසනීපයක් නොවන බවත් වේදනාව යනු කුමක්දැයි දකින්නට කැමතිනම් වෘෂණකෝෂ පිළිකාවලින් පීඩාවිඳින්නවුන් වෙනුවෙන් ඇති කණ්ඩායම් සැසිවලට ගොස් බලන ලෙසත්. ඔහු තමන්ද ඒ ඒ අසනීපයෙන් පීඩාවිඳින්නෙකු මෙන් පෙනී සිටිමින් කණ්ඩායම් සැසි බොහොමයකට සහභාගී වෙනවා. මෙහිදී ඔහුට මාර්ලා නම් තමන් කරන්නාක් මෙන්ම මේ කණ්ඩායම් සැසිවලට සහභාගි වන්නියක් මුණ ගැසීම. කෙසේ හෝ ඉන් අනතුරුව ගුවන්ගමනකදී ඔහුට මුණගැසෙන ටයිලර් ඩර්ඩන් නම් මිතුරෙකු ඔහුව නොසිතූ ගමනක් ගෙන යනවා…එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්. මතක ඇතිව වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න. පහතින් ඇති කරුණුත් වැදගත් වේවි චිත්‍රපටය නරඹද්දි.

විශේෂ :-

• Ikea nesting instinct නොහොත් යිකෙයා ගෘහභාණ්ඩ ඇබ්බැහිය

මෙසේ හැඳින්වෙන්නේ IKEA ගෘහභාණ්ඩ සමාගමේ කැටලොග්වල ඇති භාණ්ඩ නොමැතිව තම ජීවිතය අසම්පූර්ණ බවට දැඩිව විශ්වාස කිරීම. මෙය යිකෙයා ගෘහභාණ්ඩ සින්ඩ්‍රෝමය ලෙසත් හැඳින්වෙනවා. මෙතනින් බලන්න පුළුවන් 2020 වසර සඳහා නිකුත්කල Ikea ජාලගත කැටලොග් එකක්. එක්තැනක හෝචොව් කලෙක්ෂන් (Horchow Collection) ලෙස හැඳින්වෙන්නෙත් මෙවන්ම වෙනත් සමාගමක එකක්

•Valariyan root නොහොත් වැලේරියන් මුල්

මෙය ඉන්සොම්නියාව නොහොත් නින්ද නොයාමට ඔසුවක් ලෙස භාවිත වන්නක්.

• Recall coordinator (රීකෝල් කෝඩිනේටර්)

චිත්‍රපටයේ එඩ්වඩ් නෝටන් රඟන චරිතය කරන රැකියාව රථවාහන අංශයට සම්බන්ධයි. මෙහිදී රීකෝල් (Recall) කියන්නෙත් ඊට අදාල දෙයක්. රීකෝල් කියන එක සරලව පැහැදිලි කලොත් මෙය සිදුකෙරෙන්නේ රථවාහන නිෂ්පාදක සමාගම් පාර්ශවයෙන්. යම් සමාගමක් විසින් තම සමාගමේ නිෂ්පාදිත මෝටර්රථ මාදිලියක් වෙලඳපොලට නිකුත්කිරීමෙන් පසු ප්‍රායෝගික භාවිතයේදී යම් යම් දෝෂ පැණනගින්නට පුළුවන්, යම් විටෙක එම දෝෂය (යාන්ත්‍රික හෝ මෘදුකාංගමය) අදාල රථ මාදිලියටම පොදු එකක් වීමේ ඉඩකඩකුත් තිබෙනවා. එවන් අවස්ථාවල එම මාදිලියේ අලෙවිකල රථ අදාල දෝෂය නිවැරදි කිරීම සඳහා ආපසු අදාල සමාගම වෙත හෝ එහි නියෝජිතායතනයක් වෙත කැඳවීමයි රීකෝල් කිරීම ලෙස හැඳින්වෙන්නේ. රීකෝල් කෝඩිනේටර් යනු එවන් දෝෂයක් හේතුවෙන් යම් අනතුරකට හෝ හානියකට භාජනය වූ රථ විමසුමට ලක්කොට රීකෝල් කිරීමේ අවශ්‍යතාවක් තිබේදැයි තක්සේරු කිරීමේ රාජකාරිය බාර තැනැත්තායි. (යම් විටෙක මෙම රීකෝල් කිරීම් එක්තරා රටක් හෝ රටවල් කීපයක් වෙත යැවූ වාහන කාණ්ඩයක පමණක් විය හැකිය)

රීකෝල් කිරීමක් සඳහා රථ හිමිකරුවෙකුට එවූ ලිපියක්. මෙහිදී දෝෂය ලෙස සටහන්කර ඇත්තේ රියදුරු පස එයා බෑගය සම්බන්ධ ගැටලුවක්

•pilot light (පයිලට් ලයිට්)

ජල තාපකයක ප්‍රධාන බර්නරය නිවී තිබියදීත් දැල්වෙන පයිලට් ලයිට් එක දැල්වෙන අයුරු

මේ පයිලට් ලයිට් ලෙස හැඳින්වෙන්නේ ගෑස්වලින් ක්‍රියාකරන උදුන් හා ජල තාපකවල බර්නරය දැල්වීම සඳහා නිරන්තරයෙන්ම දැල්වෙමින් තිබෙන කුඩා ගෑස් දැල්ලක්. කෙසේ වෙතත් මෙය අදවනවිට විදුලි ඉග්නයිටරයක් භාවිතයෙන් තමයි බොහෝවිට සිදුවන්නේ. නිවුණු පයිලට් ලයිට් එකක් දල්වන ආකාරය මෙම වීඩියෝවෙන් බලන්නට පුළුවන්.

• රොක්ෆෙලර් සෙන්ටර්

මෙනමින් හැඳින්වෙන්නේ නිව්යෝක් සිටිහි මිඩ්ටවුන් මෑන්හැටන්හි අක්කර 22 භූමිභාගයක් පුරා පිහිටි වාණිජ ගොඩනැගිලි 19කින් සමන්විත සංකීර්ණයක්. මෙය සරලව නිවාඩු ගමනාන්තයක් ලෙස හැඳින්විය හැකියි.

• සියර්ස් කුළුණ (වර්තමානයේ විල්ස් කුළුණ)

මෙය ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ චිකාගෝහි පිහිටි මහල් 110කින් සමන්විත ගොඩනැගිල්ලක්. ඉහත ගොඩනැගිලි දෙකම ගැන සඳහන් වෙන වැදගත් කතාවක් චිත්‍රපටයේ එක් තැනකදී ටයිලර් විසින් කරනවා. චිත්‍රපටයේ පෙන්වන්නට හදන අදහස දක්වන තැනක් එය. මේ ස්ථාන දෙක මතක තබාගැනීම පහසුවක් වේවි එහිදී.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7591 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.25 GB x264
▲100 · ▼2
Magnet GET
1080p bluray 2.57 GB x264
▲100 · ▼21
Magnet GET
Discussion (9)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-04-02

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. පුළුවන් නම් මේකට සබ් දුන්න වගේ Mr. Nobody (2009) EXTENDED Bluray එකට සබ් දෙන්න බ්‍රෝ අන්ත්ජාලයේ Bluray copy එකට සබ් තියනව ඒත් EXTENDED Bluray copy එකට සබ් නෑ 😊😊

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 74
      2020-04-02

      දෙන්නම්, හෂාන්. මේ දැන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. මමත් ඇත්තටම බලල නෑ ඔය ෆිල්ම් එක.

    • Hashan M. Priyadarshana Unregistered
      Android 4.2 Android Browser 4
      2020-04-02

      බොහොම ස්තුතියි හසිත 😊😊

  • ඉනුක විජේරත්න User
    Windows 10 Chrome 80
    2020-04-02

    බොහොම ස්තූතියි.

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 80
    2020-04-02

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 67
    2020-04-02

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Kavindu Unregistered
    Windows 10 Chrome 80
    2020-04-02

    Thanks bro.. Rigor Mortis (2013) Mekatath sub dennako please mcn

    Reply
  • Janith Priyanath Unregistered
    Android 10 UC Browser 13
    2020-04-03

    Bloodshot(2019) ෆිල්ම් එකටත් සිංහල උපසිරසි දෙන්න….තෑන්ස් සබට ජය වේවා…!!!

    Reply
  • Charith Pramodya User
    Windows 10 Chrome 80
    2020-04-13

    බොහොම ස්තූතියි සහෝ..
    මේවත් ඔයාලට මග හැරුණු සුපිරි ෆිල්ම් ටිකක්..
    Date Night (2010)
    Love Other Drugs (2010)
    Keeping Up with the Joneses (2016)
    The Lost Future (2010)

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 732
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved