Becky (2020) Sinhala Subtitle
මෙවර ඔයාලා වෙත අරන් ආවෙ අලුත්ම අලුත් චිත්‍රපටයක්. තිරගතවීම ආරම්භ කලේ 2020 ජුනි 05 දිනයි. ඒ වගේම මෑතකදී තිරගතවූ සුපිරි සිනමා පට අතරට තියන්න පුලුවන් අග්‍රගණ්‍ය නිර්මාණයක්. ඒ තමයි Becky (බෙකී). මේකට සබ් හදන්න හිතකවත් තිබ්බෙ නෑ. අහම්බෙන් හම්බෙලා ෆිල්ම් එක බලන්න ගත්තා. විනාඩි 20 යනකොටම දැනගත්තා ෆිලුම පට්ට කියලා. එතකොටම හිතුනා Subz.lk රසික ඔබත් එක්ක මේක බෙදාහදාගන්න ඇත්නම් කියලා. ෆිල්ම් එක බලන එක නවත්තලා ඒ වෙලාවෙම සබ් එක හදන්න පටන්ගත්තා. සබ් එක හදන ගමන් තමයි ෆිල්ම් එක බැලුවේ. මේක ඇමරිකන් ෆිලුමක්. Actin, Thriller ගණයට තමයි වැටෙන්නෙ. IMDb අගය 5.7/10 ක්ද, Rotten Tomatoas අගය 66% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත මේ වනවිට 74% ක්ද ලබාගෙන තියෙනවා. ධාවන කාලය විනාඩි 100 යි. කෝවිඩ් 19 වසංගතය අතරේ තිරගත කිරීම ආරම්භ කරලත් මේ දින 4 ඇතුලත සිනමාශාලා 42 ක තිරගත කර ඩොලර් 178,186 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගනිමින් වාර්තාගත චිත්‍රපට අතර මුල් තැනට ඒමට සමත්වෙලා තියෙනවා.

“බෙකී හොඳ අධිෂ්ඨාන ශක්තියක් තියෙන සහ
පලිගන්නා සුලු කෙනෙක් මන් දන්න විදිහට.
ඒ වගේම ඔයා වදදීලා මරා දැම්මා
මේ ලෝකෙ එයාට සිටි එකම කෙනාව.
ඉතින් ගුඩ් ලක්.”
– කේලා (බෙකීගෙ පියාගෙ පෙම්වතිය)
“මන් උන්ට මේක අරන් යන්න ඉඩ දෙන්නෙ නෑ.”
– බෙකීගෙ අධිෂ්ඨානය –
“එක පාරක් පුංචි ගෑණු ළමයෙක් හිටියා.
එයාට පුංචි කැරලි කෙස් රොදක් තිබුණා…
හරියටම එයාගෙ නළල මැද්දෙ.
ඇය හොඳට ඉන්නකොට, ඇය හරිම, හරිම හොඳයි.
නමුත් එයා නරක් වුනාම, එයා භයානක වුනා.”
– සන්නද්ධ නිලධාරින් දෙදෙනෙක් සහ එක් රැඳවියෙක් මරා දමමින් අත් අඩංගුවෙන් පැන ගිය අපරාධකරුවන් හතර දෙනෙකුට විරුද්ධව බෙකීගෙ තර්ජනය –
කවුද මේ බෙකී? අවුරුදු 13 ක ලස්සන ගෑණු ළමයෙක්. එයාගෙ අම්මා මිය ගිහිල්ලා අවුරුද්දක් විතර වෙනවා. එයාට ඉන්නෙ තාත්තා විතරයි. ඒ ජෙෆ්. තාත්තා නැවත කසාද බඳින්න යන්නෙ කේලා කියල කෙනෙක්ව. එයාටත් පොඩි පුතෙක් ඉන්නවා. මේ හතර දෙනා සති අන්තය ගත කරන්න නගරෙන් පිටත පිහිටි බෙකීලගෙ වත්තකට යනවා. එම නිවසේදී මෙයාලව, හිරෙන් පැනලා ගිය අපරාධකරුවන් හතර දෙනෙකුගේ ග්‍රහණයට අහුවෙනවා. ඒ වෙලාවෙ බෙකී සිටින්නේ නිවස අවට කැලේ. මේ අතරෙදී බෙකීගෙ තාත්තා බෙකීගෙ ඇස් ඉදිරියේම ඝාතනය වෙනවා. මෙයාලා හොයන්නේ එක්තරා සුවිශේෂී දෙයක්. ඒක තියෙන්නෙ බෙකී ගාව. ඒත් මෙයාලට බුද්ධිමත් බෙකීව අල්ලගන්න බැරිවෙනවා. එයාලා බෙකී කියන පුංචි ළමයා ගැන හිතපු හැටි වැරදියි කියලා, ඔවුන්ගේ නායකයා ඩොමිනික් තේරුම් ගන්නකොට, එයාගෙ ඇහැකුයි, එයාගෙ සගයෙකුයි එයාට අහිමිවෙලා ඉවරයි. මේ හටන කොහොම අවසන් වෙයිද? මෙයාලා හොයන සුවිශේෂී දේ මොකක්ද? මේවට උත්තර ලබාගන්න බෙකී බලන්නම වෙනවා.
Lulu Wilson බෙකී ලෙසත්, Kevin James ඩොමිනික් ලෙසත්, Joel McHale ජෙෆ් ලෙසත්, Amanda Brugel කේලා ලෙසත් රංගනයේ යෙදෙනවා. ළමා චිත්‍රපටයක් කියලා අත අරින්න හෙම එපා. ෆිලුම ගැන යම් අදහසක් ගන්න ඉහත දෙබස් වලින් හැකිවේවි.
ජය වේවා!
Thanks jayawewa……!
බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Oyalaga site aka anthima chater wadak n.a. tv show sub denna auruddak wath yanawa.wachmen tv show akath ahamai gangs of london tv show akath sub late.godak passa wachmen akata sub dunna.me site aka wahala danna plz
niyama film ekak thanks
මචං මේ සයිට් එකේ අප්ඩේට් ගොඩක් අඩුයිනෙ ඇයි ඒ ඉස්සර නම් වෙන වෙන භාෂාවල ෆිල්ම් ගොඩක් දුන්නා ඉරාන් ෆිල්ම්ද, නෝවේජියන්ද, ස්පාඤ්ඤද, ජර්මන්ද, ප්‍රංශද එක එක භාෂාවල ඒවා.. ඒත් දැන් සයිට් එක අප්ඩේට් වෙනව හරිම අඩුයි හසිත ප්‍රසාද්ල තමෝද මල්ලිල එහෙම කෝ 😊 පුළුවන් නම් ඉස්සර වගේ සබ් කරන්න බ්‍රෝ ඔයාලගෙ වැඩත් කරගන්න ගමන්
ගොඩක් ස්තුතියි…!
දැන් පිලුම් එනවා අඩු ඇති නේද? කොවිඩ් නිසා සේරම අවුල් වෙලානෙ.
දිගටම සබ් දෙන්න.
ජයවේවා…!